මෙරට තිබූ බාල ඖෂධ 13ක් වහාම ඉවත් කරයි

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කරඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය..

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කරඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාසඳහන් කරයි.

ඉකුත් සතියේදී ඖෂධ කාණ්ඩ අටක්ද මේ සතියේ දී ඖෂධ කාණ්ඩ පහක් වශයෙන් ඖෂධ කාණ්ඩ දහතුනක් මෙසේ ඉවත් කර ඇති බවපවසන විශේෂඥ වෛද්‍යවරයා ගිය සතියේ භාවිතයෙන් ඉවත් කළ ඖෂධ කාණ්ඩ අට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද ප්‍රකාශ කළේය.

එම ඖෂධ ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පසුගිය වසර තුනේදී පමණක් මෙලෙස ඖෂධ කාණ්ඩ තුන්සියයක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවද නිව් මෝනියා රෝගීතත්ත්වයන් මොලේ උණ රෝගී තත්ත්වයන් ඇතුළු තවත් බොහෝ ආසාදන තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ අතර ඇති බවද චමල් සංජීවමහතා පැවසීය

සෑම සතියකම මේ අන්දමට තත්ත්වයෙන් බාල වීම මත ඖෂධ කාණ්ඩ ඉවත් කරන නමුත් මෙම ඖෂධ ගෙන්වීමට අදාළව කටයුතු කළනිලධාරීන් සම්බන්ධව හෝ ඖෂධ හඳුනා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දක්වා සමත්වනැතැයි හෙතෙම සඳහන් කරයි.

සතිපතා මේ අන්දමට බාල ඖෂධ ඉවත් කිරීමෙන් රටේ භාණ්ඩාගාරයට බරපතල හානියක් වන අතර මේවා සම්බන්ධ වර්තමාන සෞඛ්‍යඅමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද ඔහු සඳහන් කරයි.

ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයට සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන මැදිහත්වී මේ තත්ත්වය ලබන වසරේ ඇති නොවීමට කටයුතු කළ යුතුබවත් එසේ නොවන්නේ නම් සාර්ථක ක්‍රමවේද වෙනසක් ගැන විශ්වාසය තැබිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

Iri News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports