ජනාධිපති මාධ්‍ය අංශයට හොරු පැනලා? ලක්ෂ 1420ක කැමරා-ලැප්ටොප් ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් අතුරුදන්!

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණරැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය..

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420 කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණරැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.

2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස මිලදී ගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු එම උපකරණ3406ක් මෙලෙස අස්ථානගතව තිබේ.

ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි දක්වා රුපියල් 162, 273,185.00ක්වටිනා අයිතම නිකුත් කර ඇත.

එහිදී 2014 වසරේ අයිතම 4ක්, 2015 වසරේ 558ක්, 2016 වසරේ 660ක්, 2017 වසරේ 602ක්, 2018 වසරේ 1262ක්, 2019 වසරේ 313ක්, 2020 වසරේ අයිතම 7ක් මෙලෙස නිකුත් කර ඇත.

2021.02.22 දිනැති විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට අදාළ බඩු වට්ටෝරු පොත් 3ක් පමණක් විගණනයටඉදිරිපත් කර ඇති බවත් ඉහත අයිතම එම පොත් තුළ ඇතුළත් කර නොමැති බවයි.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරියකු සමඟ කළ භෞතික පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 219 (21,888,958) භාණ්ඩ ඒකක 133ක් එම අංශයේ නොමැති බව තහවුරු වී ඇත.

එසේ වුවද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉංජිනේරුවන් විසින් දක්වා ඇත්තේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 350කට ආසන්න බවයි.

විගණනය විසින් තොරතුරු ඉල්ලා ඇති විට 2021 පෙබරවාරි 10 දිනැතිව ඉරිපත් කළ අංක PMD/ENG/VIDEO/21/02/II ලිපියටඅනුව 2015 වසරේ සිට 2019 දක්වා මිලදී ගෙන ඇති උපකරණවල තොරතුරු ඇතුළත් කිසිදු වාර්තාවක් නොමැති බව තහවුරු වී තිබේ. එසේම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණවලදී පවා ගැන සඳහන් නොවේ.

එක් අ‍ෙයකු විසින් ලබාගත් අයිතම 21ක් නැවත ලැබී නොමැති බවද වාර්තා වී ඇති අතර එකක් රුපියල් ලක්ෂ 25ක් පමණ වන කැමරාදෙකක් අතුළු අයිතම 3ක් තවත් අයකුට නිකුත් කර ඇති අතර ඒ්වාද නැවත ලැබී නොමැති බව වාර්තා වේ.

Source – Sri Lanka Latest News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports