ගයාන් – චතුරිකා සිය දියණිය යලි කිසිම රුපවාහිනි වැඩසටනකට සම්බන්ධ කර නොගන්න තීරණය කරේ ඇයි ?

අසංවේදී ලෝකයට ‘ආරාධනා’ලා නිරාවරණය නොවිය යුතුය ලෝකය පිරී ඇත්තේ අමුතු සහ පුදුම සහගත දේවලිනි. හොඳ සහ නරක යන දෙකෙහිම එකතුවකිනි. අන්තර්ජාලය ප්‍රමුඛ සමාජ මාධ්‍යයන් ද..

අසංවේදී ලෝකයට ‘ආරාධනා’ලා නිරාවරණය නොවිය යුතුය

ලෝකය පිරී ඇත්තේ අමුතු සහ පුදුම සහගත දේවලිනි. හොඳ සහ නරක යන දෙකෙහිම එකතුවකිනි. අන්තර්ජාලය ප්‍රමුඛ සමාජ මාධ්‍යයන් ද ලෝකයේම පිළිඹුවක් වන අතර හොඳ සහ නරකේ සුසංයෝගයකි.

මෑතකදී රංගන ද සිල්වා විසින් මෙහෙයවන ‘සියත තරු පිරි රෑ’ නම් රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන ගයාන් වික්‍රමතිලක හා චතුරිකා පීරිස්ගේ දියණිය වන ‘ආරාධනා’ ට කැත පන්නයේ සමාජ මාධ්‍ය ප්‍රහාරයකට ලක් වීමට සිදු වුණා.

කුඩා උන් පමණක් නොව මහ උන් ද වැඩසටහනේ ස්වභාවය තුළම බුලි වීම්වලට ලක් කරන මෙම වැඩසටහනට ගායාන්ගේ පවුලත් සමඟ සහභාගී වු අනෙක් පවුල වූයේ රොෂාන් රණවන ඔහුගේ බිරිඳ සහ මේ වන විට ජනප්‍රිය වී සිටින ඔවුන්ගේ පුතු මිනෙත් ය.

මිනෙත් සංගීතයට ලැදි ඉතා දක්ෂ ලෙස ගීත ගායනා කරන බැවින්ම සියල්ලන්ගේ ආදරය දිනාගාත් කුඩා දරුවෙක් වන අතර ආරාධනා ද ගයාන් හා චතුරිකාගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ නිතර දකින්නට ලැබෙන නිසා සියලු දෙනා හඳුනන දරුවෙකි.

රංගනගේ වැඩසටහනේ ස්වභාවය තුළ මිනෙත් කැපී පෙනුණ අතර ‘ආරාධනා’ පෙන්නුම් කළේ අලස ස්වභාවයකි. කුඩා දරුවන් එලෙසය. සෑම දරුවෙක්ම එක සමාන නොවන අතරම ඔවුන් මොහොතෙන් මොහොතට වෙනස් හැසිරීම් පෙන්නුම් කරයි. සමාජ මාධ්‍යවල අප දැක ඇති ආරාධනා ඉතා හුරතල් ක්‍රියාශීලී දරුවෙකි. වැඩසටහන අතරතුරදීත් ඇය සතිදෙකක පමණ සිට අසනීප තත්ත්වයෙන් පසුවන බව පැවසුණා.

එහෙත් මිනිසුන් මිනෙත් හා ආරාධනා අසාධාරණ ලෙස සන්සන්දනය කරනු ලැබූ අතර ආරාධනා ඉංග්‍රීසියෙන් පමණක් කතා කිරීමට පවා විවේචනය එල්ල කර තිබුණේ කැත ආකාරයටයි. සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට පවා භාවිත නොකරන වචනවලින් මිනිසුන් ඇයට දමා ගසා ඇති ආකාරය ඇත්තටම පුදුම සහගතය. ආරාධනා ක්‍රියාශීලී නොවන කිසිම හැකියාවක් නැති දරුවෙකු බව හෝරාවක පමණ කෙටි කාලයකින් තීරණය කරන්න මිනිස්සුන්ට පුළුවන් වුණා.

වෙනත් ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දරුවන්ගේ නම් කියමින් ඔවුන් ගෙන්නුවා නම් හොඳයි මිනෙත්ට ගැළපෙන්නේ මෙයා යයි සඳහන් කරමින් මිනිසුන් ආරාධනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේ ඇය අවුරුදු හයක කුඩා දැරියක් බව ද අමතක කරමිනි. කිසිවක් නොදත් දරුවෙක් ට්‍රොල් කිරීම ‍යනු ඔබත් මාත් භාවිත කරනු ලබන සමාජ මාධ්‍ය යුගයේ පිළිකුල්ම සහගත තත්ත්වයකි.

එපමණක් නොව මව්පියන්ගේ ජීවිතය පවා පුංචි ආරාධනාට සම්බන්ධ කිරීමට පවා අකාරුණික වීම ඉතාම ජුගුප්සාජනකය.

මෙම සිදු වීමෙන් පසු ගයාන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දැමූ සටහනකින් ඔවුන්ගේ දියණිය වන ‘ආරාධනා’ නැවත අත්‍යාවශ්‍යම අවස්ථාවක හැර කිසිදු රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ නොකරන බව සඳහන් කර තිබුණේ තාත්තෙකු ලෙස දැඩි වේදනාවකින් විය යුතුය.

ගයාන් – චතුරිකා මෙය පමා වී හෝ ගත් බුද්ධිමත්ම තීරණයක් වන අතර දරුවන් අනවශ්‍ය ලෙස සමාජයට හා මාධ්‍යවලට නිරාවරණය කරන ජනප්‍රිය, සාමන්‍ය බේදයකින් තොරව සියල්ලන්ට මෙය හොඳ ආදර්ශක්ය.

හයක් හතරක් නොතේරෙන දරුවන් ඔවුන් කිසිදාක දැක නැති මිනිසුන්ගේ වෛරයට ද්වේශයට ලක් නොවිය යුතුය. ඇඟිලි තුඩකින් පුපුරුවා හරින පපු යට පැසව පැසවා තිබූ වෛරී හැඟීම් කන්දකට දරුවන්ට යට කරන්නට ඉඩ නොතැබිය යුතුය.

මෙවැනි යුගයක දරුවන් පරිස්සම් කර ගැනීම අසීරුම වැඩකි. සමහර විට ආරාධනා පිටින් යැව්වෙ ගයාන් සහ චතුරිකා කෙරෙහි පැවති ද්වේශයක් විය හැකිය.

අප තේරුම් ගත යුතු ඇත්ත වන්නේ මිනිසුන්ගේ චිත්තවේග පාලනය කිරීම අපට කළ නොහැක්කක් බවයි. කළ හැකි එකම දේ වන්නේ එවැනි හැඟීම් කලාපයන්‍ට දරුවන් නිරාවරණය නොකර සිටීම පමණයි.

අසංවේදි මිනිසුන්ගේ ද්වේශයට ලක් වූ පසු ලැබෙන අනුකම්පාවෙන් ආරාධනාට හෝ කිසිම දරුවෙකුට ඇති වැඩක් නැත. ඒ අර්ථයෙන් සමාජ මාධ්‍ය සහ මුග්ද රූපවාහිනී වැඩසටහන්වලට තම දරුවා නැවත සහභාගී නොකිරීමට තීරණය කිරීමෙන් ගයාන් සමස්ත සමාජයටම හිතන්න දෙයක් ඉතිරි කර ඇත.

Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports