විරාත් කෝලිගේ කාබන් කොෆියක් බඳු ‘අකායි’ගේ මුහුණ පළමුවරට මාධ්‍යයට

2021 ජනවාරි මාසයේදී ඔවුන්ගේ දියණිය වන වාමිකා (Vamika Kohli) පැමිණීමෙන් පසු අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිගේ ලෝකය සම්පුර්ණ කරමින් පුතු අකායි කෝලි (Akaay Kohli) පැමිණියේ..

2021 ජනවාරි මාසයේදී ඔවුන්ගේ දියණිය වන වාමිකා (Vamika Kohli) පැමිණීමෙන් පසු අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිගේ ලෝකය සම්පුර්ණ කරමින් පුතු අකායි කෝලි (Akaay Kohli) පැමිණියේ 2024 පෙබරවාරි මාසයේදීය.

එතැන් සිට විරාත් සහ අනුෂ්කා දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යවලට නිකුත් නොකිරීම ගැන දැඩි ප්‍රතිපත්තියක සිටි අතර සෑම විටම ඔවුන් මාධ්‍යයවලින් පරිස්සම් කර ගැනීමට උත්සහ කළා.

ඔවුන් පැපරාසි මාධ්‍ය ඇතුළු ඔවුන්ගේ රසිකයගෙන් කළ එකම ඉල්ලීම වූයේද දරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ නොකරන ලෙසත් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසත්ය.

ඒත් මෑත දිනක, මුම්බායි ගුවන් තොටුපළේ දී අකායිගේ මුහුණ යන්තමින් කැමරාවට හසු කර ගැනීමට සමත් වුණු පැපරාසි මාධ්‍ය ඒ මොහොතේම එම ඡායාරූපය අන්තර්ජාලට එක් කරනු ලැබුවේ විරාත්ලාගේ ඉල්ලීම කුණු බක්කියට දමමින් ය.

ඉන්පසු, අනුෂ්කා විසින් අකායි වඩා ගෙන සිටින වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යවලත් විරාත් සහ අනුෂ්කාගේ රසික පිටුවලත් දිගට හරහට බෙදා ගනිමින් පවතී.

අකායිගේ මුහුණ බලාගැනීමට දැඩි ආසාවකින් සිටි රසිකයන් මෙම වීඩියෝවෙන් ඉමහත් සතුටට පත්ව එය ආදරයෙන් වැළඳගෙන තිබුණු අතරම ‘ආකායි’ විරාත්ගේ කාබන් කොපියක් බවයි සඳහන් කළේ.

කෙසේ වෙතත් විරුෂ්කා යුවළට ආදරය කරන සමහරු මෙයට එතරම් කැමැත්තක් දක්වා නැහැ.

ඔවුන්, විරාත් සහ අනුෂ්කාගේ නිරන්තර ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අකායි කැමරාවට හසු කර ගත් පැපරාසි මාධ්‍යයන්හි ආක්‍රමණශීලී හැසිරීම හෙළා දැක තිබෙනවා.

Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports