සයිෆ් අලී ඛාන්ට එල්ල වූ පිහි ඇනුම ගැන ඇත්ත විස්තරේ මෙන්න… කරීනා කපූර් සියල්ල හෙලි කරයි…

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් හට 16 අලුයම සිය නිවසේදීම එල්ල වූ පිහි ඇනුම සම්බන්ධයෙන්, කරීනා කපූර් ඛාන් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ,..

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් හට 16 අලුයම සිය නිවසේදීම එල්ල වූ පිහි ඇනුම සම්බන්ධයෙන්, කරීනා කපූර් ඛාන් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ, සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ බෙදාගත් සටහනක් ද සමඟයි.

කරීනා එම සටහනෙන් අවධාරණය කරන්නේ, තම පවුලට අභියෝගාත්මක දිනයක් වූ ඊයේ දිනයේ සිදුවීම් පිළිබඳව තවමත් කල්පනාවෙන් පසුවන බවයි.

එවන් තත්ත්වයක් තුළ මාධ්‍ය සහ පැපරාසීන්ගෙන් ඇය ඉල්ලා තිබුණේ, උපකල්පනවලින් වළකින ලෙසයි.

එමෙන්ම සිය පවුල සමඟ සිටීම සම්බන්ධයෙන් සහ දැක්වූ සහයෝගය ද ඇය අගය කර තිබුණා.

කෙසේ නමුත් තම පවුලේ පවත්නා සීමා මායිම්වලට ගරු කරන ලෙසත් පවුලක් ලෙස යළි පෙර මානසිකත්වයට පැමිණීමට අවශ්‍ය අවකාශය ලබාදෙන ලෙසත් ඇය කාරුණිකව ඉල්ලා තිබීම විශේෂයි.

මේ අතර දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සයිෆ්ගේ පිහි ඇනුමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම පුද්ගලයා බන්ද්‍රා පොලිස් ස්ථානයට ගෙන එන බව දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන නමුත්, ඒ අදාළ පුද්ගලයාම ද යන්න තවමත් තහවුරු කර නොමැත.

සයිෆ් අලි ඛාන් ඊයේ දින මෙම සිදුවීමට මුහුණපා තිබුණේ මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේදී යි.

මේ සම්බන්ධයෙන් සයිෆ්ගේ පවුලේ පිරිස් වෙතින් සැනින් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකළ නමුත්, විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින් අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්‍රචාරක කණ්ඩායම ඊයේ දිනයේදීම නිවේදනය කර තිබුණා.

මෙම පිහි ඇනුම, සයිෆ් – කරීනා යුවළගේ නිවසේ සොරකමක් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූවක් වූ බවයි එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ.

එමෙන්ම පිහි ඇනුමෙන් තුවාල ලද සයිෆ්, ශල්‍යකර්මයකට බඳුන්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පවුලේ අනෙක් අය හොඳින් පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සයිෆ් ප්‍රතිකාර ලබන රෝහලේ (Lilavati Hospital) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නිරාජ් උත්තමනි බීබීසී වෙත ප්‍රකාශ කර තිබුණේ, පිහි ඇනුමින් සයිෆ් හට තුවාල හයක් සිදුව ඇති බවත්, ඉන් දෙකක් තරමක ගැඹුරු ඒවා වන බවත් ය. එම තුවාලවලින් එකක් කොඳු ඇට පෙළට ආසන්න බවත් සඳහන්.

සයිෆ්ගේ නිවසට සැකකරු ඇතුළු වී තිබුණේ ඔහු සිය බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් – ජේ දෙදෙනා සමඟ නිදා සිටියදී යි.

පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණයව තිබුණේ.

එමෙන්ම සයිෆ්ගේ නිවසේ සිටි සේවිකාවකට ද අදාළ පුද්ගලයා පහර දී ඇති බවත් එම සේවිකාව ද ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.

(උපුටා ගැනීමකි)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports