වසර ගණනක ලස්සන ආදර කතාවක් ! අද කාලේ කෙල්ලන්ගේ සිහින කුමරා.. ශිහාන්ගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක් ගැන මේ ඇසෙන අලුත්ම කතාව..

ශිහාන් මිහිරංග.. ඔහු තමයි තරුණියන්ගේ සිහින කුමරා.. එහෙමත් නැතිනම්, යෞවනයේ සිහින කුමරු.. කාලයක් තිස්සෙම තරුණියන්ගේ සිත් පැහැර ගත්තු මේ කඩවසම් තරුණයා යුග දිවියට එළබෙන්නේ 2012..

ශිහාන් මිහිරංග.. ඔහු තමයි තරුණියන්ගේ සිහින කුමරා.. එහෙමත් නැතිනම්, යෞවනයේ සිහින කුමරු..

කාලයක් තිස්සෙම තරුණියන්ගේ සිත් පැහැර ගත්තු මේ කඩවසම් තරුණයා යුග දිවියට එළබෙන්නේ 2012 වසරේදීයි.. දැන් ඔහු දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක්… එහෙත් ඔහුට හිමි ජනප්‍රියත්වය නම් යන්තම්වත් අඩුවෙලා නෑ…

හැමෝගෙම ආදරය දිනාගත්තු ශිහාන්ගේ 13 වැනි විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ආදරණීය දවස ගැන ප්‍රවීණ කලාකරුවෙක් වන දයාන් විතාරණ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ වගේ ආදරණීය සටහනක් ලියා තිබුණේ ඔවුන්ගේ ලස්සන ඡායාරූප එකතුවකුත් එක්කමයි..

“ශිහාන්ට සහ ගෙෂ්නිට පෙරදා මැවූ සිනා පිරි මතක සැමරුම් දුලන සුබ විවාහ සංවත්සරයකට ආසිරි
නූතනයේ අතිශය ජනකාන්ත ගායකයෙක් වන ශිහාන් මිහිරංග සහ ඔහුගේ අතිනත ගත් ආදරණීය බිරිඳ ගෙෂ්නි ක්ලෙමන්ටා සිල්වා අද දින සිය 13වැනි විවාහ සංවත්සරය (Copper Wedding Aniversary)සමරති.
කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ ගෙෂ්නි සහ ශිහාන්, පාසල් ප්‍රේමය ජය ගනිමින් 2012 වසරේ ජනවාරි 25 වෙනි දින යුග දිවියට ඇතුළත් වුණු අතර, ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ ද මවිසින් ය. ක්ලේන් මාෂ්, කෙනන් යාෂා සහ කියෝන් අකීෂ් යන පුතුන් තිදෙනාගේ දයාබර දෙමව්පියම් වන ඔවුන්, තම දරුවන්ගේ යුතුකම් මැනවින් ඉටු කරන්නෝය.
මට බොහෝ සේ හිතවත් ශනිලාගේ ආදරණීය පියානන් වන නිහාල් නානායක්කාරගේ, සොයුරියගේ දියණිය ලෙසින් මා ගෙෂ්නි දැනහඳුනා ගනු ලබන්නේ ඇය ශිහාන් සමඟින් විවාහ වීමටත් පෙර සිට ම වන අතර, ශිහාන්ගේ සහ ගෙෂ්මිගේ දරු දෙදෙනා ද මා සමග බෙහෙවින් හිතෛෂී ය.
ශිහාන් ද ගායකයෙක් ලෙස ජනකාන්ත තලයක වැජඹුණ ද තම පාසැල් ප්‍රේමයම ආරක්ෂා කරගෙන මේ තාක් දුරක් පැමිණීම නූතන පරම්පරා වෙත ද ආදර්ශයක් වන අතර ඔවුන් දෙපළම සහ දරු තිදෙනා කෙරෙහි මම දක්වන්නේ ද හෘදයාංගම ආදරයකි.
ඉකුත් දා මට ඔවුන් සැමගේ නව ඡායාරූප ගැනීමට හැකි වූ අතර ඔවුන්ගේ යුගල ඡායාරූප මෙන්ම දරුවන් ද සමග වූ පවුලේ ඡායාරූප එකතුවක් මේ සමග ඔවුන් වෙත සෙනෙහසින් තිළිණ කරන්නෙමි.

ශිහාන්ට, ගෙෂ්නි මෙන්ම ආදරණීය දරු තිදෙනාට ද තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ආසිරි එක්කරමි !!! ”

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports