” රට්ටු කියන කතා මට ඇත්තටම අදාල නැ.. මගේ ගමන මං යනවා..” – අප්සරා ගුණතිලක –

කතාබහට ලක් වුණ කෝලංකුට්ටම ටෙලි නාට්‍යයේ යශෝධරා ලෙසින් ඔබ හමුවට පැමිණි ඇය නවක රංගන ශිල්පිනියක් වන අප්සරා ගුණතිලකයි. මේ දිනවල ඇය නැවතත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කරන ලද ‘සසංකාර’ ටෙලි නාට්‍යයෙන්.

⚫අප්සරා මේ දිනවල දකින්න ලැබෙන්නෙ සසංකාරා ටෙලි නාට්‍යයෙන්?
සසංකාර ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා තමයි මාව මේ නිර්මාණයට තෝරා ගන්නෙ. මට නිරූපණය කරන්න තියෙන්නෙ ග්‍රේස් ගේ චරිතය. ඒක ප්‍රධාන චරිතයක් වගේම ගොඩක් වෙනස්වීම් එක්ක ගලාගෙන යන චරිතයක්.

⚫අප්සරාට මොකක්ද ග්‍රේස්ගෙ තියෙන සමානකම?
කිසිම සමානකමක් නැහැ. මේක වෙනස්ම කතාවක්. 1970 දශකයේ සංසිද්ධි අලළා නිර්මාණය වුණ මේ කතාවෙ අප්සරා කියන චරිතයේ පොඩිම දෙයක්වත් ග්‍රේස් කියන චරිතයට ගෑවෙන්නෙ නැහැ.

⚫රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?
මම ප්‍රධාන භූමිකාවකට මුහුණ දෙන්නෙ පළමු වතාවට. රූගතකිරීම් තිබුණෙ මහව ප්‍රදේශයේ. ඉතිං ගොඩක් අනතුරුවලට පවා මුහුණ දෙන්න සිද්ධ වුණා.

⚫ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ?
මට රූගතකිරීම් කරන්න තිබුණෙ ප්‍රවීණ කලාකරුවන් එක්ක. එක අවස්ථාවක වසන්ත මොරගොඩ අයියට මාවයි චම්පා ශ්‍රියාණි අක්කවයි බයිසිකලයක දාගෙන යන්න තියෙන දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒ අවස්ථාවේදි අපි තුන්දෙනාම බයිසිකලෙන් වැටුණා. ඒ අත්දැකීමනම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

⚫කෝලංකුට්ටම ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
සසංකාරා ට කලින් මම කෝලං කුට්ටම ටෙලි නාට්‍යයේ යශෝධරාගේ චරිතය කළා. මේ හරහා තමයි මට ගොඩක් අවස්ථාවන් ලැබෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන, ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාත් මාව මුලින්ම දකින්නෙ යශෝධරාගේ චරිතයෙන්. ඒ අනුවයි ග්‍රේස් ගේ චරිතයට මට ආරාධනා කරන්නෙ. මේ අවස්ථාවේදී සද්ධාමංගල මහත්මයාව සහ සිවගුරුනාදන් මහත්මයාවත් මතක් කරන්න ඕන.

⚫රංගනය ඔබ පුංචි කාලෙ දැකපු හීනයක්ද?
ඔව්, අනිවාර්යයෙන්ම. පාසල් කාලේ පටන්ම මම දැකපු හීනය වෙන්නෙ ලංකාවේ දක්‍ෂතම නිළිය වෙන්න. ඒ නිසාමයි පාසල් අධ්‍යාපනය තුළම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නෙ.

⚫අධ්‍යාපන කටයුතු කොහොමද?
මම මුලින්ම පාසල් ගියේ හඳපාන්ගොඩ මහා විද්‍යාලයට. ඉන් පස්සෙ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට සහ සුමංගල විද්‍යාලයට. උසස් පෙළ හැදෑරුවේ හොරණ රාජකීය විද්‍යාලයෙන්. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විශේෂ උපාධිය හදාරනවා.

⚫රංගනයට දොරටු විවර වෙන්නෙ කොහොමද?
2021 වසරේ ස්වර්ණවාහිනියෙන් පැවැත් වූ ස්වර්ණ කුමරිය තරගයට ඉදිරිපත්වෙලා අවසන් අටදෙනා අතරට තේරීපත් වෙනව. ඊට අවුරුද්දකට විතර පස්සෙ දෙරණ නාළිකාවේ විකාශය වුණ ‘මල් පිපෙන කාලේ’ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්‍ෂ උදය ප්‍රසන්න අයිය මගේ ෆොටෝ එකක් දැකල ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කියල මට කතාකරනව. ඒ අනුව මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ මාධවී චරිතය හරහා මම රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙනව.

⚫ඔබේ පෙනුමට වැඩිපුර ලැබෙන්නෙ ගැමි චරිත?
ඇත්තටම මට තියෙන්නෙ ගැමි පෙනුමක් තමයි. නමුත් එහෙමයි කියල ගැමි චරිතම ලැබෙන්නෙ නැහැ. මුල් කාලයේ ගැමි චරිත ලැබුණාට දැන් ඒක වෙනස් වෙලා.

⚫රඟපෑම වෘත්තිය කරගන්නයි සූදානම?
ඔව්, මගේ අදහස රංගනය වෘත්තිය හැටියට කරන්න. නමුත් මම තවම ඉගෙනගන්නවා. අපි බලමු ඉදිරියේදී.

⚫ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?
දැනට මම දකින විදිහට නම් හරිම හොඳයි. නවක නිළියක් හැටියට මම අහල තිබුණ දේවල් වගේම මිනිස්සු නම් කියනවා ගැහැනු ළමයකුට හොඳ නැහැ කියලත්.

⚫මිනිස්සු කියන කතා අහල රඟපාන්න එන්න බයක් දැනුනෙ නැද්ද?
ඇත්තෙන්ම නැහැ. මගේ අම්ම කිව්වෙ කවුරුවත් කියන කතා අහන්න එපා, එහෙම වුණොත් කවදාවත් අපිට අපේ ගමන යන්න වෙන්නෙ නැහැ කියල.

⚫රට්ටු කියන කතා අදාළම නැහැ?
ඇත්තටම අදාළ වෙන්නේම නැහැ. මොකද මගේ පස්සෙන් අම්මා ආවා, මම මගේ ගමන ගියා. අදවනතුරුත් මට මේ ක්‍ෂේත්‍රයේ කවුරුවත් නරක යෝජනාවක්, අයුතු යෝජනාවක් කරල නැහැ. ඉතිං මට හිතෙනවා කවුරුවත් කියන කතා අහන්නෙ නැතිව මම මේ ගමන අපු එක හොඳයි කියල. සමාජයේ කියන කතා මගේ ජීවිතයට බලපෑවෙ නැහැ.

⚫සමාජ මාධ්‍ය ගැන අදහස කොහොමද?
සෝෂල් මීඩියා නම් තරමක් භයානක දෙයක්. නමුත් රංගන ශිල්පිනියක් විදිහට අපිව ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනියන්න, ඔවුන්ගේ ආදරය ලබන්න වගේ දේවල් පැත්තෙන් බැලුවොත් ගොඩක් හොඳ දෙයක්. නමුත් හරි පරිස්සමින් භාවිත කරන්න ඕන දෙයක්.

⚫අප්සරා ජීවිතය දකින්නෙ කොහොමද?
සතුටුයි. ප්‍රශ්න කියන දේවල් පුංචි කාලෙ පටන්ම මගේ ජීවිතයට ඇවිත් තියෙනවා වගේම මම ඒවාට මුහුණදීලාත් තියෙනවා. ඒ නිසයි අද මම මෙතැන ඉන්නෙ. ඒ ප්‍රශ්න හමුවේ මගෙත් එක්ක හිටියෙ අම්මා. කාටවත් මාව වට්ටන්න බැහැ.

⚫වේදිකාවට, සිනමාවට ආරාධනා ලැබිල තියෙනවද?
සිනමාවට මම කැමතියි. තවම ආරාධනා නම් ලැබිල නැහැ. අනාගතයේදී සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

⚫රංගනයට යොමු නොවුණා නම් මොනව කරයිද?
මට පුංචි කාලෙ ඉඳන්ම තිබුණ තවත් එක හීනයක් වෙන්නෙ ගුරුවරියක් වීම. රංගනයට යොමු නොවුණා නම් ගුරුවරියක් වෙලා නාට්‍ය හා රංග කලාව විෂයය උගන්වයි.

Apsara Gunathilaka

Divaina Online

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 223 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 644 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1038 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 95 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…