විවාදයක් නැ…මේ තමයි වර්තමානයේ, ලංකාවේ ඉන්න හොඳම බැටා…!

විවාදයක් නැ…

මේ තමයි වර්තමානයේ,

ලංකාවේ ඉන්න හොඳම බැටා…!

Test නම් Test…

ODI නම් ODI…

T20I නම් T20I…

කුඹුරු නම් කුඹුරු…

කාපට් නම් කාපට්…

SENA නම් SENA…

කොල්ලට මේ ඕනි එකක් ඔට්ටුයි !

කතාවක් තියෙනවනේ,

‘ නිහඬ මිනිස්සු තමයි භයානකම ‘ කියලා…

මේ ඒ වගේ එකෙක්…

ඌ වැඩ පෙන්නුවේ…

කටින් නෙමෙයි පිත්තෙන්…

රැගිලි නැ…

වැඩ විතරයි…

අන්නේකයි ඌට අද මේ තරම් මිනිස්සු ආදරේ ♥️

ලංකාවේ අපේ එකම පැතුම,

පැතුමා…!

මේ අවුරුද්ද පැතුම්ට සුවිශේෂි වසරක්…!

අර උඩ කියපු දේවල් පිත්තෙන්ම ඔප්පු කරපු වසරක්…!

ශ්‍රි ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා කිසිම පිතිකරුවෙක්ට බැරි වුනා ජාත්‍යන්තර එක්දින තරගයක ද්විත්ව ශතකයක් ලබා ගැනීමේ හීනය තවදුරටත් හීනයක්  නොකර සාක්ෂාත් කර ගන්න මේ වසරේදී පැතුම්ට පුළුවන් වෙනවා.

ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවි ලකුණු 210*ක් රැස් කරමින්…!

එතැනින් පස්සේ එංගලන්තයට ගිහින් ටෙස්ට් තරගයක නොදැවි ලකුණු 127ක් රැස් කරනවා. ඒ තමයි මේ අවුරුද්දේ අපේ එකෙක් SENA ටෙස්ට් තරගයක ගහපු හොඳම ටෙස්ට් ඉනිම,

දැන් නවසීලන්තයට එරෙහිව නවසීලන්තයට ගිහින් විස්සයි විස්ස තරගයක ලකුණු 90ක් රැස් කරනවා. ඔහුට හරි සහයක් ලැබුනා නම් අවුරුදු 13කට පස්සේ අපේ එකෙක් ගහන ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් දැකබලා ගන්න ප්‍රේක්ෂක අපිට අවස්ථාව ලැබෙනවා.

ඊටත් වඩා පැතුම් මේ ගහන්නේ නිකන්ම නිකන් මැච් වල නෙමෙයි. ගොඩාක් වෙලාවට අනිත් උන් එකතු වෙලා හාන තරග බොහොමයක පැතුම් මේ වගේ තනියම ගහලා රටේ නම්බුව බේරලා තරග දිනවන්න උත්සහ කරලා තියෙනවා.

හුගාක් වෙලාවට ඔහු හිටපු ලෙජන්ඩ්ලා පැතුම්ට එල්ල කරන චෝදනාවක් තමයි එයා මැච් එක ඉවර කරන්නේ නැතුව අවුට් වෙලා යනවා කියලා…

ඇත්ත ඉතිං…! මොකද පැතුම් ගැහුවේ නැත්තම් හුගාක් වෙලාවට අපේ ගහන්න වෙන එකෙක් නැ.. අනිත් රටවල් වල වගේ කන්ඩායම අමාරුවේ වැටුනු වෙලාවට අත උස්සලා රට වෙනුවෙන් ගහන්න එක එක ප්ලෙයර්ස්ලා ඉදිරිපත් වුනාට අපේ හුගාක් වෙලාවට ඔය වැඩේ කරන්නේ පැතුම් විතරයි. පැතුම් ගැහුවේ නැත්තම් අනිත් උන්ගෙන් ඒ ටිකවත් නැ…

ඊයෙත් වුනේ ඒ වගේ වැඩක්..!

අපේ ඕපනර්ස්ලා දෙන්නා අච්චර ගහලා දීපු මැච් එකේ පැතුම්ට සප් එක දීලා ඉතුරු ටික ගහලා දෙන්න එක බැටෙක්ට බැරි වුනා.

ඒ සහය පැතුම්ට ලැබුනා නම්,

පැතුම්ගේ 100 විතරක් නෙමෙයි අපි මැච් එකත් දිනලා,

Anyway පැතුම් කියන්නේ,

ලංකාවේ මේ වෙද්දි ඉන්න හොඳම බැටා කියන්න,

තව මොන කතා ද ?

✍ | Rishie Bro

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 389 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 89 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 832 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 827 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්