දුසිම් ගණනින් මිනිස්සුන්ට ජීවිත අහිමි කරවන හඳුනානොගත් රෝගයකින් කොංගෝව ගිණියම් වෙයි

කොංගෝ දුරස්ථ ප්‍රදේශයක් වන පැන්සි (Panzi) ප්‍රදේශයේ “X” ලෙස හැඳින්වෙන හඳුනා නොගත් අද්භූත රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තියෙනවා. අවම..

කොංගෝ දුරස්ථ ප්‍රදේශයක් වන පැන්සි (Panzi) ප්‍රදේශයේ “X” ලෙස හැඳින්වෙන හඳුනා නොගත් අද්භූත රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තියෙනවා.

අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මෙම රෝගයෙන් මියගොස් ඇති බව අප්‍රිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන අතර ඔවුන්ගෙන් බහුතරය ළමුන් බවයි සඳහන් කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉරිදා ප්‍රකාශ කළ ආකාරයට කිංෂාසා අගනුවරට සැතපුම් 435ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටි ක්වාන්ගෝ පළාතෙන් මෙම රෝගය වැළඳුණු රෝගීන් 406ක් වාර්තා වී තිබුණා. මියගිය අයගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 05ට අඩු දරුවන් වන අතර ඔවුන් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

කලාපයේ සැබෑ මරණ සංඛ්‍යාව තීරණය කිරීම දුෂ්කර වන අතර සමහර වාර්තා පවසන්නේ පුද්ගලයන් 143ක් පමණ මියගොස් ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ඔක්තෝම්බර් මාසයේදී සංසරණය වීමට පටන් ගත් රෝගය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බව එම වාර්තා පවසනවා.

උණ, හිසරදය, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇඟපත කැක්කුම සමඟ බොහෝ දුරට ස්වසන ආසාදනයක් මෙම රෝගීන් තුළ දක්නට ලැබුණු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. වාර්තා කර ඇති සායනික ඉදිරිපත් කිරීම් සහ රෝග ලක්ෂණ සැලකිල්ලට ගැනීමේදී ඒ ආශ්‍රිත මරණ ගණනාවක්, උග්‍ර නියුමෝනියාව, ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් – 19, සරම්ප සහ මැලේරියාව මෙන්ම මන්දපෝෂණය සමඟ සම්බන්ධ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

රෝගය තවදුරටත් පැතිරීමේ අවදානම පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර එය වාතයෙන් බෝ නොවන බව මෙතෙක් ප්‍රතික්ෂේප කර නැහැ.

MAF creates safe passage in the DRC for women traumatised by war - Mission  Aviation Fellowship

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports