”රංගන ක්ෂේත්‍රයේ ඉන්න සංවරම නිළිය මම කියලා ගොඩක් අය මට කියනවා….” – චතූ රාජපක්ෂ

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “පාරාදීසේ” ටෙලිනාට්‍යයේ ශලිනිගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය නිළියක් වෙන චතූ රාජපක්ෂ. ඇය මේ දිනවල “නා දලු වැස්ස” කියන වෙබ් සීරිස් එක හරහාත් දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට චතූ කියන්නේ රංගනයෙත් යෙදෙන අතරවාරේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන තරුණියක්. ඉතින් ඇගේ අලුත්ම විස්තර මොනවද බලන්න මෙවර චතූ රාජපක්ෂ සම්බන්ධ කරගත්තා.

මේ දවස්වල චතූ නිර්මාණ කීපයක දකින්න පුළුවන් නේද?

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන හසුන් සමීර අධ්‍යක්ෂනය කරන “පාරාදීසේ” ටෙලිනාට්‍යයේ ඉන්නවා….. ඊට අමතරව “නා දළු වැස්ස” කියන වෙබ් සීරිස් එකෙත් දකින්න පුළුවන්. ඉදිරියේ විකාශනය වෙන්න නියමිත වෙලා තියන හර්ෂ තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂනය කරන “නේත්‍රා දේවි” ටෙලිනාට්‍යයෙත් ම‍ං දකින්න ලැබෙයි….

May be an image of 1 person, smiling and suit

චතූ පුංචි කාලේ ඉඳන් හීන මැව්වේ නිළියක් වෙන්නද?

පොඩි කාලේ හීන මැව්වේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න….. මොකද ඉස්කෝලෙදි මං වැඩිපුර දක්ෂ නර්ථනයට. මට අපේ ඉස්කෝලේ හැමෝම කිව්වෙත් “නැටුම් කරන චතූ” කියලා. මට නිළියක් වෙන්න ලැබුණේ අහම්බෙන්…..

ඒ අහම්බෙන් නිළියක් වුණු අතීතය මතක් කළොත්?

2016 අවුරුද්දේ මම අවුරුදු උත්සවයක් බලන්න ගියා…. ඒකට ස්වාධීන රූපවාහිනී සේවයේ අනුර ජයසේකර අයියා ඇවිත් හිටියා. එයාගේ කැමරා ෂොට් කීපයකට මාව අහුවෙලා මගේ ළඟට ඇවිත් ඔයා රඟපාන්න කැමතිද ඇහුවා…. නැටුම් ටීචර් කෙනෙක් වෙන්න හීන දැකපු මම හිතපු නැති විදිහට අහම්බෙන් නිළියක් වුණේ එහෙමයි….. වී.ශිවදාශන් අධ්‍යක්ෂනය කළ “පාටක් නැති ආදරයක්” චිත්‍රපටයේ තමා මුලින්ම රඟපෑවේ.

May be an image of 1 person, television, newsroom and text that says 'LVE SRI LAN'

ඔබ රඟපෑ “බන්ධනා” ටෙලිනාට්‍යය ඔබේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා කිව්වොත්?

බුද්ධිනී ජයවර්ධන අක්කා අධ්‍යක්ෂණය කරපු ඒ ටෙලිනාට්‍යයත් එක්ක පසුගිය වසරේ ප්‍රසිද්ධ සම්මාන උළෙල වල වසරේ ජනප්‍රියම නිළිය සහ නැගී එන නිළිය වගේ සම්මාන සඳහා මට නිර්දේශ වෙන්න අවස්ථාව ලැබුණා.

ගැමි චරිත වලට රඟපාන්න ආසයි කියන්නේ ඇත්තද?

ඇත්තටම ඔව්…… මං ආසයි රෙද්දයි හැට්ටෙයි ඇඳලා රඟපාන්න. ඒ වුණාට එහෙම චරිතයක් තාමත් ලැබිලා නෑ….. ඉදිරියේදි එහෙම චරිතයක් කරන්න ලැබුණොත් ආසාවෙන් බාරගන්නවා…..

May be an image of 2 people, beard and people smiling

චතූ කියන්නේ රංගනයට යම් යම් සීමා මායිම් දාගෙන ඉන්න නිළියක්ද?

සීමා මායිම් ටිකකුත් දාගෙන ඉන්නේ…. ගොඩක්ම අඳින ප‍ලඳින එකට තමයි. ඒ කියන්නේ මම අනවශ්‍ය විදිහට ඇඟ නිරාවරණය වෙන විදිහට අඳින්න පලඳින්න එහෙම කැමැති නෑ…..

රංගන ක්ෂේත්‍රයේ ඉන්න නිළියන් අතරින් සංවරම නිළිය චතූද?

ඒක නම් අනේ මන්දා….. ඒත් ඔය කතාව ගොඩාක් අය කියනවා.

May be an image of 1 person

ඔබ අඳින පලඳින විදිහත් එක්කයි අපට එහෙම හිතෙන්නේ?

ඒක මෙහෙමයි….. ම‍ම කවදාවත් අනවශ්‍ය විදිහට ඇඟ නිරාවරණය වෙන්න ඇඳුම් අඳින්නේ නෑ. මං සාමාන්‍යයෙන් ෆැෂන් කරන්නේ මගේ චරිතයට කිසි හානියක් නොවෙන්න…. ඒක නිසාම එහෙම පේනවා ඇති. හැබැයි කොහොමත් චතූ රාජපක්ෂ සංවරයි.

නවක නිළියෝ බොහෝමයක් දැන් රංගන ක්ෂේත්‍රයට ඇවිත්…. අභියෝගයක් නේද?

අපි අපේ වැඩේ හරියට කළොත් කොයි තරම් නවකයෝ ආවත් අභියෝගයක් වෙන්නේ නෑ…. මං හිතනවා මං අද එතැන ඉන්න නිළියක් කියලා.

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් ඔබ කටයුතු කරනවා. ඒ ගැන කිව්වොත්?

ඔව්…. මේ වෙනකොට මම රාත්‍රි ප්‍රවෘත්ති කියනවා….

No photo description available.

වැඩ්පුරම ලේසි රඟපාන එකද? ඒ නැත්නම් ප්‍රවෘත්ති කියන එකද?

දෙකම ලේසි නෑ….. හැබැයි ප්‍රවෘත්ති කියන එකට වඩා රඟපාන එක ලේසියි.

චතූට එහෙම කියන්න හේතුවකුත් ඇති මං හිතන්නේ?

රඟපානකොට අපට ඕන විදිහට චරිතේ හදාගන්න පුළුවන්….. ඒ වගේමයි සැරයක් වැරදුනොත් ආයෙත් කරන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා….. ඒත් වැඩි ග්‍රාහක පිරිසක් බලාගෙන ඉන්න අවස්ථාවකදි සජීවී ප්‍රවෘත්ති කියද්දි ඒ දේවල් කිසිවක් කරන්න බෑ. කොටින්ම අකුරක් වැරදුනත් ඒකත් ගැටලුවක්. ඒකයි එහෙම කිව්වේ.

චතූගේ පවුලේ වෙන ඉන්නේ කවුද?

අම්මා, තාත්තා, අක්කා, මල්ලි, නංගි මට ඉන්නේ….. මගේ හයිය එයාලා තමයි.

ඔබ විවාහකයි. සැමියාගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැනත් කියමු නේද?

එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය වෙන්නේ මට රඟපාන්න උපරිම නිදහස දෙන එක….. ඒ කියන්නේ ඔහු කවදාවත්ම මගේ රංගනයට නීති දාන්න ඇවිදින් නෑ…..

No photo description available.

No photo description available.

✍️ Ruwan S Senavirathna

 

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 46 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 521 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 106 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 875 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 190 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 839 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්