වසර 15කට පසු ලංකාවට රටින් ලුණු ගෙන්වයි

රට තුළ ලුණු හිඟයක් ඇතිවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් පවසන්නේ දේශීය වෙළෙඳපොළ තුළ අවශ්‍ය තරම් ලුණු මිලදී ගැනීමට තිබෙන බවයි.

රට තුළ උද්ගත වියහැකි ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබේ.

ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කෙරෙන්නේ වසර 15කට පමණ පසුව බවයි.

මෙරට ජනතාවගේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ හම්බන්තොට, පුත්තලම, මන්නාරම, අලිමංකඩ සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල පිහිටි ලුණු ලේවායන්වලින්ය.

ඒ අනුව මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක්.

ඉන් 50%ක් රාජ්‍ය අංශයෙන් ද 50% ක් පෞද්ගලික අංශයෙන්ද නිෂ්පාදනය කෙරේ.

නමුත් මේ වසරේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200,000ක් ලෙස අපේක්ෂා කළද මේ වනවිට සැලකිය යුතු ලෙස ලුණු නිෂ්පාදනය පහත බැස තිබේ.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 70%ක පමණ ලුණු නිෂ්පාදනයක් සිදුකෙරෙන ජුලි සහ ඔක්තෝබර් අතර මහ කන්නය පුරා වර්ෂා සහිත අයහපත් කාලගුණයක් පැවතීමයි.

ඉන් ලුණු නිෂ්පාදනයට අහිතකර බලපෑමක් එල්ල වී ඇත.
මේ හේතුවෙන් අපේක්ෂිත ලුණු නිෂ්පාදනය සම්පූර්ණ කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී තිබේ.

එනිසා යම් අයුරකින් ලුණු හිඟයක් උද්ගත වුවහොත් ඊට පිළියමක් ලෙස අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්…

Related Posts

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 24 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 337 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 85 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 821 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 175 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 816 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්