රට තුළ ලුණු හිඟයක් නෑ කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේසංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය. ලුණු නිෂ්පාදනයට දින..

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේසංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය.

ලුණු නිෂ්පාදනයට දින 45 වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතු නමුත් පසුගිය කාලයේ පැවති වැසි සහ සුළි සුළං තත්ත්වයහේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩාළ වූ බැවින් ලුණු අස්වැන්න අඩු වූ බව හෙතෙම සඳහන් කළේය. එම අස්වැන්න ඊළඟ මාර්තු මාසයදක්වා ප්‍රමාණවත් නොවිය හැකි බැවින් ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා ලුණු නිෂ්පාදකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ලුණු හිඟයක් ඇතිවුවහොත් ලුණු ආනයනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බව ඔහු පැවසීය.

අනුව 2025 පළමු කාර්තුවේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ලුණු සැපැයීමේ හිඟයක් ඇති වුවහොත් ඊට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports