දියවැඩියාව පාලනය කරන්න නම්, මෙන්න දිව්‍යමය ආහාර !

ආහාර ගැනීමේ රටාවන් නිසා තමයි දියවැඩියාව කියන රෝගය අපට වැළඳෙන්නෙ.

ඉතින් අප ගන්නා සමහර ආහාරයන් මේ දියවැඩියාව ඇතිවන්නට හේතු වෙනවා වගේම සමහර ආහාර දියවැඩියාව අඩු කරන්නට හේතු වෙනවා.

දියවැඩියාව වළක්වන ආහාර වර්ග හා ඒවා දියවැඩියාව වළක්වන ආකාරය ගැනයි මේ කියන්න හදන්නේ…

කරවිල තරමක් තිත්ත රසයක් ඇති එළවළුවක්… කරවිල ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කරගත හැකිය. කරවිලවල අඩංගු සමහර සංයෝග මගින් රුධිරයේ පවතින වැඩි සීනි ප්‍රමාණය සෛලවලට අවශෝෂණය වීම සිදුවෙනවා…

කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය, කරවිල පානය ලෙස කරවිල ඔබට ආහාරයට ගත හැකිය. දියවැඩියාව තියෙනවා නම් කරවිල යම් ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා…

අලිගැටපේරවල ඇති ඒක සංතෘප්ත මේදය මගින් අපේ ආහාර දිරවීමේ වේගය අඩුකරමින් ආහාරවේලකින් පසුව අපේ රුධිරයේ ඇති සීනි මට්ටම එකපාරටම වැඩිවීම පාලනය කරනවා…

අලිගැටපේර තුළ අඩංගු හිතකර මේද මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා…

අලිගැටපේර මගින් රුධිරයේ අධික සීනි ප්‍රමාණය අඩු වෙනවා…

මෙම හේතුන් නිසාවෙන් අලිගැටපේර දියවැඩියාවට ඉතා හොද ආහාරයක් ලෙස හැඳින්විය හැක.

බාර්ලි – සුදු හාල් වෙනුවට බාර්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති සීනි 70කින් අඩු කරගත හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

අනෙක් ආහාර මෙන් බාර්ලි ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම එකපාරට ඉහළ නොනගින අතර, බාර්ලි මගින් රුධිර සීනි මට්ටම පාලනයක තබාගන්නවා.

කැඳ විදියට වුණත් බාර්ලි ආහාරයට ගන්නට ඔබට පුළුවනි.

බෝංචි – දියවැඩියා රෝගීන් සඳහා හඳුන්වාදෙන සුපිරි ආහාරයක් ලෙස බෝංචි හැඳින්විය හැකිය. දියවැඩියාව පාලනයට බෝංචිවලට ඉහළ හැකියාවක් ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා.

බෝංචි සතුව අඩු ග්ලයිසමික් අගයක් පැවතීම හා ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ හා තන්තුවලින් බහුලවීම නිසා බෝංචිවලට දියවැඩියාව අඩු කරන්නට මෙතරම් හැකියාවක් ලැබී තියෙනවා.

ගෝවා – මල්ගෝවා යනු දියවැඩියාව අඩු කරන රසවත් එළවළුවකි.

ගෝවාමල්වල ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝටීන්, විටමින් සී, පොටෑසියම් හා ෆොලේට් යන ඒවා ඉතා හොඳින් අන්තර්ගතයි. ප්‍රෝටීන් බහුල වන ගෝවාමල් දියවැඩියාවට ඉතා හොඳ ආහාරයකි.

කැරට්වල සීනි අඩංගු වන්නේ බොහොම අඩු ප්‍රමාණයකි.

කැරට්වල බහුලව ඇති බීටා කැරොටින් මගින් දියවැඩියාව පාලනය කරන අතර රැධිරයේ සීනි මට්ටම අඩු කරන්නට ද උදව් වෙනවා.

කුකුළු මස් – ඔබ බලනවා ඇති දියවැඩියාවට කුකුළු මස් හොඳ වෙන්නේ කෙසේද කියලා.

දියවැඩියාවට කාබෝහයිඩ්‍රේට් වෙනුවට ප්‍රෝටීන් ආහාරයට ගත යුතු වන අතර කුකුළු මස්වල ප්‍රෝටීන් යහමින් අඩංගු වීම නිසා දියවැඩියාවට හොඳයි.

එහෙත් කුකුළු මස් හරි හැටි අනුභව කළ යුතුයි.

කුකුළාගේ පපුව ප්‍රදේශයේ මස්වල මේදය අඩුවන අතර හමේ මේදය වැඩිය.

එම නිසා හම ඉවත් කර වැඩියෙන් පපුව ප්‍රදේශය ආහාරයට සුදුසුයි.

බිත්තර යනු අඩු ග්ලයිසමික් අගයක් ඇති ප්‍රෝටීන් බහුල ආහාරයකි.

බිත්තර ආහාරයෙන් පසුව වැඩි වේලා යනකම් බඩගිනි සෑදෙන්නේ නැහැ.

දියවැඩියා රෝගීන්ට රෝග පාලනය සඳහා හොඳම ආහාරයක් ලෙස වෛද්‍යවරුන් බිත්තර හඳුන්වනවා.

මේදමය මාළු – මෙය දියවැඩියා රෝගයට ඉතාම හොඳ ආහාරයක් ලෙස හඳුන්වනවා.

මේදමය මාළු අනුභවයෙන් හෘද රෝග 40කින් අඩුකරගත හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා.

සැමන්, සාඩින්, මැකරල්, හුරුල්ලො වගේ මාළු මෙම මේදමය මාළු ගණයට අයත් වෙනවා.

ඇට හා බීජ වර්ග – ආමන්ඩ්, වෝල් නට්ස්, කජු, රටකජු යන ඇට වර්ගයන්හි ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒවා දියවැඩියාවට ගුණදායක වෙනවා.
ඕට්මීල්ස් – දියවැඩියා රෝගීන්ට මෙය ගුණදායක ආහාරයකි.

ඔලිව් තෙල් – හිතකර මේදය ඇති හෙයින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින් දියවැඩියාව අඩු කරන්නට ඔලිව් තෙල් උදව් වෙනවා.

ධාන්‍යමය පාන් – සුදු පාන් මගින් අපගේ සීනි මට්ටම තරමක් වැඩි කරන අතර ධාන්‍යමය පාන් මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින්, රුධිර සීනි මට්ටම පාලනය කරන්නට උදව් වෙනවා.

අන්තර්ජාලයෙන්…

Related Posts

මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 24 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 341 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 85 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 823 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 176 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 817 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්