කෙනත් ගින්න නිසා කාඩේෂියන් පවුලේ සියලු දෙනා නිවෙස් අතැර යයි…..

අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් ගින්න මේ වනවිට ප්‍රකට ධනවතුන්ගේ දේපළ අවදානමට ලක්කරන ආන්තරායකාරී තත්වයකට පත්ව ඇත. විවිධ කලා මාධ්‍ය තුළ නිපුණතාව පළකරන කාදෂියන් පවුලේ සියළු සාමාජිකයන් ලොස්..

අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් ගින්න මේ වනවිට ප්‍රකට ධනවතුන්ගේ දේපළ අවදානමට ලක්කරන ආන්තරායකාරී තත්වයකට පත්ව ඇත. විවිධ කලා මාධ්‍ය තුළ නිපුණතාව පළකරන කාදෂියන් පවුලේ සියළු සාමාජිකයන් ලොස් ඇන්ජලීස් හි හිඩන් හිල්ස් සහ කැලබසාස් හි පිහිටි තම සුඛෝපභෝගී නිවාස වලින් ඉවත් වී ඇතැයි නවතම වාර්තාවක දැක්වේ.

‘කෙනත් ගින්න’ ලෙස නම් කර ඇති නව විනාශකාරී, වේගයෙන් පැතිරෙන ගින්න මෙම ප්‍රදේශයට තර්ජනයක්ව ඇත. කාදෂියන් පවුලේ සාමාජිකයන් සියළු දෙනා එකිනෙකා අතර සැතපුම් 06ක දුරක් තුළ ජීවත් වේ.

කිම්, ක්ලෝයි සහ කෝට්නි කාදෂියන්, ක්රිස් ජෙනර්, කයිලී ජෙනර් සහ කෙන්ඩල් ජෙනර් ඇතුළු පවුලේ සියළු දෙනා මේ වනවිට ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ඩේලි මේල් පුවත්පත තහවුරු කර ඇත.

කෙසේ වෙතත් ඔවුන් ගිය පසුව කැලබසාස් සහ හිඩන් හිල්ස් ප්‍රදේශ වල ඉවත් වීමේ නියෝග රජය ඉවත් කරන ලදී.

බ්‍රහස්පතින්දා දින වෙස්ට් හිල්ස් ප්‍රදේශය හරහා පැතිර ගිය කෙනත් ගින්න හේතුවෙන් ඉහළ ලොස් ඇන්ජලීස්-වෙන්චුරා කවුන්ටි මායිමේ හදිසි ඉවත් වීමේ නියෝගයක් නිකුත් කරන ලදී.

ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ වල ගොඩනැගිලි වල දැවී ගිය අවශේෂ තුළ මිනිස් සිරුරු සොයා ගැනීම සඳහා පුහුණු කළ සුනඛයින් යොදවා ඇත.

ගින්න පැතිරීම හමුවේ කැලබසාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතරතුර, මෙම ගින්න ගිනි තැබීමක් හේතුවෙන් ඇති වූ බවත්, සැකකරු පොලිස් භාරයේ සිටින බවත් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

කැලබසාස් හි කෝට්නි කාදෂියන් සහ විල් ස්මිත් ජීවත් වන මාලිබු කැන්යන් ප්‍රදේශයට තර්ජනය කරමින් වේගයෙන් පැතිරෙන කෙනත් ගින්න දැනට අක්කර 960ක් පුරා පැතිර ගොස් ඇති අතර එය 35%ක් පමණ පාලනය කර ඇත.

ගිනි නිවන භටයින්ට ඇමරිකානු ඩොලර් 2,500ක් වටිනා ආහාර පරිත්‍යාග කළ කාදෂියන් පවුල, ගිනි තැබීම සම්බන්ධ පුද්ගලයින් දැඩි ලෙස විවේචනය කර ඇත.

මේ අතර, පැරිස් හිල්ටන්ගේ මාලිබු වෙරළ නිවස ද ගින්නෙන් විනාශ වී ඇත. ඇය 2021 දී ඇමරිකානු ඩොලර් මිලියන 8.4කට මිලදී ගත් මෙම නිවස ලා කොස්ටා වෙරළ දක්වා විහිද තිබිණි. බ්‍රහස්පතින්දා දින ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ හදවත් කම්පා කරවන සුළු වීඩියෝවක් පළ කරමින්, “මෙය හුදෙක් ජීවත් වීමට තැනක් පමණක් නොවීය – මෙය අපගේ පවුල ලෙස අපි සිහින මැවූ, සිනාසුණු සහ අලංකාර මතකයන් නිර්මාණය කළ තැනයි” යැයි පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports