රශ්මිකා නිසා කේරළයේ ප්‍රතික්ෂේප වූ Pushpa 2 ආදායම කුඩු කරමින් නැගී එන කන්නඩ චිත්‍රපටය

Pushpa 2 නිකුත් වූ දා සිට බොක්ස් ඔෆිස් හි සුළි කුණාටුවක් බවට පත් වූ අතර, සතියක් ඇතුළත ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි1000ක් උපයා ගැනීමට සමත්..

Pushpa 2 නිකුත් වූ දා සිට බොක්ස් ඔෆිස් හි සුළි කුණාටුවක් බවට පත් වූ අතර, සතියක් ඇතුළත ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි1000ක් උපයා ගැනීමට සමත් වුණා. නමුත් කෙටිකලකින්ම එනම් දෙසැම්බර් 20 වැනිදා තිරගත වීම ආරම්භ වුණු UI සිනමා කෘතියදමේ වන විට පුෂ්පාට හොඳ අභියෝගයක් එල්ල කරමින් සිටිනවා.

UI, කන්නඩ භාෂාවෙන් නිර්මාණය වූ විද්‍යා ප්‍රබන්ධ, dystopian ක්‍රියාදාම චිත්‍රපටයක්. අල්ලු අර්ජුන් (Allu Arjun) ගේ Pushpa 2 චිත්‍රපටය කේරළයේ ප්‍රේක්ෂකයින් දිනා ගැනීමට අරගල කරද්දී UI ඉතා වේගයෙන් කේරළය ග්‍රහණය කර ගැනීම මෙහි සාර්ථකත්වයටප්‍රධානම හේතුවයි.

එය Pushpa 2 චිත්‍රපටයේ කේරළය තුළ දින 17 ආදායම දින දෙකකින් අභිබවා යාමට සමත් වුණා. මෙම කෙටි කාලය තුළ UI, Pushpa 2 හි දින 17 ඉපැයීම් මෙන් දෙගුණයක් ඉපයීමට සමත් වී තියෙනවා. මෙම තත්ත්වය ඉන්දියානු සිනමා කර්මාන්තය තුළකන්නඩ සහ තෙළිඟු ගැටුම උණුසුම් මාතෘකාවක් බවට පත් වී අවසන්.

Industry tracker Sacnilk හි ආරම්භක සංඛ්‍යාලේඛනවලට අනුව, UI ආරම්භක දිනය තුළ කන්නඩ භාෂාවෙන් ඉන්දියානු රුපියල්කෝටි 6.95 ක්, තෙළිඟු භාෂාවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 65 ක්, දෙමළ භාෂාවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 4 ක් සහ හින්දිභාෂාවෙන් රුපියල් ලක්ෂයක් උපයාගෙන තිබුණා. දෙවැනි දිනය වන විට චිත්‍රපටයේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 13.90ක් ලෙසයිවාර්තා වුණේ. එය කන්නඩය තුළ පැහැදිලිවම Pushpa 2 අභිබවා යාමකි. කර්ණාටක ඇතුළු කේරළ කලාපය තුළ UI මෙම වාර්තාගතඉලක්කය සම්පූර්ණ කරනු ලැබුවේ සුකුමාර්ගේ Pushpa 2 කලාපය තුළ රුපියල් කෝටි 15ක් වත් උපයා ගැනීමට අපොහොසත් වී ඇතිපසුබිමකය.

සිනමා නළු උපේන්ද්‍රගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ රෙෂ්මා නානෙයියා (Reshma Nanaiah), නිදී සුබෙයියා (Nidhi Subbaiah), සාධූ කෝකිලා (Sadhu Kokila), මුරලි ක්‍රිෂ්ණා (Murali Krishna), මුරලි ෂර්මා (Murali Sharma) සහ ඉන්ද්‍රජිත්ලංකේෂ් (Indrajit Lankesh) ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා. කෙසේ වෙතත් එහි බොක්ස් ඔෆිස් ඉපැයීම් උපේන්ද්‍රගේ පෙරචිත්‍රපටය වන Kabzaa හි රුපියල් කෝටි 10 ආරම්භක එකතුවට වඩා අඩු බවයි සඳහන් වන්නේ.

අල්ලු අර්ජුන්, රෂ්මිකා මන්දනා (Rashmika Mandanna) සහ ෆහාඩ් ෆාසිල් (Fahad Faasil) ප්‍රධාන චරිත නිරූපණය කරනPushpa 2 දෙසැම්බර් 5 වැනිදා නිකුත් වූ අතර ආරම්භක දිනයේ ආදායම කෝටි 160 ඉක්මවා ගොස් තිබුණා. එය වසරේ වඩාත්මබලාපොරොත්තු තැබූ චිත්‍රපටවලින් එකක් නමුත් මලයාලම් සිනමාවේ රජදහන වන කර්ණාටකය තුළ එතරම් පිළිගැනීමකට ලක් වුණේනැහැ.

පුෂ්පා 2 කේරළයේ ලකුණක් තැබීමට අසමත් වූයේ කෙසේද?

චිත්‍රපටය කේරළයේ යහපත් ආරම්භයක් ගත් අතර Sacnilk වෙතින් ලැබෙන වාර්තාවලට අනුව, පළමු දිනයේ දී එය කේරළය තුළඉන්දියානු රුපියල් කෝටි 4.95ක් උපයා ගනු ලැබුවා. එහෙත් පසුදා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 1.85ක් දක්වා පහත වැටුණු අතරතුන්වන සහ සිව්වන දින පිළිවෙලින් ඉන්දියානු රුපියල් කෝටි 1.85ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 1.90ක් දක්වා පහත වැටුණා.

වාර්තා වන පරිදි, පළමු සති අන්තයේදී චිත්‍රපටය කේරළය තුළ ඉන්දියානු රුපියල් කෝටි 12 ක්වත් ඉක්මා නොගිය බවයි සඳහන් වන්නේ. Pushpa 2 චිත්‍රපටය ප්‍රාන්තයේ ජනප්‍රිය චිත්‍රපටයක් ලෙස සැලකීමට නම් එය අවම වශයෙන් රුපියල් කෝටි 60ක් උපයා ගත යුතුය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ගැන සෑහීමකට පත් නොවූ කේරළ ප්‍රේක්ෂකයන්ගෙන් චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණු බව ඇතැමුන් පවසනවා.

ෆහාද්ගේ චරිතය එතරම් ඉස්මතු කර නොතිබීම පිළිබඳවද මලයාලම් සහ කන්නඩ භාෂා කතා කරන ප්‍රේක්ෂකයින් වැඩි මනාපයක් දක්වානැහැ. තවද ඇතැමුන් පවසන්නේ චිත්‍රපටයේ ගීතවලින් ප්‍රේක්ෂකයින් සම්පූර්ණයෙන් සෑහීමකට පත් නොවූ බවයි. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධානනිළිය රශ්මිකා කේරළය තුළ චිත්‍රපටයේ ජනප්‍රියත්වය අඩු වීමට හේතුවූ බවයි ඇතැම් අය පවසන්නේ. රශ්මිකා උපත ලැබුවේ කර්නාටකප්‍රදේශයේ කොඩගු ප්‍රදේශයේය. නමුත් ඇය ඉතාම ජනප්‍රිය වුණේ තෙළිඟු සිනමාවේය. ඇය සිනමාවේ ආරම්භය කන්නඩ සිනාමවෙන්ආරම්භ කළ කෙටි කලකින් තෙළිඟු සිනමාවට එක් වීමත් ඇයට කන්නඩ භාෂාව නිසි ලෙස හැසිරවීමට නොහැකි වීමත් නිසා කන්නඩකතාකරන මිනිසුන් අතර ඇගේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහුණු බවයි සඳහන් වන්නේ.

Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports