තට්ටු දාන්න ගිහින් ක*න පලාගත් තරුණයෙකුගේ කතාව !

වැරදීම් වෙන්න පුළුවන් වුණත් ඔහු ඒ කරන්න ගිය වැඩේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.. මේ කියන්න යන්නේ වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු..

වැරදීම් වෙන්න පුළුවන් වුණත් ඔහු ඒ කරන්න ගිය වැඩේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි..

මේ කියන්න යන්නේ වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු පිළිබඳව අපූරු කතාවක් ඇසෙන්නේ ලංකාවේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නගරයකින්..

ඔහු ධීවරයෙක්.. වැඩකරනුයේ බහුදින ධීවර යාත්‍රාවකයි.. මුහුදේ සිට එන්නේ අඩ මසකට වරක්.. ඒ එන සෑම වරකම ඔහුගේ අත මිට සරුයි… සරු අතමිට නිසරු කර ගන්නේ රහ මෙරට හා පරදාර සේවනයටයි… මුහුදෙන් ගොඩට එන මොහු නිවසට යනුයේ මේ ක්‍රියා සියල්ලෙන්ම සංතෘප්ත කර ගැනීමෙන් පසුවයි…

ඒ අනුව ඔහු එදා ගොඩබිමට පැමිණ දෙකක් දාගෙන එන්නේ බස් නැවතුම් පොළටයි… හොර පූසා මෙන් බස් නැවතුම් පොළට පැමිණි ඔහු බස්පොළම විනිවිද යන සේ බැල්ම හෙළනුයේ තමා බලන රුව එහි සිටීද යන්න සෙවීමටයි..

ඔහුගේ දෑස් නතරවනුයේ ඒ රූපය ළඟයි… ඒ ඇඳුම පැලඳුමට සමානයි.. ඒ උස මහතයි.. ජංගම දුරකතනයට කොටන ආකාරයද හරියටම හරිය.. ඇයගේ මුහුණ නොපෙ‍නෙනසේ පැත්ත හැරී සිටියත් ඒ ඇයමයි.. ඔහු අනුමාන කළා.. ඇය වෙතට කිට්ටු කළේ අනුමානය හරි නිසායි…

ෂූ ෂූ ගෑවා.. උගුර පෑදුවා… ඇය ඒ පැත්තවත් නොබැලු‍‍වා.. ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නා.. ඔහු පස්ස පැත්තෙන් තවත් ඇයට කිට්ටු කළේ ඒ සමගමයි… ඔහු නැවතත් තමා සොයන රුව සමග මේ රුව සංසදනය කළා.. වතාවල් කිහිපයක්ම ගෙන ගිය බැවින් මේ ඉන්නේ ඇයමයි ඔහු සිතුවා..

වටපිට බැලු‍‍වා… තමා වෙතට කිසිවකුගේ අවධානය නැති බව ඔහු දුටුවා… තවත් බලා සිටීමේ තේරුමක්ද නැහැ.. ඒ ඇයමයි.. නිවසට යාමට ද අවශ්‍යයි… නැවතත් වටපිට බැලු‍‍වා… කවුරුත් තමා ගැන අවධානයක් නැහැ.. ඒ නිසාම ඔහු ඇයගේ පසුපසට හීන් තට්ටුවක් දැම්මා.. ආපසු හැරුණු ඇය ඔහුගේ කන අත ගෑවේ ඒ ශබ්දයට සෑමදෙනාගේම දෑස් ඒ වෙතට යොමු වන ලෙසයි…

ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේ ඒ ඇය නොව වෙන කෙනෙකු නිසායි… වැරදීමක් කියා ඇයගෙන් ඔහු සමාව ඉල්ලු‍‍වා… ඒ වන විටත් ඇය ඔහුට සුද්ද සිංහලෙන්ම බැනවැදුනේ ඔහුගේ මවුපියන්ද මතක් කරමින්… කොල්ලන් ද පිරුනේ පහරදීමටයි… එන පොට හොඳනැති බව තේරුම් ගත් ඔහුට එතනින් පැන දිවීම හැර වෙනත් විකල්පයක් නොවීය..

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports