වාහනයක් හිමි ඔබට මෙන්න විශේෂ දැනුම්දීමක්..!

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ⁣හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව..

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ⁣හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ බව එම දෙපාර්තමේන්තුව මගින් ලිඛිතව පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

එහිදී ඒ අනුව, හිමිකම් පැවරීම / පළාත් මාරුවීම හේතුවෙන් පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස්කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, පවතින අංක තහඩුව හැකි උපරිම කාලයක් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති බවයි සඳහන්.

එමෙන්ම, ඉදිරියේදී වාහන අංක තහඩු නිකුත් කරනු ලබන්නේ, නව වාහන ලියාපදිංචියේදී හෝ නැතිවූ, කැඩුණු, හෝ භාවිතා කළ නොහැකි ලෙස පලදු වූ අංක තහඩු හෝ, කිසියම් හේතුවක් මත පුද්ගලයා විසින් ඉල්ලුම් කරනු ලබන අවස්ථාවකදී පමණක් බවයි සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports