කප්පම්කාර පෙම්වතා නිසා ජැකලින් භයානක උගුලක.. බන්ධනාගාරයේ සිට ප්‍රංශ මිදි වත්තක්ම තෑගි කරලා

ඔයාගෙන් ඈත්වීම නත්තල් සීයාගේ ක්‍රීඩාව කිරීමට මට බාධාවක් නෙවෙයි. මේ අවුරුද්දේ මට ඔයාට දෙන්න විශේෂ තෑග්ගක් තියෙනවා. “මගේ ආදරය“ අද මං ඔයාට තෑගි කරන්නේ වයින්..

ඔයාගෙන් ඈත්වීම නත්තල් සීයාගේ ක්‍රීඩාව කිරීමට මට බාධාවක් නෙවෙයි. මේ අවුරුද්දේ මට ඔයාට දෙන්න විශේෂ තෑග්ගක් තියෙනවා. “මගේ ආදරය

අද මං ඔයාට තෑගි කරන්නේ වයින් බෝතලයක් නෙවෙයි. ඔයා සිහිනෙන්වත් නොසිතූ ආකාරයේ ප්‍රංශ මිදිවත්තක්.

මේ වත්තේ ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න මං ආසයි. ලෝකෙට හිතෙන්න පුළුවන් මට පිස්සු කියලා. ඒත් මට ඇත්තටම පිස්සුවෙන්ඔයාට ආදරේ කරනවා. මම එළියට එනකම් ඉන්න, එතකොට මුළු ලෝකෙටම අපිව එකට දකින්න ලැබේවි

මේ දෙසැම්බර් 25 වැනිදා ජැක්ලින්ට තිහාර් බන්ධනාගාරයේ සිට නත්තල් සීයා එවු ලිපියයි.

නත්තල් සීයා ජැකලින්ගේ හිටපු පෙම්වතා වන සුකේෂ් චන්ද්‍රශේකර්ය. රුපියල් කෝටි 200 මූල්‍ය වංචා කිරීම් නඩුවකට අදාළවබන්ධනාගාර ගත වී සිටින සුකේෂ් පසුගිය අගෝස්තු මාසයේ ජැක්ලින්ගේ 39 වැනි උපන්දිනයට මෙවැනිම ලිපියක් සමඟ සුඛෝපභෝගීනෞකාවක් තෑගි වශයෙන් එවා තිබුණා.

කෙසේ වෙතත් ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වමින් මිල අධික තෑගි ලබා ගත් බවට චෝදනා එල්ල වී සිටින සහ විමර්ශනයන්ට් මුහුණදී සිටින ජැක්ලින් බන්ධනාගාරයේ සිට ඔහු එවූ එකදු තෑග්ගක් හෝ පිළිගෙන නැහැ.

මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් පැතිර යද්දී බොහෝ දෙනෙක් පවසන්නේ මෙය බොහෝ භයානක තත්ත්වයක් බවයි. ජැක්ලින්වහිතාමතා භයානක උගුලක සිර කිරීමේ සුකේෂ්ගේ කූට ප්‍රයත්නයක කොටසක් බව ඔවුන් පෙන්වා දෙනවා. මහා පරිමාණ මූල්‍ය වංචාගණනාවකට චෝදනා ලබා සිටින සුකේෂ් විටක ඇමතිවරයකුගේ පුත්‍රයකු ලෙසත්, අගමැති කාර්යාලයේ ඉහළ නිලධාරියකු ලෙසත්ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් ව්‍යාජ අනන්‍යතාවන්ගෙන් පෙනී සිටිමින් මුදල් වංචා කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ජැක්ලින් විමර්ශනවලදී ඇගේ නීතිඥයන් මාර්ගයෙන් බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ සුකේෂ්ගේ මූල්‍ය වංචා, කප්පම්ජාවාරම් පිළිබඳ කිසිවක් ඇය දැන සිටියේ නොමැති බවකි.

වාර්තාවලට අනුව, ජැකලින් ෆර්නෑන්ඩස් ඔහුගෙන් මෙම ත්‍යාග ලැබුණු බව පිළිගෙන තියෙනවා. මිල අධික ඔරලෝසු පහක්, සම්බාහනපුටුවක්, දියමන්ති කරාබු දෙකක් බ්‍රේස්ලට් එකක් ඇතුළුව මිල අධික මෝස්තර නිර්මාණ 20ක්, සපත්තු ජෝඩු 65ක්, ඇඳුම් ආයිත්තම්47ක්, මිල අධික බෑග්, සුවඳ විලවුන් ඇය ලබා ගත් ත්‍යාග අතරට ඇතුළත්. මිල අධික පූසන් හතර දෙනෙක්, රුපියල් ලක්ෂ 52ක් වටිනාඅශ්වයෙක් මෙන්ම ඇය ඔහුට ආපසු යැවු මිනි කූපර් රථයක් අතර වෙනවා.

නත්තලට ඇයට එවූ ලිපියෙ මෙම නත්තල ඇය සමඟ ගත කිරීමට නොහැකි වීම ගැන දුක් වෙන බවත් ළගදීම ලෝකයට පේන්නට එක් වනආකාරය ගැන ඔහු සිහින දකින හැටිත් ලියා තිබුණේ ජැක්ලීන්ව භීතියට පත් කරමිනි.

සූ

Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports