ලෝකෙ කොහේ ගියත් ලංකාවෙදි දැනෙන ඒ හැඟීම දැනෙන්නේ නෑ

ඇය නමින් සංජානා ගමාරච්චිය. දිවිතුරා ටෙලි නිර්මාණයේ ටීනාගේ චරිතයට පණ පොවමින් ඔබේ ආදරය දිනූ දඟකාර, හුරුබුහුටි රංගන ශිල්පිනිය ඔබට අමතක නැතුව ඇති. හිටි හැටියේම පුංචි තිරයේ දකින්න නොලැබුණු ඇය ගැන නොයෙක් ආරංචි ලැබෙන්නට පටන් ගත්තේ ද ටීනා ලෙසින් බොහෝ සේ ජනප්‍රිය කාලයේය. සංජානා ලංකාව අතෑරලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්. ලැබුණ තොරතුර නිවැරැදිය. ඇය ගැන ආරංචියක්වත් නැතිව ගෙවුණු කාලය දිගු විය. ‘සංජානා ලංකාවට ඇවිත්‘ මේ පසුගියදා ලැබුණු ආරංචියකි. දිගු නිහැඬියාවකින් පසුව ඇය පැමිණ ඇතැයි ලැබුණු පුවතත් සමඟින් ඇයගේ නවතම තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් අපි ඇය හා කතාබහට එක්වීමු.

කවද්ද සංජානා ලංකාවට ආවේ. ගොඩක් කාලෙකින් නේද?

දැන් ඇවිත් සතියකට වැඩියි. මේ පාර මාස හය හතකින් වගේ ආවේ. පහුගිය දවස්වල කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ලංකාවෙන් යන්න කලින් මං සම්බන්ධ වුණේ හිරු නාළිකාවේ විකාශය වුණු දිවිතුරා ටෙලි නිර්මාණයට. ටීනා තවමත් මිනිස්සුන්ට අමතක වෙලා නෑ කියලා දැනුණා. එහේ ඉද්දිම අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මං මේ පාර ආවේ ඒවා ඔක්කොටම සම්බන්ධ වෙන්න බලාගෙන. ඒ ඔක්කොම ඉවර කරලා තමයි මේ පාර ආයෙත් ඔස්ට්‍රේලියාවට යන්නේ. මේ පාර ටික කාලයක් ලංකාවේ ඉන්නවා. ආපු ගමන්ම වැඩසටහන් කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

මේ පාර සංජානා ඔස්ට්‍රේලියාවේ ගොඩක් කල් රැඳුණා නේද කොහොමද ඒ අත්දැකීම?

ඔව්. මේ පාර මාස හයක් හතක් හිටියා. මං රැකියාවක් කළේ නැති නිසා ගියපු මුල් දවස්වල නම් ගෙවා ගන්න අමාරු වුණා. විහඟ බොහෝ දවස්වලට කලින් ඇවිත් මාව ඇවිදින්න එක්ක ගියා. ගොඩක් තැන්වල ඇවිද්දා. ෆිල්ම් බලන්න එක්ක ගියා. හවසට කෑමට එළියට ගියා. විහඟ නිතරම උත්සාහ කළේ මගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න. ඔහු හිටිය නිසා මට ලොකුවට පාළුවක් තනිකමක් දැනුණෙ නෑ. අපි ඉන්නෙ මෙල්බර්න් සිටි එකේ. මෙල්බර්න් සිටි එකේ ලංකාවේ අය ගොඩක් අඩුයි. විහඟ මාව ගොඩක් මිනිස්සු ගැවසෙන පැතිවලට එක්ක ගියා. ඒ පැතිවලට ගියහම ලංකාවේ අය හමුවෙනවා. එයාලා ඉවෙන්ට්වලට, පාර්ටිවලට ආරාධනා කරනවා. සුදු මූණු දැකල දැකලා ලංකාවේ කෙනෙක් දැක්කම හරිම සතුටක් දැනෙනවා. කාලා බීලා ඇවිදලා හරිම නිදහසේ ගෙවුණා.

ගොඩක් කාලෙකින් ලංකාවට ආව නිසා ලොකු වෙනසක් දැනෙන්න ඇති?

රස්නය තමයි දරාගන්න බැරි වුණේ. වෙනදා මං විහඟ ලංකාවට ආපු ගමන් රස්නෙයි කියද්දි අනම් මනම් කියනවා. මොකක්ද අනේ ලංකාවේ ඉඳල නැතුව වගෙයිනේ කිය කියා. ඒත් මේ පාර මට තේරුණා මේ දේශගුණේට හුරුවෙන්න ටික දවසක් යනව කියලා. ආපු ගමන්ම වැඩසටහන් කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒවලටත් සහභාගි වුණා. ප්‍රේක්ෂක ආදරේ ආයෙත් විඳින්න ලැබීම සතුටක්. කොහේ ගියත් ලංකාවෙදි දැනෙන ඒ හැඟීම දැනෙන්නේ නෑ.

ඒ කියන්නේ තව ගොඩක් කාලෙකට පුංචි තිරයේ සංජානා දකින්න නැතිවෙයිද?

මේ දවස්වල නම් මගේ ටෙලි නිර්මාණයක් විකාශය වෙන්නෙ නැහැ. නමුත් කලින් ඉවර කරපු කිහිපයක් එන්න තියෙනවා. මං කරපු ෆිල්ම් එකකුත් එන්න තියෙනවා. ඒකත් ඉදිරියේදි ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වේවි.

දැන් ඔය රඟපෑවා ඇති දැන් මෙහේට වෙලා ඉන්න කියලා විහඟ කියන්නේ නැද්ද?

නෑ. නෑ. මගේ කලා කටයුතුවලට විහඟ කවදාවත් විරුද්ධ වුණේ නෑ. වැඩක් ආවොත් ඔයාට ගැළපෙනවා නම් ඔයා ඒක කරන්න කියලා තමයි ඔහු කියන්නේ. විහඟ මට ලොකු නිදහසක් දීලා තියෙනවා. ඒක මට ලොකු සහනයක්. මං ගැන නිතරම හොයලා බලනවා. විහඟ කියන්නේ ගොඩක් හොඳ සහකරුවෙක්.

සංජානා මේ පාර ආවෙ වෙඩින් එක ගන්න කියලත් ආරංචියි?

නෑ. නෑ. තව ටික කාලයක් තියෙනවා. මෙච්චර කල් නැකත් එක්ක හොටෙල් තිබුණේ නැති නිසා ටික ටික කල් ගියා. ඒත් මේ පාර නම් නැකත් එක්ක හොටෙල් ගැළපුණා. ඒ නිසා ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ගන්නවා. ඊට කලින් මං භාරගත්ත නිර්මාණ ඉවර කරන්න ඕන. මේ පාර ආවෙත් ඒ නිසාමයි. ඉදිරියටත් නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ඇවිත් කරලා යන්න බලාපොරොත්තු වෙනවා.

නාමලී ගමගේ

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 21 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 333 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 85 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 821 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 175 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 815 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්