”මගේ ජීවිතේ ගැන කිසි දෙයක් දන්නෙ නැතුව, දේවල් කියපු හැමෝටම ගොඩක් ස්තූතියි. මං මිනිස්සු කවුද කියලා දැනගත්තා….” – කේ. සුජීවා කියන දුක්බර කතාව මෙන්න

ගෙවුණු වසරේ වඩාත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ දී වුණු වෙඩි තැබීමේ සිද්ධිය. නාඳුනන තුවක්කුකරුවන් දෙන්නෙක් විසින් කළ ඒ වෙඩි..

ගෙවුණු වසරේ වඩාත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ දී වුණු වෙඩි තැබීමේ සිද්ධිය.

නාඳුනන තුවක්කුකරුවන් දෙන්නෙක් විසින් කළ ඒ වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය බව ඔබට මතක ඇති.

එතැනදී ජනප්‍රිය ගායන ශිල්පිනි, කේ. සුජීවාගේ පාදයකටත් වෙඩි වැදිලා තිබුණා.

එහෙම වෙඩි වැදුණු ඇය, කාලයක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලබලා මේ වෙද්දි සිය නිවසේ විවේකීව කාලය ගත කරමින් පසුවෙනවා.

ඒ, තවමත් ඇගේ පාදයට කෙරෙන ප්‍රතිකාර එක්ක.

කේ. සුජීවාත් ඇගේ දියණියන් දෙදෙනාත් සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිත ත්‍රිත්වයක්නෙ.

ඒ නිසාම කවුරුත් නොඉවසිල්ලෙන් පසුවෙනවා ‘කේ. සුජීවාට දැන් කොහොමද’ කියන කාරණය ගැන තොරතුරු දැනගන්න.

ඉතින්, සුජීවාට ආදරේ කරන ඒ කවුරුත් වෙනුවෙන් අංජලී සිය යූටියුබ් නාලිකාව හරහාත් ෆේස්බුක් ගිණුම ඔස්සේත් යාවත්කාලීන කිරීම් සිදුකරනවා.

ඒ අතර කේ. සුජීවාත් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරන සේයා රූ සහ ,සටහන් දැකිය හැකියි.

එවන් සටහනකි මේ….

මේ සටහන තරමක් වෙනස් වන්නේ, එය ඈ තමන්ට එල්ල වන ඇතැම් විවේචන ගැන තබන ලද සටහනක් වීම නිසාවෙන්.

”මං මේ ෆොටෝ එක පෝස්ට් කරන්නෙ, මං එනකල් බලන් ඉන්න මගේ ආදරණීයන් වෙනුවෙන්.
මට අකමැති අය මේ පෝස්ට් එක නොබලා ඉන්න.
මේ ලෝකෙ ඉපදුණු හැම මනුස්සයෙකුටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා !
කවුරුත් තමන්ගෙ ගෙයි ඇතුළෙ වෙන දේවල් හෝ තමන් කරන කියන හැමදේම ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ.
මාව ඔයාලා අඳුරගන්නෙ ගායිකාවක් වුණු නිසා නම්,
මං සිංදුවක් වැරදියට කිව්වොත් ,නැත්නම් වේදිකාවේ වැරැද්දක් වුණොත් ඒකට කමෙන්ට් කරන්න.
මගේ පෞද්ගලික ජීවිතේ මං හැමෝටම පෙන්නන්න කියන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්න එපා.
මං ගැන, මගේ පවුල ගැන, මගේ ජීවිතේ ගැන කිසි දෙයක් දන්නෙ නැතුව, මං ගැන අසික්කිත අමනුෂ්‍ය දේවල් කියපු හැමෝටම ගොඩක් ස්තූතියි.
මොකද මං මිනිස්සු කවුද කියලා දැනගත්තා….”

Asian Mirror

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports