අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් යයි !

ඉන්දියාවෙන් බිහිවූ සුපිරි දඟපන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කර කියා සිටියේ බ්‍රිස්බේන්හිදී බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගය.

බ්‍රිස්බෙන් ටෙස්ට් තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අශ්වින් කියා සිටියේ ජාත්‍යන්තර මට්ටමේ සියලුම තරගයන්හි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස මෙම තරගය මගේ අවසාන තරගය වනු ඇති අතර මම රෝහිත් ෂර්මා සහ මගේ අනෙකුත් කණ්ඩායමේ සගයන් සමග එක්ව බොහෝ මතකයන් නිර්මාණය කර ඇති බවයි.

මට ස්තුති කිරීමට ගොඩක් අය සිටිනවා ඒ අතර මා යොමු කළ පන්දු පිතිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරවලින් විශිෂ්ට අයුරින් රැකගත් ප්‍රදාන පෙළේ ක්‍රීඩකයන් අතර රෝහිත්, විරාත් කෝලි, අජින්ක්‍යා රහෙනේ, චෙතස්වර් පුජාරා සිටිනවා.

ඉතිං වසර ගණනාවක් පුරා මම ලබාගත් කඩුලු සංඛ්‍යාව ලබාගත්තේ ඔවුන්ට පිං සිදුවන්නයි. අශ්වින් ටෙස්ට් තරග 106කට සහභාගි වී ඇති අතර කඩුලු 537ක් බිඳ දමා ඇති අතර එක්දින තරග 116කදී කඩුලු 156ක් ලබාගෙන ඇත. විස්සයි – 20 තරග 65කදී කඩුලු 72ක් අශ්වින් ලබාගෙන ඇත.

ටෙස්ට් තරගයකදී අශ්වින් ලකුණු 59කට කඩුලු 07ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

අශ්වින්ගේ එක්දින වාර්තා අතර ලකුණු 25කට කඩුලු 04ක් ද, විස්සයි – 20 තරගයකදී ලකුණු 08කට කඩුලු 08ක් ද ලබාගෙන තිබේ.

ටෙස්ට් පිතිකරුවකු ලෙස අශ්වින් හොඳම ඉනිම ලෙස ලකුණු 124ක් ලබාගෙන ඇත.

ටෙස්ට් තරගවලදී 11 වතාවක් තරගයේ වීරයා සම්මානය දිනා ඇත.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනූ අශ්වින්, 2010 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ලබා ගත්තේය.

Related Posts

IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

        මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 3 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 304 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 83 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 820 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 170 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 813 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්