සාමාන්‍ය මගී පර්යන්තයෙන් චීනය බලා ගිය ජනපති අනුර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයෙන් චීන රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (13) දිවයිනෙන් පිටත්ව ගිය අතර, ජනාධිපතිවරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටත්ව යාම කැපී පෙනිණි.

ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පිං, අග්‍රාමාත්‍ය ලී ච්‍යං සහ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලෙජි යන මැති ඇමතිවරුන් හමුවීමට නියමිතය.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර යන මහත්වරු ද සහභාගී වෙති.

මෙම සංචාරයේදී ආයෝජන, බලශක්ති, ධීවර හා ආර්ථික අංශ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් අවබෝධතා ගිවිසුම් 07ක් අත්සන් කිරීමට නියමිතයි.

අවබෝධතා ගිවිසුම් වලට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනයේ සහාය ඇතුළුව ආර්ථික ප්‍රතිසාධනය සඳහා චීනයේ සහය ලබා ගැනීම ප්‍රධාන සාකච්ඡා මාතෘකා අතර වනු ඇත.

යෝජිත අවබෝධතා ගිවිසුම් වලට කෘෂිකර්මය, සංචාරක, අධ්‍යාපන සහ තාක්ෂණික අංශ ද ඇතුළත් වනු ඇත.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ පහක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත. ඒ අනුව, ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුන සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා ද වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර, විශේෂයෙන් ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related Posts

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 163 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 77 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 633 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

  • By admin
  • April 6, 2026
  • 82 views
රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

  • By admin
  • April 6, 2026
  • 944 views
අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

  • By admin
  • April 6, 2026
  • 1305 views
අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…