දෙවැනි පාරටත් උසස් පෙළ විභාගය දවස් 3කින් කල් යයි – විභාග කොමසාරිස් ජනරාල් විශේෂ මාධ්‍ය හමුවක.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක්..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවය.

පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 6 ක් සහ අතුරුදන් වීම් 6 ක් වාර්තා වේ. නිවාස 82 ක් සම්පූර්ණයෙන් ම විනාශයි.

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන්, මේ දක්වා පුද්ගල මරණ හයක් සිදු ව ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, අතුරුදන් වීම් හයක් ද වාර්තා වේ.

පුද්ගල මරණ වාර්තා වී ඇත්තේ පුත්තලම, බදුල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලිනි.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 330,894 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, දැඩි සුළඟ සහ නායයාම් වැනි හේතු මත සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිවාස ගණන 82 කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports