බැරක් ඔබාමා සහ මිෂෙල් ආදර අන්දරයට කන කොකා හඬයිද ?

ඔහු ගැන ලොවක් කතා වුණා.. ඒ චරිත ද්විත්වයට ගොඩක් දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඒ කතාව ටිකක් වෙනස්…

ඒ ඇයි.. අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ මිෂෙල්.. ඒත් දැන් මේ වෙද්දී ඒ කතාව ගොඩක් වෙනස් වෙලා.. ඔවුන්ගේ විවාහ ජීවිතයට මේ මොකද්ද වෙලා තියෙන්නේ…?

ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ මිෂෙල් ඔබාමායි..
සාර්ථක මිනිසෙකු පිටුපස වඩාත් සාර්ථක ගැහැනියක් සිටී යන්න තහවුරු කරමින් ඔබාමාගේ ධුරකාලය තුළ ඇය ඉටු කළ භූමිකාව කෙතරම් ප්‍රබලද ද කිවහොත් චිකාගෝහි මිෂෙල් රොබින්සන් තමාට සුදුසු කාන්තාව බව තේරුම් නොගත්තේ නම් බැරක් ඔබාමා කිසි විටෙකත් ධවල මන්දිරයට පැමිණෙන්නේ නැත යන ප්‍රබල මතයක් ඇමරිකානු මිනිසුන් අතර ගොඩ නැගීමට හේතුවුණා..

කෙසේ වෙතත් ලොවක් ආදරය කළ මේ ප්‍රේමය ගැන මේ වන විට පළවන වාර්තා එතරම් සුබදායී නැහැ.. වාර්තා පළවන ආකාරයට හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ නිළියක වන ජෙනිෆර් ඇනිස්ටන් අතර ඇති ප්‍රේම සම්බන්ධයක් මිෂෙල් හා බැරක් අතර බිඳ වැටීමකට හේතු වී තිබෙනවා..

එම කටකතා සමඟ බැරක් සහ මිෂෙල්ගේ දික්කසාදය පිළිබඳ නැවත පුළුල් ලෙස අවධානය යොමු වෙමින් පවතින අතර, මේ පිළිබඳ මුලින්ම වාර්තා වුණේ පසුගිය වසරේ InTouch සඟරාව විසින් The Truth About Jen & Barack නමින් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි..

 

මේ සම්බන්ධය නිසා ඔබාමා යුවළ අතර ඇති විය හැකි ගැටළු පිළිබඳ ඉඟි පළ කිරීමෙන් පසු නැවත වරක් කටකතා වේගවත් වුණේ පසුගිය කාලසීමාවේ පැවති වැදගත් අවස්ථා කිහිපයක්ම මිෂෙල් විසින් මඟ හැරීම නිසායි…

හිටපු ජනාධිපති ආර්යාව හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අවමංගල්‍ය උත්සවයේදී ඔබාමා අසල දක්නට නොවූ අතර පසුගිය දා පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙලට බැරක් ඔබාමා සහභාගී වූයේ තනිවමයි…

මේ අතර පසුගිය දිනක බැරක් ඔබාමා, වොෂින්ටනයේ DC හි අවන්හලක තනිවම දැක ගැනීමට ලැබීමත් සමඟ මිෂෙල්ගේ සහ බැරක්ගේ දික්කසාදය පිළිබඳ කටකතාවලට තටු ලැබුණා..

මෙය තවත් එක බොහෝ දෙනෙකු පවසන කටකතාවක් පමණක් නොවුයේ ප්‍රවීණ දේශපාලන විචාරකයින් ඇතුළු විශ්වසනීය ආරංචි මාර්ග කිහිපයක් මේ පුවත තහවුරු කිරීමත් සමඟයි..

දේශපාලන විචාරක සහ ඇරිසෝනා හි හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ දියණිය වන මේගන් මැකේන් ඇගේ පෝඩ්කාස්ට් සංවාදයක් අතරතුර ඔවුන් දැනටමත් වෙන්ව සිටින බව තමාට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වූ බව ප්‍රකාශ කළා..

ජෙනිෆර් ඇනිස්ටන්, දේශපාලනඥයා සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වගකිවයුතු මූලශ්‍ර ඔස්සේ ඇයට වාර්තා වූ බවයි ඇය එහිදී කියා සිටියා..

මෙම සියලු කටකතා මැද බැරැක් ඔබාමා දින කිහිපයකට පෙර Instagram ඔස්සේ මිෂෙල්ගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුම් එක් කර තිබුණේ “මගේ ජීවිතේ ආදරය” යැයි ඇයව ආමන්ත්‍රණය කරමින්..

කෙසේවෙතත් එයටද සිය නිගමන එක් කළ විචාරකයින් මෙය ඔබාමාගේ විවාහය බිඳවැටී ඇති බවට සාක්ෂියක් බවත් එය සැඟවීමේ අසාර්ථක උත්සහයක් බවත් ප්‍රකාශ කළා..

එම සුබ පැතුම එක් කරමින්, එක් කර ඇති ඡායාරූපය ඊට කදිම සාක්ෂියක් බවත් ඔවුන් එහි දෑත් අල්වාගෙන සිටීම දුරස්ථ බව සැඟවීමට ගත් ව්‍යාජ උත්සාහයක් බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ..

මේ අතර ඔබාමා හා මිෂෙල් අතර දික්කසාද කටකතා සත්‍ය නම්, එය සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී කවයන් තුළ දේශපාලන භූමිකම්පාවක් වනු ඇති බවට මත පළවෙමින් පවතිනවා..

ඒ නූතන ඇමරිකානු ඉතිහාසයේ දික්කසාද වු ජනාධිපතිවරු ඉතා අල්ප බැවින් යැයි විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර ඇමරිකානු ඉතිහාසයේ එකම දික්කසාද ජනාධිපතිවරයා වූයේ රොනල්ඩ් රේගන්ය..

Copied

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 38 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 588 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 77 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 921 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1285 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 19 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.