දෙවැනි වරටත් පිය පදවිය හිමි කරගත් රෝහිත් ෂර්මා.

ඉන්දියානු ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ගැන සතුටුදායක පුවතක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එනම් ඔහු දෙවැනි වතාවටත් පිය පදවි ලබා ඇති බව යි.

රෝහිත්ගේ බිරිඳ වන රිතිකා සාජ්දේ ඔවුන්ගේ දෙවැනි දරුවා බිහි කළේ පසුගිය 15 වැනි දින යි. මෙම දෙවැන්නා පුතෙකු බවයි වාර්තා වන්නේ.

මේ දෙදෙනාගේ පළමු දරුවා දියණියක්. ඇගේ නම සමයිරා. ඇය උපත ලැබුවේ 2018 දෙසැම්බර් 30 වැනි දින යි. රෝහිත්- රිතිකා දෙදෙනා නැවතත් දරු සුරතල් බලන්නේ එයින් වසර හයකට පසුවයි. දරු උපත සිදුව ඇත්තේ මුම්බායිහි රෝහලක බවත් සඳහන් වෙනවා. රිතිකා ගැබ්බරව සිටින බව ඔවුන් අවසන් මොහොත දක්වාම ප්‍රසිද්ධියට පත් කර නොතිබුණු බවත් සඳහන්.

පුතුගේ උපත ගැන සඳහන් කරමින් පසුගියදා රෝහිත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබා තිබුණා. ඔහුත්, බිරිඳ රිතිකාත්, දියණිය සමයිරාත්, අලුත් අමුත්තාත් දැක්වෙන අපූරු චිත්‍ර සටහනක් එහි දකින්න ලැබුණා. රෝහිත්- රිතිකා දෙදෙනාගේ හිත මිතුරන් ද, රසික රසිකාවියන් ද මෙම ආරංචියෙන් මහත් සතුටට පත්ව සිටි ආකාරය සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ ප්‍රතිචාරවලින් දැකිය හැකි වුණා.

මේ වනවිට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ඕස්ට්‍රේලියාවේයි. ඔවුන් එහි ගියේ එරට පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. බෝඩර්-ගවස්කාර් කුසලාන තරගාවලිය නමින් හැඳින්වෙන මෙහි පළමු තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ 22 වැනි දිනයි. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේයි මෙම තරගය පැවැත්වෙන්නේ.

සිය බිරිඳ දරු පූසූතියට සූදානම් වෙමින් සිටි නිසා රෝහිත්ට කණ්ඩායමේ සෙසු සගයන් සමඟ ඕස්ට්‍රේලියාව බලා යාමට හැකි වුණේ නැහැ. සමහර විට ඔහුට පළමු තරගයට සහභාගි වීමට නොලැබෙනු ඇති බවටත් ඒ වනවිට තොරතුරු පළ වෙමින් තිබුණා.

මේ වනවිට 37 වැනි වියෙහි පසුවන රෝහිත් රිතිකා සමඟ විවාහ වුණේ 2015 දෙසැම්බර් 13 වැනි දින යි. ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වූයේ දිගු කාලීන ඇසුරකට පසුව බවත් පැවසෙනවා. රෝහිත් සහ රිතිකා පළමු වරට මුණ ගැසී තිබුණේ එක්තරා වෙළෙඳ දැන්වීමක රූපගත කිරීමකදී යි. රෝහිත් ද මෙම දැන්වීමෙහි පෙනී සිටියා. නමුත් රිතිකා එයට සහභාගි වී තිබුණේ එම රූගත කිරීමට සම්බන්ධ සමාගමක කළමනාකාරිනියක හැටියට යි. ඇය රෝහිත් හඳුනාගැනීමට කලකට පෙර සිටම ක්‍රීඩාවලට සම්බන්ධ (Event Management) සමාගමක කළමනාකාරිනියක ලෙස කටයුතු කර තිබුණා. ඒ නිසා ඇය ක්‍රිකට් ක්ෂේත්‍ර‍රයේ බොහෝ දෙනා දන්නා චරිතයක් වුණා.

ඉහත කී පළමු හමුවෙන් පසු මිතුරන් බවට පත් වූ ඔවුන්ගේ එම ඇසුර කෙමෙන් ආදර සම්බන්ධයක් බවට පත් වූ අතර වසර හයක් ඔවුන් පෙම්වතුන් ලෙස ඇසුරු කළ බව පැවසෙනවා. මේ දෙදෙනාගේ විවාහ උත්සවය පවත්වා තිබුණේ මුම්බායිහි පිහිටි Taj Lands End නමැති සුඛෝපභෝගී හෝටලයේ යි. එයට ක්‍රිකට් සහ සිනමා ක්‍ෂේත්‍රවල ජනප්‍රිය චරිත රැසක් ද සහභාගි වී තිබුණා. ඒ වනවිට රෝහිත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කරමිනුයි සිටියේ. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයකු වන මුකේෂ් අම්බානි මෙම කණ්ඩායමේ හිමිකරුවකු බව රහසක් නොවෙයි. රෝහිත් සහ රිතිකා විවාහ වූ අවස්ථාවේ අම්බානි ඔවුන් වෙනුවෙන් වෙනම සාදයක් පැවැත් වූ බවත් සඳහන්.

මේ වනවිට රෝහිත් නායකත්වය දරන්නේ ඉන්දියාවේ ටෙස්ට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ පමණ යි. මාස කිහිපයකට පෙර ඔහු විස්සයි විස්ස තරගවලට සමු දුන්නා. නමුත් ඊට පෙර ඔහු එම කණ්ඩායමටත් සාර්ථක නායකත්වයක් ලබා දුන් බව රහසක් නොවෙයි. ඉන්දියාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේත් රෝහිත්ගේ නායකත්වය යටතේ යි. ඔහු විස්සයි විස්ස තරගවලින් සමුගත්තේ ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ විගසම වාගේ යි. ඒ පසුගිය ජුනි මාසයේ යි.

ආර්ථික අපහසුකම්වලින් පීඩා විඳි පවුලක උපන් රෝහිත් දුෂ්කර ළමා වියක් ගත කළ කෙනෙක්. ඔහුගේ පියාට බොහෝ ආර්ථික ගැටලු තිබූ නිසා කුඩා කාලයේ රෝහිත්ව හදාවඩාගෙන තිබුණේ ඔහුගේ සීයලා ආච්චිලා සහ මාමලා බව පැවසෙනවා.

කසුන් අරවින්ද

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 6 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 306 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 83 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 820 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 171 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 813 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්