අයිශ්වර්යාගේ සහ දීපිකාගේ රූපය දෙමුහුන් වෙලා ඉපදුණ මේ මොහොතේ ඉන්දියාවේ නැෂනල් ක්‍රෂ් එක “වමිකා ගබ්බි”

ඉන්දියාවේ ජාතික මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල මේ මොහොතේ වැඩිම සිරස්තල මවන තරුව බවට පත් වී සිටින්නේ වමිකා ගබ්බි(Wamika Gabbi) ය. කෙටියෙන්ම කිව්වොත් මේ මොහොතේ ඉන්දියානුවන්ගේ..

ඉන්දියාවේ ජාතික මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල මේ මොහොතේ වැඩිම සිරස්තල මවන තරුව බවට පත් වී සිටින්නේ වමිකා ගබ්බි(Wamika Gabbi) . කෙටියෙන්ම කිව්වොත් මේ මොහොතේ ඉන්දියානුවන්ගේ National Crush එක බවට පත් වී සිටින්නේවමිකාය.

ඇත්තටම වමිකා මේ තරම් කතා බහට ලක් වෙන්නෙ ඇගේ අලුත්ම චිත්‍රපටය Baby John නිසා විතරක්ම නෙවෙයි. ඊට එහා ගිය ඇගේසුන්දර පෙනුම නිසා. විශේෂයෙන්ම අයිශ්වර්යා රායිගෙන් පස්සෙ බොලිවුඩ් සිනමාවට ලැබුණු ලස්සනම ඇස් දෙකේ හිමිකාරිය ඇය බවබොහෝ දෙනෙක් කියන්න පටන් අරගෙන

වගේම ඇගේ රූපය දීපිකා පදුකෝන්ටත් සමානයි කියලයි තවත් සමහරු කියන්නේ.

වමිකා ගැන කිව්වොත් කෙටි කාලයකින් දැවැන්ත වැඩ කොටසක් කරමින් ඉතා වේගයෙන් ඉහළටම ආව නිළියක් කියල හඳුන්වන්නපුළුවන්.

Jubilee හිනිලෝෆර්ගේ චරිතය, Khufiya හිචාරු මෝහන්ගේ චරිතයෙන් වමිකා බොහෝ කීර්තිමත් සිනමාකරුවන්ගේ සහ සිනමාවිචාරකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඇය  ජනප්‍රිය ලේඛක ගෝවර්දන් ගබ්බි(Govardhan Gabbi) ගේ දියණියයි.

Tin Tiye Satt, Ateet De Sirnavein, Puran Katha, සහ Taana Baana වැනි පොත් ලියූ ගෝවර්දන් ගබ්බි කියන්නේ ඉන්දීයසාහිත්‍ය කවයේ ජනප්‍රිය නමකි. වමිකාගේ නම ඇගේ පවුලේ සාහිත්‍යට ඇති බැඳීම තහවුරු කරන්නක් වන අතර එහි තේරුම වන්නේසුළඟට අධිපති රැජිණ යන්නයි.

Jub We Met චිත්‍රපටයේ කරීනා කපූර්ගේ ඥාති සොහොයුරියක් ලෙස රංගනටට එක් වන විට ඇයට යන්තම් වයස අවුරුදු 13කි. ඉන්පසු Love Aaj Kal, Mausam සහ Bitto Boss වැනි චිත්‍රපටවල සහය චරිත මාලාවකින් පසුව පළමු ප්‍රධාන චරිතය නිරූපනය කළේSixteen  චිත්‍රපටයෙන්.

Tu Mera 22 Main Tera 22, Ishq Brandy, Nikka Zaildar 2, Parahuna ඇතුළු බොහෝ පන්ජාබි චිත්‍රපට ඉදිරියේ ඇගේ නමමේ වන විටත් ලියා අවසානයි. Bhale Manchi Roju, Maalai Nerathu Mayakkam Godha යන චිත්‍රපටවලින් දකුණු ඉන්දියානුසිනමාව තුළ කැපී පෙනන ලකුණු ඉතිරි කිරීමට සමත් වී තියෙනවා.

ඇය ජනතාව අතර පුළුල් පිළිගැනීමට ලක් වුණේ  2021 වසරේදීය. විචාරක පැසසුමට ලක් වූ Grahan වෙබ් සීරිස් එකෙනි. ඉන් පසුව, ඇය Mai: A Mother’s Rage, Modern Love: Mumbai, Jubilee, සහ Modern Love Chennai වැනි වෙබ් කතා මාලාවලද වැඩ කළා.

වමිකා ගබ්බි හිටපු ලෝක රූ රැජින සහ නිළියක් වන අයිශ්වර්යා රායි සමඟ සංසන්දනය කරන්නේ ඇයි?

ඇය අයිශ්වර්යා එක්ක සන්සන්දනය වෙන්නෙ ඇස් දෙක නිසා. එය 2000 මුල් භාගයේ අයිශ්වර්යාගේ ඇස්වලට සමානයි. The Great Indian Kapil Show හිදී කපිල් ශර්මා ඇගේ ඇස් බෙහෙවින්ම ලස්සන බවට වර්ණනා කිරීමෙන් පසු හැමෝම අවධානෙන් ඇස් දිහා බලන්න පටන් ගත්‍තා.

ඒත් ඇගේ හිනාව නම් සම්පූර්ණයෙන් දීපිකාටයි සමාන කරන්නේ.

මේ දිනවල වරුන් ධවාන්, කීර්ති සුරේෂ් සමඟ Baby John චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු අතරෙ ඇයව හඹායන පැපරාසීන්ගේ එකමඉල්ලීම වන්නේ මෙයයි.

ඔය ඇස් දෙක චුට්ටක් පෙන්නන්කෝ

උපුටාගැනීමකි!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports