ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිතා කරන්න පුළුවන් මේ සුපිරි ක්‍රමය ඔයාලත් මීට කලින් දැනගෙන හිටියාද ?

ලංකාවේ බොහෝ දෙනෙක් විශේෂයෙන් නාගරික ජනතාව ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ ගෑස්.

දර ලිප් භාවිත කරන්නේ ගොඩක් වෙලාවට ග්‍රාමීය ප්‍රදේශ වල පමණයි.

නමුදු දැන් දැන් ග්‍රාමීය නිවෙස් වල ගෘහනියන් පවා ගෑස් මගින් ආහාර පිසීමට යොමු වී ඇත්තේ එහි ඇති කාර්යක්ෂමතාව හා පහසු බව නිසයි.

අද කතා කරන්න යන්නේ ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිත කිරීම සඳහා අනූගමන කළ හැකි ක්‍රියාමාර්ග ගැනයි.

මේ ලිපිය කියව්වොත් එය ඔබේ මුදල් පසුම්බියට දැනෙන වෙනසක් කරනවා නොවනුමානයි.

ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යූතුය.

එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි.

අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගත යූතුය. එසේ නොමැතිව උඳුනේ දැල්ල පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැසී ඇති විට ගෑස් දහනය අකාර්යකෂම වේ. ඒහෙයින් ගෑස් පිටවන සිදුරු නිතර පිරිසිදු කරන්න. එමෙන්ම එම සිදුරු විශාල වී ඇත්නම් හෝ කැඞී බිඳී ඇති විට එම කොටස (බර්නරය) අලූතින් සවි කරන්න.

ගෑස් සිලින්ඩරය කාර්යකෂමව භාවිත කිරීම සඳහා ආහාර පිසීමේ ක්‍රම පිළිබඳව ද අවබෝධයෙන් සිටීම වැදගත් වේ. ආහාර පිසීම ක්‍රම දෙකකට ප්‍රධාන වශයෙන් බෙදා දැක්විය හැක. එනම් නියත තාපාංකයන් යටතේ ආහාර පිසීම (තැම්බීම) සහ ජලය තාපාංකයට වඩා වැඩි නියත උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීම (බැඳීම, පිළිස්සීම) ය.

තැම්බීමේදී ජලය නටන උෂ්ණත්වයට පැමිණි පසූ (නටන උෂ්ණත්වය යනූ වායූගෝලීය පීඩනයේදී ජලයට ළගාවිය හැකි උපරිම උෂ්ණත්වයයි.) කොපමණ තාපය වැඩි කළ ද ආහාරවල උෂ්ණත්වය වැඩි කළ නොහැක. එවැනි අවස්ථාවක කළ යූත්තේ නටන උෂ්ණත්වයේ තබා ගැනීමට අවශ්‍ය හානි වන තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක් ලබාදීම පමණි. එසේ කිරීමෙන් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි ය.

ධාන්‍ය වර්ග පිසීමට ප්‍රථම ජලයේ පොගවා ගැනීමෙන්, එවැනි ආහාර ඉක්මණින් පිසගත හැකි වේ. ඒ තුළින් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිය. පිසීමට ගන්නා ආහාර ප්‍රමාණයට සරිලන භාජන තෝරා ගැනීම ද ඉතා වැදගත්ය.

ආහාර ස්වල්පයක් සැකසීමට විශාල බඳුන් යොදා ගැනීම තුළින් බඳුන් රත්වීමට විශාල තාපයක් වැය වන නිසා ගෑස් විශාල ප්‍රමාණයක් අපතේ යයි. එසේම උඳුනේ ප්‍රමාණයට වඩා කුඩා භාජන භාවිතය ද නූසූදුසූය. එසේ වූ විට උඳුනෙන් නිකුත්වෙන තාපය වැඩි ප්‍රමාණයක් නිකරුනේ වාතයට මූසූ වේ. එය අකාර්යකෂම ගෑස් පරිභෝජනයකි.

ගෑස් පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්සමෙන් කළ යූතුය. ඇතැම් විට සූළු අත්වැරැද්දකින් ඔබේ ජීවිතය මෙන්ම නිවසද ඔබට අහිමි විය හැකි. මේ නිසා ගෑස් පරිභෝජනයේදී පිළිපැදිය යූතු මෙන්ම අවධානය යොමූ කළ යූතු ප්‍රධාන අංගයක් ලෙස ආරක්ෂාකාරී බව හඳුන්වා දිය හැක.

ගෑස් සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන්ම නිවසේ තැම්පත් කර තබන අවස්ථාවල ද එය උඩ අතට සිටින සේ තැබිය යූතුය. එක් සිලින්ඩරයක් අවසන්ව අලූත් සිලින්ඩරයක් සවිකරන සෑම අවස්ථාවකම රෙගියූලේටරය සහ ගෑස් උඳුන් කරා සම්ප්‍රේෂණය කරනූ ලබන නලය පළුදු වී ඇත්දැයි පරීකෂා කර බැලිය යූතු ය.

ගෑස් වෙළඳාමට නිකුත් කිරීමට ප්‍රථම ඒ හා විශේෂ සූවඳක් මිශ්‍ර කරයි. මේ නිසා ගෑස් කාන්ඳුවක් හොඳින් හඳුනාගත හැක. නිවසේ මූළුතැන්ගෙයි ගෑස් සූවඳක් පැවතිය හොත් එය ගෑස් කාන්දු වීමකි.

එවැනි අවස්ථාවක මූළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත කරන්න. ලයිටර් සිගරටි වැනි ද‍්‍රව්‍ය භාවිත නොකරන්න. ගෑස් සිලින්ඩරය මූළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස් උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක් යොදා ගැනිම ආරක්ෂාකාරී ක්‍රමයකි. එවැනි අවස්ථාවක ගෑස් කාන්දු වූව ද ඒ අවට පරිසරය විශාල නිසා අනතුරු සිදු නොවේ.

ඉහත සඳහන් කළ සංරකෂණ ක්‍රම මෙන්ම ආරක්ෂාකාරී ක්‍රම පිළිබඳ අවධානය යොමූ කරමින් ගෑස් පරිභෝජනය කිරීමට උනන්දු වන්න. එවිට ඔබේ නිවසේ දෛනික ආහාර පිසීමේ කාර්යය සඳහා යොදා ගන්නා ගෑස් සඳහා වන වියදම අඩූ කරගත හැකි වේ.

එසේ ඔබ භාවිත කරනූ ලබන ගෑස් සිලින්ඩරය එක් දිනක හෝ දෙකක් වැඩි පූර භාවිත කළහොත් එය ඔබේ ආර්ථිකයට මෙන්ම රටෙි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ද යහපත් බලපෑමක් සිදු කරනූ ඇත.

උපුටා ගැනීමක්

  • Related Posts

    මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

    අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

    ඔහු සියල්ලන් හැරදා දෑස් පියාගන්නට මත්තෙන් බිරිඳ වෙනුවෙන් ලිපියක් ලියයි.. මිහිරැතිම ආදර කතාවක කඳුළු අවසානයක් ගැන මුහුණුපොතේ පළවුණු ඒ සංවේදී කතාව මෙන්න..

    පවුලක බැඳීම මොන තරම් නම් ශක්තිමත්ද..? මේ මරණයත් එක්ක අන්න ඒ කතාව ආයේ ආයෙත් සිහිපත් වෙනවා.  කාලයේ ඇවෑමෙන එක්වුණු ලස්සන හදවත් දෙයක් කුරුළු කැදැල්ලක් තනාගෙන සතුටෙන් ජීවත් වෙද්දී, මේ අහන්න…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 512 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 103 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 872 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්