පෞද්ගලික උපාධි ආයතන නියාමනය කරන්න යයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතුඅතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළි..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතුඅතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපනඅමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතිකඅධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවන් හිදීඅග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී පාසල් අතර පරතරය නැතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකාකටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා .

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටුකිරීමට වත්මන් රජය බැදී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සියළු ක්ෂේත්‍ර ආවරණය වනනවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන අනාගත පරපුරක අවශ්‍යතාව මෙහිදී ස්මතු කළාය.

වංචනික උපාධි ආයතන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනආයතනයන් හි ගුණාත්මක භාවය පිළිබඳවද මෙහිදී සිය අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මීපේ දකුණු ආසියානු ගුරුසංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී , ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිනී පද්මිණි රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු එම ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්සහභාගී වූහ.

Source – Iri News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports