ක්‍රිකට් තරගයක් මැද දරුවෙක් බිහි වෙයි ! ක්‍රීඩාංගණයේ විවාහ ගිවිසගැනීමක්..!

මේ කියන්න යන්නේ තවත් අපූරු සිදුවීම කිහිපයක් ගැන ඇසෙන පුවතක්..  දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පසුගියදා  පැවති 3 වැනි එක්දින තරගය අතුරතුරදී තරගය නැරැඹීමට පැමිණ..

මේ කියන්න යන්නේ තවත් අපූරු සිදුවීම කිහිපයක් ගැන ඇසෙන පුවතක්.. 

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පසුගියදා  පැවති 3 වැනි එක්දින තරගය අතුරතුරදී තරගය නැරැඹීමට පැමිණ සිටි මවක් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී නීරෝගි පිරිමි ළමයෙකු බිහි කළ පුවතක් ගැන අද ලෝකයම කතා වෙනවා…

ඒ ආසන්නයේම තවත් තැනකදී තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් කරමින් දණින් වැටී මුද්දක් පිරිනමා විවාහ ගිවිස ගැනීමක් ද දැකගන්න ලැබෙන්නේ මෙම ක්‍රීඩාංගණයේදීමයි..

රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද යුවළ පිළිගත් අතර, මෙම යුවළ නව පරිච්ඡේදයක ගැඹුරු ආදර හැඟීමක් වනු ඇතැයි සලකා ගීත ගායනා කරමින් විනෝද වුණා…

වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය චාරිත්‍රානුකූල රෝස එක්දින තරගය ලෙසින් නම්කොට පැවැති අතර, ක්‍රිකට්වලින් ඔබ්බට හාත්පසින්ම වෙනස් හදවත උණුසුම් කරන හේතු දෙකක් නිසා අමතක නොවන එකක් බවට පත්ව තිබෙනවා..

“නීරෝගි පුතුගේ උපත පිළිබඳව රබෙන්ග් මහතාට සහ එම මහත්මියට සුබපැතුම්” යනුවෙන් නිවේදනයක් ලකුණු පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට තරග සංවිධායකයෝ අමතක කරලා තිබුණේ නැහැ…‍ ක්‍රීඩාංගණයේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී දරුවා ප්‍රසූත කරන ලද අතර, වෛද්‍යවරුන් රබෙන්ග් පවුලට තම දරුවා එක්කර දීමට විශාල වෙහෙසක් දැරුවා..

අලුත උපන් බිලිඳෙකුගේ පළමු අවස්ථාව සහ යුවළකගේ ජීවිත ගමනේ ආරම්භය එකම දිනකදී සිදුවූ වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය එ‍ලෙස අතීතයට එක් වීම ඇත්තෙන්ම විශේෂ සිදුවීමක්..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports