මම රඟපාන්න අකමැති නැහැ – කාංචනා අනුරාධි –

කාංචනා අනුරාධිගේ හඬ මේ දිනවල ඔබේ ගමේ, නගරයේ තියෙන සිනමාහල්වලින් අහන්න ලැබෙනවා. සම්මානිත මහාචාර්ය සුනිල්ආරියරත්න අධ්‍යක්ෂණය කරන ලදගෞතම බුද්ධ මාතාසිනමා නිර්මාණයෙන් වගේම චතුරංගන සිල්වා වගේම සහන් වික්‍රමාරච්චිඅධ්‍යක්ෂණය සිදුකළ සෝලෝටවුන් සිනමා නිර්මාණය හරහායි. වගේම පසුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ නාදගමත් වෙනස්මආරකින් ඔන්න ආපහු ආරම්භ කරන්නයි යන්නේ. ආරංචි සියල්ල ගැන දැනගන්න අපි කාංචනාට කතා කළා.

කාංචනා මොනවද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල මගේ විශ්වවිද්‍යාල කටයුතු අවසන් වුණා විතරයි. ඉතිං මේ වෙනකොට සංගීත කේෂ්ත්‍රයේ වැඩකටයුතු කරගෙන සුපුරුදුවිදිහට සතුටින් කාලය ගතකරමින් ඉන්නවා.

සෝලෝටවුන් චිත්‍රපටයට ගායනයෙන් සම්බන්ධ වෙන්න ලැබුණ නේද?

සෝලෝටවුන් චිත්‍රපටයට ගායනයෙන් සම්බන්ධවෙන්න ලැබුණේ එහි අධ්‍යක්ෂ චතුරංගන අයියා මාර්ගයෙන්. ඔහුට මම ස්තූතිවන්ත වෙනවාමේ චිත්‍රපටයේ පසුබිම් ගායනයට ආරාධනා කිරීම පිළිබඳව.

චිත්‍රපට පසුබිම් ගායනය ගැන මොකද හිතෙන්නේ?

චිත්‍රපට පසුබිම් ගායනය කියන්නේ මම ප්‍රියකරන සංගීතයේ එක පාර්ශ්වයක්. ගොඩක් සතුටුයි පසුබිම් ගායනයට සම්බන්ධවෙන්න ලැබීමගැන. ගායනය කියන්නේම නාද, තාල, භාව කියන ත්‍රිත්වයේ හරි අපූරු සංකලනයක්. ඉතිං චිත්‍රපටයකදී කතාන්දරයට, චරිතවලට නවජීවයක් දෙන්නේ කොහොමද කියලා මම ගීතය ගායනා කරන්න කලින් ගොඩක් බලනවා. ගීතය ගායනා කරන්න කලින් චරිත ගොඩක්අධ්‍යයනය කරලා බලනවා, මොකද වෙනුවෙන් මගේ උපරිමයෙන් දක්වන්න පුළුවන් උපරිම සහයෝගය කටහඬින්, ගායනයෙන් ලබා දියයුතු නිසා.

මම රඟපාන්න අකමැති නැහැ

ළඟදි උපාධිය අවසන් කළා කියලත් ආරංචියි?

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තමයි මම සංගීතය අධ්‍යයනය සිදුකළේ. පළමු පන්තියේ උපාධි සමාර්ථයක් එක්ක මගේ උපාධියඅවසන් කළ වග සතුටින් දැනුම් දෙනවා.

ප්‍රසංග වේදිකාවල වැඩකටයුතු කොහොමද?

ප්‍රසංග වේදිකාවල හැමදාම වගේ කාර්යබහුලයි. හැමදාම වගේ හරිම ආසාවෙන්, කැපවීමෙන් නිරත වෙනවා. මේ කාලවකවානුවෙත් මමප්‍රසංගවලට සහභාගි වෙනවා.

ආපහු නාදගමත් පටන් ගන්නවා කියලා ආරංචියි?

ඔව්. නාදගමත් තියෙනවා. ජනවාරි 11 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමයි පවත්වන්න තීරණය කරල තියෙන්නේ. ඒක වෙනමඅත්දැකීමක් වේවි. මොකද ලංකාවෙ මෙතෙක් නොකරපු විදිහේ ප්‍රසංගයක් තමයි පවත්වන්න අපි සූදානම් වෙන්නේ. අනික නාදගමමෙතෙක් පවත්වපු විදිහටත් නෙමෙයි එය පවත්වන්නේ. මෙතෙක් තිබුණ රටාව, ස්වරූපය වෙනස් කරල තමයි ජනවාරි 11 වැනිදාදිගහැරෙන්නේ. දැනටමත් අන්තර්ජාලයට මුදාහල සියලුම ප්‍රවේශපත්‍ර අවසන් වෙලාත් තියෙනවා.

ළඟකදී අලුත් ගීතයක් කළා නේද?

ළඟදී මම අලුත් ගීතයක් කළා. ඒක මේ වෙනකොට එළිදක්වලයි තියෙන්නේ. ඒකෙ නම කාලරේඛා. ඒක ටිකක් වෙනස් ආරයක ගීතයක්. ඒක හොයාගෙන අහන්න ඕනෑ ගීතයක්.

රූපරචනාවකුත් සිදුකළා. බොහෝ දේ අහල බලල රසවිඳින්නම ඕනෑ ගීතයක්. එකිනෙකාට ආවේණික විදිහට කියවා ගත යුතු ගීතයක්. ඔන්න නත්තල එනවා. නත්තලට මගෙන් හැමෝටම තෑග්ගක් ලෑස්තිවෙන ගමන් තියෙන්නේ.

උපාධියෙන් පසුව වැඩිපුර ගායනයට ඉඩකඩ වෙන් කරන්නේ?

උපාධියෙන් පසුව ගායනයට සහ සංගීත නිර්මාණයට තමයි වැඩි ඉඩක් වෙන්කරලා තියෙන්නේ. තවදුරටත් බලාපොරොත්තු වෙනවා මගේසංගීත වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න.

සෝලෝටවුන් චිත්‍රපටිය නැරඹුවහම මොකද හිතුණේ?

හරිම සතුටුයි. කණ්ඩායමක් විදිහට එකතුවෙලා යමක් කළොත් තමයි අපිට ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්. අභියෝගය වුණත්ලස්සන වෙන්නේ අපි හැමෝම එකතුවෙලා වෙනුවෙන් කැපවුණොත්. වගේම එකතුවෙලා තම තමන්ගේ හීනවලට යන්න වැඩකළොත්. සෝලෝටවුන් චිත්‍රපටයෙන් කියැවෙන්නෙත් වගේ කාරණාවක්. ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නකොට ඇසුරු කරන පුද්ගලයන් අනුව ගැටලුනිර්මාණය වෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. එතකොට වගේ අවස්ථාවලදී අපි කොහොමද ඒවා කළමනාකරණයකරගන්නේ වගේම දේවල්වලට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්නත් පුළුවන්. සංගීතක්ෂේත්‍රය ගැනත් වැඩි වැඩියෙන් කියැවෙන නිසා අපේ රසික රසිකාවියන් සහ කලාකරුවන් අතරේ තියෙන සම්බන්ධතාවය කොයිතරම්වටිනා දෙයක් කියල හරිම සංවේදී විදිහට වෙනම කෝණයකින් ඉදිරිපත් කරනවා. ගැන සතුටුයි.

ළඟදී විදෙස් සංචාර නැතිද?

විදෙස් සංචාර ලබන වසර පටන්ගන්නකොටම පටන්ගන්වා. ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

විස්සයි විසිපහ වසරේ මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ?

ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඒවා ගැන මම හරියටම ඉදිරියේදී කියන්නම්. ඇරෙන්න ප්‍රධානම බලාපොරොත්තුව තමයි මේලෝකයට ආදරණීය මනුස්සයෙක් වීම. සැනසීමෙන් සංගීතයේ නිරත වෙලා මේ ලෝකයට යම්කිසි දෙයක් ලබාදෙන්න තමයිබලාපොරොත්තුව.

රඟපාන්න එහෙම ආරාධනා ලැබෙනවද?

අනේ නිතරම ලැබෙනවා. චිත්‍රපටවල වගේම ටෙලි නාට්‍යවලට බොහෝ අවස්ථාවලදී විවිධ චරිතවලින් ආරාධනා ලැබෙනවා.

ඇත්තටම රඟපාන්න අකමැති ?

රඟපාන්න අකමැති නැහැ. මම ඕනෑම කලාවකට හරිම ආසයි. නටන්න, ගයන්න, රඟපාන්න, චිත්‍ර අඳින්න මම හරි ආසයි. කලාව මමගොඩක් ප්‍රිය කරනවා. හැමදේටම කාලයක් එනවානේ. ඉදිරියේදී බලමු. ඒක කරන්න නියමිත වෙලා තියෙනවා නම් ඒක සිද්ධ වේවි. ඇරෙන්න මම ගැන වැඩිපුර හිතන්නේ නැහැ. මම මුළු කාලයම යොමු කරන්නේ සංගීතයට. මම හිතන්නේ මම සංගීතය වෙනුවෙන්ඉන්න කෙනෙක් කියලා. වෙනුවෙන් මම, උපරිම මගේ මහන්සිය, කැපවීම යොදවනවා.

දිනේෂ් විතාන

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 24 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 337 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 85 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 821 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 175 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 816 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්