කොල්ලොන්ගේ ක්‍රෂ් එක රෂ්මිකා මන්දානාගේ අලුත් ආල කතාව ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. සුරූපිනියක් වුණ මේ තාරකාව ගැන ඇසෙන අලුත්ම කතාව තමයි මේ කියන්න යන්නේ.. රෂ්මිකා මන්දනා හා විකී කෞෂාල් මේ දවස්වල..

බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

සුරූපිනියක් වුණ මේ තාරකාව ගැන ඇසෙන අලුත්ම කතාව තමයි මේ කියන්න යන්නේ..

රෂ්මිකා මන්දනා හා විකී කෞෂාල් මේ දවස්වල හැමෝම කතාවෙන තරු යුවලක් වෙලා.. දන්නවාද ඒකට හේතුව මොකක්ද කියලා.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නා ගැන කතාවෙන්නේ එකම එක හේතුවක් නිසයි..

මේ වන විට දකුණු ඉන්දියානු සිනමාවේ වැඩිම ඉල්ලුමක් පවතින නිළියන් අතර ඉහළින්ම සිටින නිළියක් වන්නේ රශ්මිකා මන්දනායි..

පසුගිය වසරේ තිරගත වු ඇගේ චිත්‍රපට දෙකක් බ්ලොක් බස්ටර් හිට් වුණේ මන්දනාට විශාල කීර්තියක් අත් කර දෙමින්..

2025 වසරේ ආරම්භය ද ඇයගේම කර ගනිමින් ඇය රංගනයෙන් දායක වන Chhaava එළැඹෙන පෙබරවාරි 14 වැනි දා සිට තිරගත වීමට දැන් සූදානම්..

විකී කෞෂාල් සමඟ ඇය ප්‍රධාන චරිත නිරූපනය කරන Chhaava චිත්‍රපටයේ ඇගේ රාජකීය පළමු පෙනුම සහිත පෝස්ටරය (එකක් නොව පෝස්ටර දෙකක්ම) අන්තර්ජාලයට මුදා හැරීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබෙන්නේ ඒ අනුවයි…

රශ්මිකා විසින් Chhaava හි නිරූපනය කරන්නේ මහාරාණි යේසුබායි නමැති නිර්භීත රැජිණියකගේ භූමිකාවයි..

මහාරාණි යේසුබායි යනු මරාටා පාලක ඡත්‍රපති සම්බාජි මහාරාජ්ගේ බිරිඳයි.. ඇයව හඳුන්වනු ලැබුවේ මරාතා රාජධානියේ චත්‍රපති මහාරාණි ලෙසයි..

පෝස්ටර් අඟහරුවාදා Instagram හි බෙදා ගනු ලැබුවේ “සෑම ශ්‍රේෂ්ඨ රජෙකු පිටුපසම, අසමසම ශක්තියකින් යුත් රැජිනක් සිටිනවා… ස්වරාජ්‍යයේ අභිමානය වන මහාරාණි යේසුබායි ලෙස රශ්මිකා මන්දන්න හඳුන්වා දීම” යන ශීර්ෂ පාඨය සහිතවයි…

චිත්‍රපටයේ ට්‍රේලරය ද ඊට සමගාමීව අද (22) නිකුත් කිරීමට නියමිතයි..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports