අපි ජනප්‍රිය වුණේ ඇඟ පෙන්වලා නෙමෙයි – පබා

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන රීකන්ඩිෂන් කෙල්ල ගැන හැමෝම වගේ කතාබහ වෙනවා. රීකන්ඩිෂන් කෙල්ලගේ සිහිනය සැබෑ කරන්න යන්නේ සචී. සවී ලෙසින් ඔබ හමුවට එන ඇය නමින් උපේක්ෂා ස්වර්ණමාලී. මෙයාට ගොඩක් දෙනෙක් කතාබහ කරන්නේ පබා කියලා. ඉතිං අද දවසේ අපි පබා එහෙමත් නැතිනම් උපේක්ෂා සමග ටික්ක වෙනස්ම විදිහේ කතාබහක නියැළුණා.

රීකන්ඩිෂන් කෙල්ලට මොඩ්ලින්, ඩාන්සින් උගන්වල ඒකට ලැබෙන ප්‍රතිචාර ?

හොඳයි. ඉතාමත් ඉහළයි. මම ඒ වගේ චරිතයක් මීට කලින් කරලා නැහැ. ඒ උත්සාහයේ යම් ප්‍රතිඵලයක් තියෙනවා කියලා පුංචි සතුටක් තියෙනවා.

යුරේනිගෙන් ලැබෙන සහයෝගය?

සිරස ඩාන්සින් ස්ටාර් කරන කාලේ ඉඳලා අපි දෙන්නා අඳුරන්නේ. හැමදාමත් මාත් එක්ක හරි සුහදව ඉන්න රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍යයක අපි දෙන්නා එකට වැඩකරන පළමුවැනි වතාව.

රීකන්ඩිෂන් කෙල්ලව හම්බවුණේ කොහොමද?

මම සුපුන් රත්නායකගේ තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ රඟපානවා දැකලා තමයි අධ්‍යක්ෂවරයා මට ආරාධනාවක් කළේ. මම මීට කලින් ඒ අධ්‍යක්ෂවරයා අඳුරන්නේ නැහැ. මගේ චරිතය සහ මෙහි රඟපාන නළු නිළියන් ගැන කිව්වහම මම ඒ චරිතය භාරගත්තා.

මොනවාද අලුත් වැඩකටයුතු ?

ලංකාවේ නවක දමිළ අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක රඟපෑම් වැඩකටයුතු භාරගත්තා. චිත්‍රපටයේ නම CASE 447, ඔය අතරේ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ අලුත් ටෙලි නාට්‍යයක ආරාධනාවක් භාර අරගෙන තියෙනවා.

ඔය අතරේ රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ?

හොඳයි. මගේ පළමුවැනි වේදිකා නාට්‍යය. නාට්‍යය බලපු අයගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. හැබැයි ඉතිං මූණට විතරක් හොඳ කියලා ඉන්නවාද කියන්න දන්නේ නැහැ. මම පොඩ්ඩක් බයේ හිටියේ. මොකද කුවේට්වල මම වේදිකාවේ වැඩ කරලා තියෙනවා. නමුත් ලංකාවේ වේදිකාව ගොඩක් වෙනස් කියලා මම හිතුවේ. ඒ කොහොම වුණත් වෙනස්ම ආකාරයේ ප්‍රතිචාර ටිකක් ලැබුණා.

ජීවිතයේ පළමු වතාවටද වේදිකා නාට්‍යයක් භාරගත්තේ ?

ජීවිතයේ පළමු වතාවට නෙමෙයි, කුවේට්වල හිටියේ වේදිකාවේ. ලංකාවේ දී පළමු වතාවට තමයි වේදිකා නාට්‍යයක් භාරගත්තේ. එතැනදී ටෙලිනාට්‍ය කරල කරලා වේදිකාවේ තිබෙන වෙනසත් එක්ක බයත් හිතුණා. හැබැයි අධ්‍යක්ෂතුමාගේ ඉවසීමත් වගේම එහි අනෙක් නළු නිළියන්ගෙන් ලැබුණු සහයෝගයත් එක්ක මම ඒ අභියෝගය ජයගත්තා.

රොම්බ තෑන්ක්ස් එක්ක රටවටා යන්නද සූදානම?

අපි නුවර දර්ශන වාරයක් පැවැත්වුවා. මැතිවරණය හින්දා අනෙක් දර්ශන වාරවල දින වෙනස් වුණා. එළැඹෙන දෙසැම්බර් මාසයේ දර්ශන වාර කිහිපයක් සංවිධානය වෙලා තියෙනවා.

දැන් නර්තන සහ ගායන ප්‍රසංගවලට ලැබෙන ආරාධනා අඩුද?

දේශපාලනය කරන්න කලින් මට ලංකාවේ වගේම විදෙස් රටවල ගොඩක් නර්තන සහ සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබිලා සහභාගිවෙලා තියෙනවා. මම දේශපාලනය කරලා නිහඬව හිටපු එකත් එක්ක ඒ පැත්තෙන් ලැබෙන ආරාධනා ගොඩක් අඩුවෙලා තියෙනවා. ඒ ගැන මට කනගාටුවක් නැහැ. මොකද මම දේශපාලනය කරපු හින්දා මට ඇතිවුණ පාඩුවක් කියලා හිත හදාගෙන ඉන්නවා.

දේශපාලනය හින්දා ගොඩක් දේවල් නැතිවුණා ද?

පැහැදිලිවම. කපටිකමයි අවස්ථාවාදීකමයි තිබුණා නම් යම් යම් අය වගේ තියෙන බලය අයුතු ලෙස භාවිතා කරලා ඒක එහෙට මෙහෙට කරගන්න තිබුණා. නමුත් මම එහෙම කරපු නැති හින්දාම පොඩි නිහඬ බවකින් ගමනක් යනවා.

දේශපාලනය කරන්න ගිහිල්ලා ගේම් ගැහැව්වේම නැතිද?

එහෙම ගේම් ගැහැව්වා නම් මම මෙහෙම නෙමෙයිනේ ඉන්නේ. ඒක බොහොම පැහැදිලියි. හැබැයි මට එක සතුටක් තියෙනවා. වර්තමානයේ මාධ්‍ය සහ දේශපාලනය කියන කාරණා වෙනස් වෙමින් පවතිනවා. මොනවා වුණත් ගේම් ගහලා තියෙනවා නම් මට මෙහෙම වෙන්නේ නැහැනේ.

ගොඩක් කලාකරුවන්ට මෙවර දේශපාලනයට එන්න ආරාධනා ලැබුණා. උපේක්ෂාට ආරාධනා ආවේ නැතිද?

ආරාධනා ඉතිං මට විතරක් නෙමෙයි දේශපාලනයට පොඩ්ඩක් හේත්තු වෙච්ච ගමන් මැතිවරණයක් එනකොට, ඒ ආරාධනාව හැමෝටම වගේ එනවානේ. ඒක විශේෂ දෙයක් නෙමෙයි. හැබැයි මම ඒ ආරාධනා භාරගන්නේ නැහැ.

කොහොමද නර්තන වැඩකටයුතු එහෙම?

රිදී රැයක්, සිහින රැයක් වගේ වැඩසටහන්වලට ආරාධනා තියෙනවා. ඊට අමතරව නම් විශේෂ දෙයක් නැහැ. හැබැයි ඉතිං මහලොකුවට ආඩම්බරයෙන් කියන්න දෙයකුත් නැහැ. අඬගැහැව්වත් ස්ටේජ් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න තියෙන ආරාධනා තමයි හම්බවෙන්නේ. ඇත්තටම ඒක හරි ඛේදවාචකයක්.

ඉස්සර වගේ නර්තනයට ආරාධනා නැතිද?

දෙසැම්බර් මාසයේ අපිට ප්‍රසංග තියෙනවා. කොට ඇඳුමක් ඇඳගෙන ආවට පස්සේ එයාව නලියවන නර්තන අපි දකිනවා. වැදගත් ඇඳුමක් ඇඳගෙන ලස්සන නර්තනයක් කරන්න තියෙන අවස්ථා අපිට හරි අඩුයි. ඒ චෝදනාව මම එල්ල කරනවා. අන්තිමේ අපිත් මෙතැන අවුරුදු දහඅටක් විතර ඉඳලා යම් තරමකින් එක තැන පල්වුණ කලාකරුවො බවට පත්වෙලා තියෙනවා. මේක ලංකාවට විතරක් ඇතිවුණ ඛේදවාචකයක්. ලෝකයේ වෙනත් රටවල එහෙම නැහැ.

අද කාලේ නර්තනයේදී ශෘංගාරයද මාර්කට් කරන්නේ ?

ඔව් ඉතිං. ඒක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ලංකවේ ටේ‍රන්ඩින් වීඩියෝ ගත්තහම කාගේ හරි ඕපාදූපයක්, මොකක් හරි මඩ ප්‍රචාරයක් එහෙමත් නැතිනම් කාගේ හරි ඇඳුමක්, කාගේ හරි හෙළුවක් වගේ දෙයක් තිබුණොත්නේ මිනිස්සු ටේ‍රන්ඩින් වෙවී බලන්නේ. අනෙක් අය තමන්ට තියෙන දේ කරගෙන ඔහේ නිහඬව පාඩුවේ ඉන්නවා. මම අර මුලින් කිව්ව වීඩියෝවලට වීව්ස් වැඩිකරන ප්‍රේක්ෂකගාරයකුත් ඉන්නවානේ. ඒක ඉලක්ක කරන පිරිසකුත් කේෂ්ත්‍රයේ ඉන්නවනේ.

බොරු කියන්න ඕනෑ නැහැනේ. අපි පබා කරන කාලයේ අන්තර්ජාලය තිබුණේ නැහැ. එතකොට අපිට ඕවා අදාළ වුණෙත් නැහැ. අපි ඇඟ පෙන්නලා නෙමෙයි ජනප්‍රිය වුණේ. ඇඟ පෙන්නීම වැරැද්දකුත් නෙමෙයි. බාහිර කාරණා සියයට අනූව ගැන තැකීමක් නැතිව අර සියයට දහය මුල් කරගෙන යන ක්‍රමයක් තියෙනවා කියලා තමයි මම කියන්නේ.

සමාජ මාධ්‍ය ඇතුළේ උපේක්ෂා කැපී පෙනෙන චරිතයක් නෙමෙයිද?

නැහැ. නැහැ. කැපී පෙනෙන්න කියන්නේ මම ඇඟ පෙන්වන්නේ නැහැ. බොරුවට දඟලන්නෙත් නැහැ. සෝෂල් මීඩියාවල ඉන්න අය හැම තිස්සේම කැමරාව ඔන් කරගෙන ඉන්නේ. ඒ අයට මම වැරදි කියන්න යන්නේ නැහැ. ඒ අය එහෙම කරලා සල්ලි උපයන්න පුළුවන්. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණ කරා යද්දි ඒ ගමන සාර්ථකයි. නමුත් කර්මාන්තයක් විදිහට මේ කේෂ්ත්‍රය අසාර්ථකයි.

පබා හිට් වුණේ කිසිම සෝෂල් මීඩියා එකක් නැති කාලේ කියලාද කියන්නේ ?

පබා විතරක් නෙමෙයි ඒ නාට්‍ය ජාලයම එහෙමයි. බට්ටි, මුතු කිරිල්ලී, ඉතිං ඊට පස්සේ වගේ නාට්‍ය රැසක්ම තිබුණා. එතැන තනිකරම හැකියාව මුල්කරගෙනනේ නිර්මාණ බිහිවුණේ. අඩුපාඩු තිබුණා, නැතිවාම නෙමෙයි. නමුත් අදට සාපේක්ෂව හැකියාවට මුල්තැන දීලා තියෙනවා කියලා හරි පැහැදිලියිනේ.

අද ඉතිං මේකප් නාගෙන පිරිමි ළමයින්ගේ කොණ්ඩත් ගැහැණු ළමයින්ගේ වගේ කෙලින් කරගෙන. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ සංස්කෘතිය කියලා.

අද ගොඩක් නිර්මාණ බූස්ට් කරලා නේද ටේ‍රන්ඩින් වෙන්නේ ?

හරිම බේදවාචකයක්. බාල ගණයේ වගේම අයුතු ලෙස මේකේ නියැළෙන අය හිටියාමයි කියලා කියමුකෝ. ඊට විරුද්ධව හරිහමන් නිර්මාණ බිහිවෙන්නේ නැති ගැටලුව තමයි තියෙන්නේ.

දැන් ඇමරිකාව ගත්තොත් වැඩහිටියන්ට පමණයි නිර්මාණ කර්මාන්තය හරි ප්‍රබලයි. හැබැයි ඔවුන්ගේ සිනමාව ඊට වඩා ප්‍රබලයි සහ ඔවුන්ගේ වේදිකාවත් ප්‍රබලයි. අන්න ඒක තමයි වෙන්න ඕනෑ. නමුත් අපේ කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ බාල ගණයේ දේවල් මිසක් ගුණාත්මක දේවල් නෙමෙයි. ගුණාත්මක දේවලුත් නිර්මාණය වෙනවා.

ලංකවේ අති දක්ෂයි කියලා කියන්න පුළුවන් නිර්මාණකරුවෝ ඉන්නවා. එහෙනම් ඇයි අර තමන් කන බොන දේ පෙන්න පෙන්න යන එන තැන් පෙන්න පෙන්න ඇඳුම් පෙන්න පෙන්න සෝෂල් මීඩියා එකේ ෆිල්ටර් ගහ ගහා තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම වසන් කරගෙන බොරු ජීවිතයක් මවාගෙන සමාජ මාධ්‍ය හරහා රටට පෙන්වන්න හදන්නේ. ඒවා කරන බහුතරයකට සෝෂල් මීඩියා වීව්ස් බහුතරයක් තියෙන හින්දා බහුතරයක් නිර්මාණ හම්බවෙනවා. එතකොට එතැන මොකක්ද මේ වෙන්නේ කියන ඛේදවාචකය තියෙනවා.

ඒවා සාපේක්ෂව බැලුවහම අපි පබා කරන කාලේ අපෙන් කවුරුවත් ලිංගික අල්ලස් කියන දේවල්වලට අහුවුණේ නැහැ. අනික එවැනි යෝජනාවක්වත් ආවේ නැහැ. මේක හරිම සුන්දරව ගලාගෙන ගිය කේෂ්ත්‍රයක්.

කේෂ්ත්‍රය ගැන කලකිරීමක් තියෙනවාද?

පැහැදිලිවම. මම ඒ ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකක් හරි මෝඩකමකටද කියලත් වෙලාකවට හිතෙනවා. නමුත් බලාපොරොත්තුවක් තියෙනවා මේක ගොඩගන්න පුළුවන් කියලත්. අනික අද වෙනකොට රටේ ලොකු දේශපාලන පෙරළියකුත් වෙලා තියෙන හින්දා රට සුබවාදී පැත්තකට හැරිලා මේ සියල්ල වෙනස් වේවි කියන විශ්වාසයකුත් තියෙනවා.

දිනේෂ් විතාන

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 30 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 63 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 610 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 81 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 934 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1301 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…