හුස්ම ගන්න අමාරු වෙන ඇග නිල් වෙන රෝගියෙක් ලංකාවෙන් පළමුවරට වාර්තා වෙයි

Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට..

Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

අනුව, අනුරාධපුරමැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේනව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්.යූ. සී. රණවක සඳහන් කළේ.

මෙම රෝගය වැළඳීමේදී රෝග ලක්ෂණ ලෙස ශරීරය දැඩිලෙස නිල්පාට වන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වන බවයි ඔහුපවසන්නේ.

මැදවච්චිය ප්‍රදේශයේ මෙම රෝගය වැළඳුනු දරුවා අනුරාධපුර ශික්ෂණ රොහලේ නොමේරු ළදරු ඒකකයේ සායනික පරීක්ෂාව සඳහාඉදිරිපත් කළ අවස්ථාවේදී මෙරට එකී පරීක්ෂාවන් සඳහා පහසුකම් නොමැති බැවින් දරුවාගේ රුධිර සාම්පල ජර්මනියට යැවීමෙන්අනතුරුව මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සඳහා වන ඖෂධ මෙරට පැවතීම හේතුවෙන් දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි ඔහුසඳහන් කළේ.

එමෙන්ම, මෙම රෝගය ඇතිවීම සඳහා බොහෝවිට ඥාති විවාහයන් හේතු වන නමුත් මෙම දරුවාගේ දෙමව්පියන් එසේ නොවීමදවිශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.මෙම රෝගය මෙරටදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත්, ලෝකයේසාමාන්‍යයෙන් ලක්ෂයකට එක් දරුවෙකුට මෙවැනි රෝගයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Iri News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports