මෙම තැනැත්තා සමග ඇතිවූ ගැටුමකින් අනතුරුවයි ඔහු මෙසේ තුවාල ලබා ඇති අතර පසුව ඔහු මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා..
මීට අදාළ සැකකරු විසින් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ඔවුන්ගේ නිවස මංකොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී සයිෆ් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් නිදා සිට තිබෙනවා..
ඔහුට තුවාල හයක් සිදුව ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල බවත්, එක් තුවාලයක් ඔහුගේ කොඳු ඇට පෙළට සමීපයේ සිදුව ඇති බවත්, වෛද්‍යවරුන් පවසනවා..
ඒ අනුව, ඔහුට ශල්‍යකර්මයක් සිදු කරන බවයි ඔහු ඇතුළත් කර ඇති රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ..

















