නිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්‍රස්තයන්ගේ මෙන් මඑල්.ටී.ටී ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී..

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්‍රස්තයන්ගේ මෙන් එල්.ටී.ටී . සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේමහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ; අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු 05 වැනි විධායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබා දීසිටි ඉතිරි හමුදා නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කරන ලද බවයි.

මහින්ද රාජපක්ෂ (හිටපු) ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර සිටි පොලිස් අධිකාරි එම්. එස් ඩී වික්‍රමසිංහ මහතා විසින් 2024 ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රභූ ආරක්ෂක කමිටුව විසින් ඉල්ලන ලද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනබවටත්; එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලබා දෙන ලෙස පැවසූ වාර්තාව යොම් කරනු ලැබුවා.

එම වාර්තාවේ දක්වා ඇත්තේ ලැබී ඇති බුද්ධි අංශ තොරතුරු 13ක් මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය විනාශ කිරීමට ඩ්‍රොන සමගඑක් කළ බෝම්බ ප්‍රහාරයක් සූදානම් කර ඇති බවයි.

එය ISIS ත්‍රස්ත සංවිධානය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටත් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු 04 දැක්වෙනවා.

එමෙන්ම ඊට අමතරව එල්.ටී.ටී. සහ පාතාල කල්ලි වෙතින් හිටපු ජනාධිපතිවරයා වෙත දරුණු ගණයේ ජීවිත තර්ජන එල්ල වී ඇතිපසුබිමක පොලිස් ආරක්ෂාවක් පමණක් යොදවා සන්නද්ධ දැනුමින් සහ අත්දැකීමෙන් සපිරි හමුදා නිලධාරීන් රජයට වැඩි පිරිවැයක් යැයිපවසමින් ස්ථාන මාරු කර කඳවුරු වෙත යැවීම සිදු කළ රජයට ආදායමක් නො ලැබෙන බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතාපවසන්නේ.

එම යුද හමුදා නිලධාරීන් යුද හමුදා කඳවුරු වෙත යැවුව , ඔවුන්ට ලබා දිය යුතු වැටුප් සහ පහසුකම් අඛණ්ඩ සැපයිය යුතු බවත්හෙතෙම සඳහන් කළා.

Dasatha  News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports