දියවැඩියාව නිට්ටාවටම සුවකල හැකි බව ඔබ දන්නවාද ?

දියවැඩියා රෝගින් දිනෙන් දින වාර්තා වෙනවා.

බොහෝ දෙනෙක් එහි අවදානම් තත්ත්වය ගැන නොසිතා කටයුතු කරනවා වගේම මෙය නිට්ටාවටම සුව කරන්න බැරි රෝගයක් බවදන්නවා.

නමුත් ආයුර්වේද ප්‍රතිකාර අනුව නිට්ටාවටම සුව කළ හැකි බව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

 

දියවැඩියාව කිසි විටෙකත් සුව කල නොහැකියිඑය පාලනය කිරීමට පමණක් සීමාවූ රෝගයක්යන මතය මේ තරම් මුල් බැසගෙනතියන අවදියක දියවැඩියාව සුව කල හැකිබව පවසන්නේ කෙසේද?

දියවැඩියාව සුවකළ නොහැකිය කියන මතය හැමවිටම සත්‍ය වන්නේ නැත.එය පොදුවේ කිව හැකි කාරණයක් නොවේ.නිවැරදිප්‍රතිකාර,ආහාර සහ විහරණයන් ඇසුරින් දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිට්ටාවටම සුවකළ හැකිය.

තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද?

සරලව ගතහොත් දියවැඩියා රෝගයේදී බොහෝ විට සිදු වන්නේ අග්නයශය දුර්වල වෙන එක.මේ නිසා අග්නයශයෙන් සිදුවන සියළුක්‍රියාවන් අඩපන වෙනවා.අග්නයශය විසින් සිදුකරන මූලිකම කාර්ය තමයි,ඉන්සියුලින් නැමැති හෝමෝනය නිපදවීම.එමගින් ඉන්සියුලින්නිෂ්පාදනය කලොත් තමයි රුධිර ප්ලාස්මාවේ ඇති ග්ලුකෝස් දේහ සෛල වලට ප්‍රයෝජනයට ගත හැකි වන්නේ.මෙම ක්‍රියාවලිය ග්ලුකෝස්පරිවුත්තිය ලෙස හදුන්වනවා. ග්ලුකෝස් පරිවුත්තිය අඩාල වීමෙන් ග්ලුකෝස් දේහ සෛල වලට ඇතුළු වීමෙන් සිදුවන ශක්තිය සහපෝෂණය සැපයීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා.එනම් මෙම අවස්ථාවේදී රුධිර ප්ලාස්මාවේ ග්ලුකෝස් වැඩි වැඩියෙන් එක් රැස්වෙනවා.මෙසේ රුධිර ප්ලාස්මාවේ ග්ලුකෝස් ධාරිතාවය වැඩිවීම දියවැඩියාව ලෙස හදුනාගන්නවා.

දියවැඩියාව කියලා හදුනාගත්විට හැමදෙනාම කරන්න උත්සහාගන්නේ ලේ වල ග්ලුකෝස් මට්ටම අඩු කිරීමට ප්‍රතිකාර කරන එක.

රුධිරයේ ඇති ග්ලුකෝස් අඩු කිරීමට පමණක් ප්‍රතිකාර කිරීම, රෝග හේතුවට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය සදාකාලිකවම යටපත්කරන්නට ගන්නා උත්සහයක්

ඔබේ ප්‍රතිකාර ක්‍රමය කුමක්ද?

දියවැඩියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මා සිදු කරන්නේ දුර්වලවී තිබෙන අග්නයාශය සුවපත් කරන එකයි.අග්නයශය සුවපත් කලවිටඑමගින් ඉන්සියුලින් නියමිත ආකාරයට නිපදවනවා.එවිට ස්වාභාවිකවම රුධිරයේ ග්ලුකෝස් පරිවුත්තිය සිදු වෙනවා.එය තමයි දියවැඩියාවනිට්ටාවටම සුවකරන සාර්ථක ක්‍රමය.

එතකොට කොහොමද අග්නයශය සුවපත් කරන්නේ?

අග්නයාශය සුවපත් කරන්නනම් ප්‍රථමයෙන් අග්නයාශය දුර්වල වෙන හේතු හදුනාගෙන ඒවා වලක්වා ගන්න ඕන.අපි කවුරුත් දන්නේ මධුරරසය බහුල සීනි අධික,පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර ගත්විට ලේ වල සීනි මට්ටම වැඩි වෙලා එය පාලනය කරන්න වැඩි වැඩියෙන්අග්නයාෂ්‍ය මගින් ඉන්සියුලින් නිපදවලා වැඩ අධික වීම නිසා අග්නයාශයේ දුර්වල වීම පමණයි.නමුත් වර්තමානයේදී අග්නයාශය දුර්වලවෙන්න හේතු වැඩි දෙනෙකු නොසලකාහැර ඇති නොදන්නා කාරණා ගණනාවක් තියනවා.

ඒ මොනවාද ?

ඒවා තමයි මද්‍යසාර භාවිතය. අම්ල රසැති ආහාර අධිකව සේවනය කිරීම. උෂ්ණ ආහාර අධික සේවනය. අනවශ්‍ය පරිදි රසකාරකඅඩංගු කෘතීම ආහාර බහුලව සේවනය කිරීම සහ මේ සියල්ලෙන්ම තොර වුවත් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ විෂමතා/දුර්වලතාහෝ ගැස්ට්‍රයිටිස් ප්‍රධාන තැනක් ගන්නවා.

උපුටා ගැනීමකි 

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 21 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 333 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 85 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 821 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 175 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 815 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්