රංගන ශිල්පී චන්න පෙරේරා ගැන රටම දන්න ඔහුගේ සමකාලීනයෙකු කියපු අපූරු කතාව… කවුද මේ සමකාලීනයා…?

මේ දවස්වල කියලා විශේෂ කළාට මොකද, චන්න පෙරේරා කියන්නෙ එදා පටන් ම බබළන තරුවක් තමයි. හරියට ම කිව්වොත්, කාලය ඉගිළුණත් එළිය අඩු නොවන තරුවක්. ඒ..

මේ දවස්වල කියලා විශේෂ කළාට මොකද, චන්න පෙරේරා කියන්නෙ එදා පටන් ම බබළන තරුවක් තමයි. හරියට ම කිව්වොත්, කාලය ඉගිළුණත් එළිය අඩු නොවන තරුවක්.

ඒ කතාව ඔහුගේ නිර්මාණ කාර්‍යයට සේ ම රූපයටත් අදාළයි.

ඉතින් අර ආරම්භයේ අපි ‘මේ දවස්වල’ කියලා විශේෂ කළේ රූපයට අදාළව.

ගෙවුණු දවසක “රෝස ආදරේ” බෙදාගන්න ආව චන්නව, කාටත් වඩා විශේෂ වෙලා පේන්න ගත්තා.

හේතුව ඔහුගේ සදා නොවෙනස් රූපය. එදාටත් වඩා දැන් ඔහු කඩවසම් බව පිළිගන්නම වෙනවා.

ඒ රූපයේ රහස ගැනත් ඔහු මේ විදියට කියලා තිබුණා…

”ආදරෙන් හිත පුරවා ගත්තාම එහෙම වෙනවා.
ආදරෙන් මං දිහා බලනකොට, මාව ලස්සනට පේනවා ඇති කියලා මම හිතනවා.
මං හරි ආසයි හිත පුරවගෙන ඉන්න.
ආදරෙන් හිත පිරුණාම, හදවත පිරුණාම හැමෝම ලස්සන වෙනවා…”

චන්න පෙරේරා ගැන සමාජ මාධ්‍යයේ කෙරෙන අපූරු කතාබහේදී දකින්න ලැබුණු එක් ආදරණීය සටහනක් තමයි මේ. සටහන ඇස ගැටුණේ, අජිත් පී පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්….

”සදා නොවෙනස් ,
මගේ ගමේ,
කල්යාණ මිතුරා.
බණ්ඩාරගම ක්‍රිඩා සමාජය අපි හැදුවේ 1982 දී.
චන්න [අයියා] පළමුවන ලේඛම්. මම උප සභාපති. පසුව මම සභාපති. දෙදෙනා වසර 6 ක් එම තනතුර දැරුවා. ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයා. ආරම්භක වේග පන්දු යවන්නා.
කොළඹ රාජකීය විදුහලේ ඉගෙනගත්ත චන්න.
විශ්වවිද්‍යාලයට යනවා වෙනුවට,
අපි හැමෝටම කලින් ඔහු කොමර්ෂල් බැංකුවේ රැකියාවට ගියා.
බැංකුවේ විධායක රැකියාව වසර කීපයකින්ම අතහැරියේ, නළුවෙක් විදිහට පුර්ණකාලීනව වැඩ කරන්න.
හැමෝම අකමැති වෙද්දී, ඔහු ඒ පාරේ ගියා. ජීවිතය ජයගත්තා.
ඔහු තවමත් ඉස්සර වගේම ලස්සනයි.
කඩවසම්
නීරෝගීයි. හේතු ගොඩක්.
ව්‍යායාම, මත්පැන් නොබීම, සිගරට් නොබීම
හොද හිත.
ඔහුගේ ලස්සන, ඔහුට උරුම වෙන්නේ ආදරණීය අම්මාගේ ජාන වලින්. අම්මා හරිම ලස්සනයි
වයස, තව මාස කීපයකින් 60 යි
මම ඔහුගේ මල්ලි, භුෂාන්ගේ වයසේ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports