සැමියා සමඟ ෂූටින්වලදිත් වෙන වෙනම කාමර ඉල්ලන, සිපගන්න දර්ශන බෑ කියන බිපාෂා බාසු..

ඉන්දීය ගායකයකු වන මීකා සිං (Mika Singh) විසින් මෑතකදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා.

ඒ බොලිවුඩයේ තරු යුවළක් වන බිපාෂා බාසු සහ ඇගේ සැමියා වන කරන් සිං ග්‍රෝවර් පිළිබඳවයි.

මීකා, 2020 වසරේදී Dangerous නම් වෙබ් කතා මාලාවක් නිර්මාණය කිරීමට අත ගසා තිබුණා. එය ඔහුගේ පළමු නිෂ්පාදනය වූ නිසාම ප්‍රවේශමෙන් සිදු කිරීමට වුවමනා වූ අතර ඒ සඳහා තෝරා ගත්තේ Raaz චිත්‍රපටයේ නිෂ්පාදක වික්‍රම් භාත් විසින් ලියන ලද පිටපතක්.

කිසිම අවදානමක් ගැනීමට අවශ්‍ය නොවූ නිසා, ඔහු භාත්ගේ කණ්ඩායමම ව්‍යාපෘතියට තෝරා ගත් අතර අය වැය සමබරව පවත්වා ගැනීම සඳහා නළු කරන් සිං ග්‍රෝවර් සහ නිළිය සඳහා නවක මුහුණක් තෝරා ගැනීමට තීරණය කර තිබුණා.

එහෙත් බිපාෂාට එම කතා මාලාවේ සිය සැමියා හා සම-රංගනය අවශ්‍ය වූ බවත් ඒ සඳහා බලපෑම් කළ බවයි මිකා මෑතකදී ප්‍රකාශ කළේ.

ඔහු කියන ආකාරයට බිපාෂා සහ ඇගේ සැමියා මුළු නිෂ්පාදනයම කඩා කප්පල් කිරීම ආරම්භ කර තිබුණේ ඒ ආකාරයටයි.

මීකා පවසන්නේ එය ඔහුගේ වෘත්තිය ජීවිතයේ භයානකම සිදු වීම බවයි.

බිපාෂා මැද්දට පැන බලහත්කාරයෙන් කතා මාලාවේ ප්‍රධාන භූමිකාව ලබා ගත් පසුත් සෙල්ලම අවසන් වුණේ නැහැ. ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර තවත් ගැටලු රැසක් නිර්මාණය කිරීමට මුල පුරා තිබුණා.

ඔවුන් නිසා මාස තුනකින් රූ ගත කිරීම අවසන් කිරීමට සැලසුම් කර තිබූ නිෂ්පාදනය මාස හයකට කල් ගිය බව මීකා පවසනවා.

“මාසයක කාලසටහනකට මම 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලන්ඩනයට රැගෙන ගියා. එය මාස දෙකක් දක්වා දීර්ඝ කිරීමට ඔවුන් කටයුතු කළා. ඔවුන් විවාහක යුවළක් වූ නිසා මම ඔවුන් සඳහා වෙන් කළේ තනි කාමරයක්. එහෙත් ඔවුන් නැහැ, අපට අපේ වෙනම කාමර අවශ්‍ය බව පැවසුවා. ඔවුන් අඹු සැමියන් නිසා මට ඔවුන්ගේ තර්කය තේරුණේ නැහැ. පසුව ඔවුන් වෙනත් හෝටලයකට යාමට අවශ්‍ය බව කිව්වා. අපි ඒකත් කළා.”

පසුව, ස්ටන්ට් දර්ශනයක් රූගත කරන විට, කරන් සිං ග්‍රෝවර්ගේ කකුල බිඳී ගිය බවත් රූගත කිරීම් තවදුරටත් කල් ගිය බවයි මීකා පැවසුවේ.

“චිත්‍රපටයේ හඬ කැවීම්වලදී පවා ඔවුන් ප්‍රශ්න ඇති කළා. උගුරේ අමාරුව සහ වෙනත් දේවල් ගැන නිදහසට කරුණු ඉදිරිපත් කළා. මේ නාට්‍යය මට තේරුම් ගැනීමට නොහැකි වුණා”

පිටපතේ සිපගැනීමේ දර්ශනයක් ඇති බව පැහැදිලිව සඳහන් කර ඇති ගිවිසුමක් අත්සන් කර තිබියදීත් යුවළ සිපගැනීමේ දර්ශනයක් කිරීම පවා ප්‍රතික්ෂේප කර තිබුණේ කිසිවකුට විශ්වාස කළ නොහැකි ආකාරයටයි.

ඔවුන් ස්වාමිපුරුෂයා සහ භාර්යාව වශයෙන් තිරය මත එකිනෙකා සිප ගනිමින් ඕනෑ තරම් නිර්මාණ කර තිබුණා. ඔවුන් Yash Raj Films වැනි විශාල නිෂ්පාදකයින්ගේ ඉතා කුඩාම චරිත පවා භාර ගත්තද කුඩා නිෂ්පාදකයින් සූරා කෑමට කටයුතු කරන බවයි මීකා වැඩිදුරටත් සඳහන් කළේ.

අපිත් වියදම් කරන්නෙ සල්ලි තමයි.. මීකා මෙම සිදුවීමෙන් කෙතරම් කලකිරීමට පත්වුණාද කියහොත් වෙබ් කතා මාලාවන් හා චිත්‍රපට නිෂ්පාදනයෙන් සදහටම සමුගෙන තිබුණා

Lakvahini

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 229 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 644 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1039 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 95 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…