ආදරේ කියන්නේ එකිනෙකාගේ විශ්වාසය රැකීමයි..!

මනෝජා ප්‍රනාන්දු කියන්නේ නිරන්තරයෙන් පුංචි තිරයෙන් දකින්න නොලැබුණත් මතකයේ රැඳෙන නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරේ දිනා ගන්නට සමත් සුන්දර රංගන ශිල්පිනියක්. ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙන්න නියමිත ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ සසංකාරා නාට්‍යය තුළින් නැවත මනෝජාව දකින්න ලැබෙනවා. ඒ ගැන සහ මේ දිනවල මනෝජා වේදිකාවේ ගත කරන ජීවිතේ ගැන රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ.

මේ දවස්වල මොනවද කරන්නෙ?

මේ දවස්වල අපියෞවන සම්මාන උලෙළට කෙටි නාට්‍යයක් කළා. කාසියට ගහක් කියලා. එහි පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. ඒක වේදිකාගත වෙන්නේ දෙසැම්බර් 27 ලුම්බිණි රඟහලේ. අවසාන තරගය වෙනුවෙන් පුහුණුවීම් කරනවා. කාසියට ගහක් අධ්‍යක්ෂණය කරන්නේ සුමුදු තෙන්නිආරච්චි. මම සහ ඔවින් බණ්ඩාර තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඉදිරියේදී අපි සූදානම් කරගෙන තියෙනවා සින්තටික් හැන්දෑව නමින් කෙටි නාට්‍ය හතරක් පෙන්වන්න. ඒ සඳහාත් කාසියට ගහක් කෙටි නාට්‍යය ඇතුළත් වෙනවා.

කාලෙකට පස්සේ ඉදිරියේදී ටෙලි නිර්මාණයකින් දකින්න ලැබෙනවා, ඒ ගැන කතා කළොත්?

ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ සසංකාරා කියන ටෙලි නිර්මාණය තමයි එන්න තියෙන්නේ. එය විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනියේ. ඒ නාට්‍යය මීට වසරකට පෙර රූගත කරපු නිර්මාණයක්.

එහි ඔබේ භූමිකාව ගැනත් කියමු?

මගේ භූමිකාව වෙන්නේ ධම්මි කියන චරිතය. ධම්මි කියන්නේ ඉතාම තරුණ වියේ ඉන්න නැවුම් බලාපොරොත්තු තියන් ඉන්න චරිතයක්. දැනට ඔය ඇති. නාට්‍යය විකාශය වෙද්දී මීට වඩා දේවල් අපිට කතා කරන්න පුළුවන් වෙයි.

කාලෙකට සැරයක් මනොජාව දකින්න ලැබෙන්නේ. ඒ ඇයි?

ඒකට හේතුව මම නිර්මාණ තෝරා බේරා ගැනීම සහ ඒ තෝරා බේරා ගන්නා නිර්මාණ ප්‍රමාණය අඩුවීම. ඒ නිසා තමයි බොහෝ කාලයකට සැරයක් ටෙලි තිරය හරහා ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙන්නේ.

මේ තරම් චරිත තෝරන්නේ ඇයි?

මම නිර්මාණයක් භාර ගන්න කලින් ඒ පිටපත හොඳින් කියවලා එහි අධ්‍යක්ෂවරයා සහ ඉන්න කාස්ට් එක අනුව මම තීරණය කරන්නේ ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවාද නැද්ද කියලා. අවස්ථා දෙකකදී වගේ මට බැහැ කියන්න බැරිම අවස්ථාවල නිර්මාණ වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැරෙන්න මම තෝරා බේරා ගැනීමක් කරද්දී ඉන්න පිරිස ගැන පවා හිතලා බලලා තමයි චරිත භාර ගන්නේ.

චරිතයක් තෝරා ගනිද්දී ,මොනවද සලකා බලන්නේ?

මම චරිත තෝරන්නේ නැහැ. මම හිතනවා මම සම්බන්ධ වෙන නිර්මාණයක ඕනෙම චරිතයක් කිසිම අභියෝගයකින් තොරව කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හිතන්නේ ඒක රංගන ශිල්පිනියකට තිබිය යුතු ලක්ෂණයක්. ඒ නිසා චරිතයකට එහා ගිහින් නිර්මාණය තේරීමක් තමයි කරන්නේ.

රංගනය කියන්නේ ඔබේ වෘත්තිය නෙවෙයි ද?

රංගනය කියන්නේ දැනට මගේ වෘත්තිය. නමුත් පසුගිය කාලේ සිදුවුණු සිදුවීම් එක්ක වෘත්තීය මට්ටමින් කරන්න ආමාරු තත්වයක් තමයි ලංකාවේ උදා වෙලා තියෙන්නේ. ඒක මට විතරක් නෙවෙයි මම ඇතුළු අපේ ශිල්පීන් ශිල්පිනියන් හැම කෙනෙක්ටම වෘත්තීය මට්ටමින් කරන්න පුළුවන් තත්ත්වයක් තාම හැදිලා නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වෘත්තීය මට්ටමින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සැකසෙයි කියලා.

සිනමාවෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

සිනමා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. මගේ තිරගත වන කු සිනමා නිර්මාණය වෙන්නේ තිරගත වෙන්න නියමිතයි ‘මංකි මෑන්‘.

මංකි මෑන් ගැනත් අපි විස්තර ටිකක් කියමුද?

මංකි මෑන් හි ප්‍රධාන භූමිකාව විදිහට කලණ ගුණසේකර සහ ලක්ෂ්මන් මෙන්ඩිස්. මංකි මෑන් කියන්නේ තරිඳු දේශප්‍රියගේ කුලුඳුල් සිනමා නිර්මාණය.

නිළියක් නොවුණා නම් මනෝජා කවුරු වෙන්න තිබ්බද?

නිළියක් නොවුණා නම් නීතිඥවරියක් වෙන්න තිබ්බා. පොඩි කාලේ ඉඳන් තර්ක කිරීමේ හැකියාව තිබ්බා. අදටත් ගෙදරින් කියනවා නීතිය පැත්තෙන් ඉගෙන ගන්න කියලා. හැබැයි මගේ නම් දැනට එහෙම බලාපොරොත්තුවක් නැහැ.

ආදරේ කියන දේ කියවා ගෙන තියෙන්නේ කොහොමද?

මට අනුව මම හිතන්නේ ආදරේ කියන්නේ එකිනෙකාගේ ගෞරවය රැකීම. එකිනෙකාට අවංකවීම සහ විශ්වාසය රැකීම. නමුත් අද කාලේ ඒ ටික හොයාගන්න අමාරුම දේවල්.

ප්‍රේක්ෂක ආදරේ ගැන මොකක් ද කියන්න තියෙන්නේ?

ප්‍රේක්ෂක ආදරේ කියන්නේ ඇත්තටම හරි වටිනවා. මම විශ්වාස කරනවා ඕනෙම කලාකරුවෙක්ට ලොකු හයියක්. ඒක අපිට ලැබෙන හොඳ මෝටිවේෂන් එකක්.

ජායාරූප – සමල් බණ්ඩාර
අනුෂා රණසිංහ

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 17 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 315 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 84 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 821 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 172 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 815 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්