තාම අපි විවාහ වෙන දිනය තීරණය කරලා නෑ…. කවදා හරි ඒක වේවි ! – රටම ආදරය කරන දුෂේනි

ජනප්‍රිය ටෙලි නිළි දුශේනි මියුරංගි පසුගිය සතිඅන්ත පුවත්පතකට ලබා දී තිබුණා. එහිදී ඇය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්…. “මම මේ ගමන ගොඩක් හෙමින් ආවේ. ලැබුණු හැම..

ජනප්‍රිය ටෙලි නිළි දුශේනි මියුරංගි පසුගිය සතිඅන්ත පුවත්පතකට ලබා දී තිබුණා. එහිදී ඇය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්….

“මම මේ ගමන ගොඩක් හෙමින් ආවේ. ලැබුණු හැම නිර්මාණයක්ම මම බාරගත්තෙ නැහැ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු “පාර දිගේ”‍ ටෙලිනාට්‍ය නිසා මට අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් මට හරිම අවංක ප්‍රේක්ෂක පිරිසක් ඇති වුණා. ඒක “පාර දිගේ”‍ ටෙලිනාට්‍යයේ රඟ පෑ අපි හැමදෙනාටම ලැබුණා. ඒ එකතු වුණු පිරිස මාත් එක්ක “මායාවී”‍ ටෙලිනාට්‍යයටත් ඇවිත් ඉන්නවා. ඒ අවංකවම ලැබෙන ආදරය මට හරි වටිනවා.

සමහර දවස්වලට මහන්සිය දැනෙනවා. අපි හැඟීම් එක්ක රඟපාද්දි දැනෙන මහන්සියත් එක්ක “ටිකක් නිවාඩුවක් ගත්තොත් හොඳයි”‍ කියලා හිතිලා තියෙනවා. හැබැයි ක්ෂේත්‍රය නිසාවත්, ක්ෂේත්‍රයේ අය නිසාවත් මට කලකිරීමක් ඇතිවෙලා නැහැ…..

May be an image of 1 person and smiling

මහන්සි වෙන අතර ලැබෙන නිවාඩු දවස්වලට මම ටිකක් නිදාගන්න කැමති කෙනෙක්. ඉතින් ලැබෙන නිවාඩු දවසට මම ගෙදරට වෙලා හොඳට නිදාගන්නවා…. ලංකාවේ හෝ පිටරටක ටෙලිනාට්‍ය මාලාවක් තිබුණොත් ඒවා බලනවා. චිත්‍රපට බලනවා. කුරුණෑගල යනවා. එහෙම නැත්නම් කොළඹින් පිට ටිකක් ඇවිදින්න යනවා…..

No photo description available.

මගේ ජීවිතයේ ලැබුණු වටිනාම දේ අවංක ආදරයයි. ඒ ආදරය මට හැම පැත්තෙන්ම අඩුවක් නැතුව ලැබිලා තියෙනවා. සමහර කාල වලදී මට මගේ ජීවිතයේ අතිශය සාර්ථකත්වයට යන්න අවස්ථාව ලැබුණා. මම හොඳ ආදරණීය අම්මෙක් තාත්තෙක් ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා.

ඒ වගේම මගේ මල්ලිගෙන්, මගේ පෙම්වතාගෙන් හරි ආදරණීය ආදරයක් මට ලැබෙනවා….. කලාකාරියක් වීම තුළින් මට අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කලාකාරියන් වගේම ක්ෂේත්‍රයේ හැමෝගෙන්ම අවංක ආදරය ලැබෙනවා. ඒ වගේම මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය මට ගොඩක් වටිනවා. ඒ අවංක ආදරය තමයි මගේ ජීවිතය ලැබුණාම වටිනාම දේ.

May be an image of 2 people, people dancing, wedding and text

ප්‍රේමය කියන්නෙ සුන්දරම දෙයක් නෙවෙයි. ඒක හැලහැප්පීම්, තේරුම් ගැනීම් එක්ක එකතු වුණු ආදරයත් එක්ක ඉස්සරහට යන දෙයක්. ප්‍රේමය හරි ලස්සනයි. අපි ආදරය කරනවා….. තාම අපි විවාහ වෙන දිනය තීරණය කරලා නැහැ. කවදා හරි ඒක වේවි. හැමදෙයක්ම තේරුම් ගත්ත මේ මොහොතේදී අපේ ආදරය හරි සුන්දරයි. ”

No photo description available.

May be an image of 1 personMay be an image of 1 person, smiling and text

No photo description available.

No photo description available.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports