ඉන්දියාව බංකොලොත්භාවයෙන් මුදවාගත්, මන්මෝහන් සිං දැයෙන් සමු ගනී !

ඉන්දියාවේ හිටපු කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයසඅවුරුදු 92 ක්. ආචාර්ය මන්මෝහන් සිං මහතා ඉන්දියාවේ දීර්ඝතම..

ඉන්දියාවේ හිටපු කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයසඅවුරුදු 92 ක්.

ආචාර්ය මන්මෝහන් සිං මහතා ඉන්දියාවේ දීර්ඝතම කාලයක් අගමැතිධුරය හෙබවු අතර ඔහු 2004 සිට 2014 දක්වා අග්‍රාමාත්‍යවරයාලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

ඔහු ඉන්දියාවේ ප්‍රධාන ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙනවා.

මන්මෝහන් සිං මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ඔහු පසුගියදා දිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කර තිබුණා.

වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේඉන්දියාව එහි වඩාත්ම කීර්තිමත්නායකයෙකුගේ වියෝව ගැන ශෝක වනබවයි.

ඔවුන්ගේ අන්තර් ක්‍රියාවලදී මන්මෝහන් සිංගේප්‍රඥාව සහ නිහතමානිභාවය සෑම විටම දෘශ්‍යමාන වූබවත්, ඔහු අග්‍රාමාත්‍යවරයාවසිටි කාලය තුළජන ජීවිතය වැඩිදියුණු කිරීමට පුළුල් උත්සාහයක් ගත්බවත් අගමැති නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙනවා.

ජවහර්ලාල් නේරුගෙන් පසු පූර්ණ පළමු ධුර කාලයෙන් අනතුරුව නැවත තේරී පත් වූ පළමු ඉන්දීය නායකයා වූයේ ආචාර්ය මන්මෝහන් සිංමහතායි.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් පළමු සික් ජාතිකයා වුයේද ඔහුයි.

 

Rupavahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports