එදා රිදී තිරයෙන් අප හමුවට ආපු මේ අපූරු රංගන ශිල්පියා දැන් රඟපෑමෙන් ඉවත් වෙලාද ? මෙන්න වෙලා තියෙන වැඩේ..

පැතුම් රුක්ෂාන් මෑතකාලයේ ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබුණෙ දිවිතුරා, ජීවිතේ ලස්සනයි වගේ මෙගා ටෙලි නාට්‍ය තුළින්. නමුත් ඔහුට හදිසියේම විදෙස්ගතවෙන්න සිදුවෙනව. ඒ තම ආදරණීය බිරිඳ සහ දරුවා වෙනුවෙන්. මේ අතරතුර පැතුම්ට හර්ෂ උඩකන්ද මුණගැහෙනව. ඔහු ගේනව යෝජනාවක්. එහි ප්‍රතිපලය ‘රෝස ආදරේ’ ලෙසින් රිදී තිරයේ දිගහැරෙනව. අපි පැතුම්ගෙන් මේ කතාව අහමු.

⚫පැතුම් රුක්ෂාන් අවුරුද්ද මුලදිම දුෂ්ඨයෙක් වෙලා යාළුවගෙ ජීවිතයට අකුල් හෙලනව?
මුලින්ම කියන්න ඕන, ‘රෝස ආදරේ’ චිත්‍රපටය ගැන තමයි මේ කතාකරන්නෙ. මගේ චරිතය වෙන්නෙ ජගත්. ජගත් කියන්නෙ ප්‍රධාන චරිතය වන අනුජ්ගෙ හොඳම යාළුව. ඒ යාළුකමේ තියෙන සහෝදරකම, ආදරය මේ හැම දෙයක්ම ඒ චරිතය තුළ තියෙනව. නමුත් කාලයත් එක්ක චරිතයේ පොඩි වෙනස්කම් වගයක් සිද්ධ වෙනව. ඒවාත් එක්ක තමයි මේ යහළුවන් අතර යම් හැලහැප්පීමක් ඇතිවෙන්නෙ. මම වැඩිපුරම දායක වෙලා තියෙන්නෙ ආදර කතාවලට. ගොඩක්ම කළේ ප්‍රේමවන්තයාගේ චරිත. නමුත් මෙතැනදි මට වෙනස්ම විදිහේ චරිතයක් කරන්න ලැබෙනව. මේවන විට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.

⚫පැතුම්ට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
පසුගිය කාලයේ මම ලංකාවෙ හිටියෙ නැහැ. නමුත් හදිසියේ ආපු වෙලාවක හර්ෂ මාව මුණගැහිල මේ කතාව ගැන කියල පිටපත මගෙ අතට දීල අහනව අපි මේ වැඩේ කරමුද කියල. මගේ පෞද්ගලික වැඩවගයකට නැවත විදෙස්ගතවෙන්න ඉන්න අවස්ථාවක තමයි හර්ෂ මේ විදිහට මාව මුණගැහෙන්නෙ. ඒ වෙලාවෙ මම ඔහුට කිව්වෙ, හර්ෂ, මේ වෙලාවෙ මට මේක කරන්න බැරිවෙයි, මොකද මේ කාලවකවානුව වෙනකොට මට ලංකාවේ ඉන්න එකක් නැහැ කියල. ඒ වෙලාවෙ හර්ෂ බලෙන්ම වගේ පිටපත අතට දීල, මේක කියවල බලල ඔයාට සෙට් නම් කෝල් එකක් දෙන්න කියල කිව්ව.

⚫පිටපතට ඔබ කැමති වුණා?
ඇත්තටම පිටපත කියෙව්වට පස්සෙ මට හිතුන මම චරිතය කරන්න ඕන කියල. ඒකත් එක්ක මගේ වැඩ ඔක්කොම කල්දමල නිර්මාණයට එකතු වුණා.

⚫චරිතයට සූදානම් වීම ගැන කතා කළොත්?
මට මේ අවස්ථාව ලැබෙන වෙලාවෙ මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා හිටියෙ. එයා වෙනුවෙන් කාලය වෙන්කරන්න ඕන නිසයි මුලදිම මම වැඩේ භාරගන්නත් අදිමදි කළේ. කොහොම වුණත් බිරිඳ සහ පවුලේ අය හැමෝම කිව්වෙ ඔයා වැඩේ භාරගන්න අපි මේ දේවල් බලාගන්නම් කියල. නිර්මාණය රූගත කරන අතරතුර දෙවරක් මට ලංකාවට ඇවිත් යන්න සිද්ධ වුණා.

⚫ජගත් කියන්නෙ මොන වගේ චරිතයක්ද?
මේ ටිකක් වෙනස් විදිහේ චරිතයක්. ඒක මම වැඩිය කියන්න යන්නෙ නැහැ. ඒ කුතුහලය ගන්න නම් චිත්‍රපටය බලන්නම ඕන. විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ කාලයත් එක්ක මේ චරිතය වෙනස්වීම් කිහිපයකටම ලක්වෙනව. ඒ වෙනස්වීම් එක්ක නමුත් නොවෙනස්ව චරිතය ගොඩනගාගෙන යන එක මට අභියෝගයක් වුණා. එහිදී අධ්‍යක්‍ෂ හර්ෂ උඩකන්දගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණ මේ වැඩේ ලස්සනට කරගන්න.

⚫පුළුල් තිරයේ පළමු වතාවට ඔබ ඔබේ රංගනය දකිනවා?
ඔව්, චිත්‍රපටයේ මුහුරත් උළෙල සහ මීඩියා ප්‍රදර්ශනය පැවැත්වුණේ එකවර. මමත් මුල්ම වතාවට පුළුල් තිරයේ මාව දකින්නෙ එතැනදි. ඒ අත්දැකීම ගන්න මම ලොකු ආසාවකින් ගියේ. ඇත්තටම ඒක ලොකු සතුටක් වගේම මට මං ගැනම ආඩම්බරයි.

⚫පැතුම් පසුගිය කාලයේ ලංකාවේ හිටියෙ නැහැ?
ඔව්, මගේ වයිෆ් ඉන්නෙ කැනඩාවෙ. ඇයට බබා ලැබෙන්න ආසන්නව හිටිය නිසා ඒ වැඩවලට මට යන්න සිදු වුණා. කොහොම වුණත් මම වැඩිපුර කැමති ලංකාවේ ඉන්න. අපි එහෙම ඇවිත් ඉන්න අවස්ථාවකදි තමයි චිත්‍රපටයේ මුහුරත් උළෙලත් පැවැත්වුණේ. ඒකත් ලොකු වාසනාවක්. මොකද මගේ වයිෆ්ටත් මං එක්කම මේ නිර්මාණය රස විඳින්න අවස්ථාව ලැබුණා.

⚫දැන් තත්තවෙ කොහොමද?
දැන් දිගටම ලංකාවේ ඉන්නව. මොකද මගේ ව්‍යාපාර තියෙන්නෙත් ලංකාවෙ. සහෝදර ශිල්පීන් සියලුදෙනාම වගේ ඉන්නෙත් ලංකාවෙ. ඒ නිසා මෙහේ තමයි මට හරියන්නෙ. ඉඳහිට කැනඩාවලට ගිහින් එන්න යන්න වෙයි.

⚫චිත්‍රපටය ගැන බිරිඳගෙ ප්‍රතිචාරය කොහොමද?
ඇත්තටම ඇයටත් ගොඩක් සතුටුයි ලංකාවේ ඉන්න කාලෙම රිලීස්වුණ එක ගැන. ඒ වගේම මේ මගේ පළමු සිනමා නිර්මාණය නිසා ඇයටත් ලොකු ආඩම්බරයක් තියෙනව. මොකද ඇයට බබා ලැබෙන්න ඉන්දැද්දිත් මට පුළුවන් උපරිම සහයෝගය මේ වෙනුවෙන් ලබා දුන්න නිසා.

⚫ඔබේ බිරිඳ පෙම්වතියක් ලෙස මුණගැහෙන්නෙ ඔබ නිරූපණ ශිල්පියකුව සිටි අවධියේ?
ඔව්, ඇයව මට මුණගැහෙන්නෙ මම නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරන කාලෙ. ඒ නිසා ඇය මං ගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ. ඇය හරිම කැමතියි මම රංගන ක්‍ෂේත්‍රයේ කටයුතු කිරීම ගැන.

⚫සැලෝන් එකේ වැඩ කටයුතු කොහොමද?
මගේ සැලෝන් එක, සැලෝන් පී. ආර්. බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ තියෙන්නෙ. දැනට අවුරුදු හයක් පුරා මම මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරනව. විදේශයන්ගෙන් ලබාගන්නා ආභාෂයත් එක්ක මම හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ සැලෝන් ෆීල්ඩ් එකේ ලොකු වෙනසක් කරන්න.

⚫ටෙලි නාට්‍යවලින් ඈත් වුණාද?
ඈත් වුණේ නම් නැහැ. නමුත් පසුගිය කාලයේ ලංකාවේ හිටියෙ නැති නිසා ගොඩක් අය හිතන්න ඇති මම නැවත ලංකාවට එන එකක් නැහැ කියල. අවසාන කාලෙදි දිවිතුරා, ජීවිතේ ලස්සනයි වගේ මෙගා ටෙලිනාට්‍යවලිනුත් අයින්වෙලා තමයි මට විදෙස්ගතවෙන්න සිද්ධ වුණේ. මෑත කාලයේ ආරාධනා නොලැබෙන්න මේ සිද්ධි බලපාන්න ඇති.

⚫නැවත ආරාධනා ලැබුණොත්?
නැවත ආරාධනා ලැබුණොත් හොඳ චරිතවලින් මමත් බලාගෙන ඉන්නව ප්‍රේක්‍ෂකයන් අතරට එන්න.

Pathum Rukshan

Divaina Online

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 45 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 497 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 101 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 863 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 186 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 835 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්