ජීවිතය බේරූ රික්ෂෝ රථ රියදුරාට සුපිරි නළු සයිෆ් අලී ඛාන්ගෙන් විශේෂ තෑග්ගක්… තෑග්ග නිසා ඉන්දීය මාධ්‍ය වලින් ආන්දෝලනාත්මක කතා රැසක්.

ජීවිතේ බේරගන්න උදව් කළ රික්ෂෝ රථ රියදුරාට සයිෆ්ගෙන් රු 50,000 ක තෑග්ගක්… බල්ලො නැතිවුණාම හොයල දෙන අයටත් අපි ඊට වඩා දෙනවා

සයිෆ් අලි ඛාන් පසුගිය දා බන්ද්‍රා හි පිහිටි ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකුගේ පිහි ප්‍රහාරයට ලක් වූ රාත්‍රියේ, ඔහු රෝහලට රැගෙන යාමට උදව් කළේ ත්‍රිවීලර් රථ රියදුරෙකු වන භජන් සිං රානාය.

භජන් සිං රානා එම අසීරු මොහොතේ බොලිවුඩ් දැවැන්තයාගේ උදව්වට පැමිණ තිබුණේ ඔහු හඳුනාගෙන නොවුණු අතර සයිෆ්ගේ ජීවිතය බේරා ගැනීමට, ඔහු ක්‍රියාකළ තිබූ ආකාරය ද හේතු වූ බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණේ.

සයිෆ් රෝහලේදීම ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට උදව් කළ රානා ගෙන්වා ඇගයීමට කටයුතු කළ බව වාර්තාවල සඳහන් වුණා .ඒත් ඇතැම් වාර්තා සයිෆ් විසින් රානාට එම අවස්ථාවේ ඉන්දියානු රු 50,000 ක් හෝ රු 100,000 ක් පරිත්‍යාග කළ බව සඳහන් කර තිබීම නිසා බොහෝ දෙනෙකු තුළ ඇතිව තිබුණේ කළකිරීමකි.

මාධ්‍ය වාර්තා කියන එම කතාව ඇත්ත නම් ඇත්තෙන්ම එය සයිෆ්ගේ අතිවිශාල ධනස්කන්ධය සැලකූ විට කැළණි ගඟට පොල් ලෙල්ලක් අත ඇරියා තරම් සුළු ත්‍යාගයකි. මේ නිසා බොහෝ දෙනෙක් පවසා තිබුණේ එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. සමහරු පවසා තිබුණේ ඉන්දියානුවන් සිය නැතිවූ බල්ලා සොයා දෙන අයෙකුට වුණත් ඊට වැඩිය මුදල් ලබා දෙන බවයි.

මේ අතර ගායක මීකා සින්ග් ඔහුගේ ප්‍රියතම බොලිවුඩ් තරුව බේරා දුන් රික්ෂෝ රියදුරාට මුදලක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීමත් සයිෆ්ට එල්ල වුණු චෝදනා සනාථ කිරීමකට සමාන වුණා. මීකා පවසා තිබුණේ රික්ෂෝ රියදුරාට සිදු කළ වික්‍රමය වෙනුවෙන් අවම ඉන්දියානු රු ලක්ෂ 11ක තෑග්ගක් ලබා දිය යුතු බවයි. එහෙයින් තමා ඔහුට රු ලක්ෂයක් ලබා දෙන බව මීකා පැවසුවා. එය සයිෆ් දුන් මුදල මෙන් දෙගුණයක් බව ඉන්දීය මාධ්‍ය, යළිත් වාර්තා කිරීම තුළ සයිෆ් ලබා දී ඇත්තේ රු 50,000 වැනි මුදල්ක්ය යන්න තහවුරු කිරීමක් වුණා.

කෙසේ වෙතත් යම් ත්‍යාග මුදලක් ලැබුණු බව ඇත්තක් බව පිළිගත්තත් රික්ෂෝකරු එම මුදල කොපමණ මුදලක් දැයි කිසිවකුට අනාවරණය කර නැහැ.

සයිෆ්ට තමා පොරොන්දු වූ නිසා එම මුදල හෙළි නොකරන බවත් එය රු 50,000 ක් හෝ රු 100,000 ක් යන ඕනෑම ගණනක් ලෙස සිතාගත්තාට කමක් නැති බවයි ඔහු කියා තිබුණේ.

ඇත්තෙන්ම රානා, ඔහුට කිසිම මුදලක් අවශ්‍ය වුණේ නැති බවත් මාධ්‍යවලට කියා තිබුණා.

සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු ඔහුගෙන් නව ඔටෝ රික්ෂෝවක් තෑගි කළහොත් එය භාරගන්නවාදැයි විමසූ විටත් ඔහු පිළිතුරු ලබා දි තිබුණේ මම කිසිවිටකත් එවැනි දෙයක් ඉල්ලා සිටින්නේ නැහැ කියාය.

“මම එය ඉල්ලන්නේ නැහැ, නමුත් ඔහු එය තෑගි කිරීමට තීරණය කරන්නේ නම්, මම සතුටින් භාරගනිමි. මා කළ දෙයට කිසිදු තෑග්ගක් ලැබිය යුතු යැයි මම කිසි විටෙකත් ප්‍රකාශ කර නැහැ, මම උදව් කළේ තණ්හාවෙන් නොවේ”

මේ අතර අඟහරුවාදා සවස සයිෆ් නිදහස් වීමට පෙර, රානාට සයිෆ් සහ ඔහුගේ පවුලේ අය හමුවීමට ද අවස්ථාව ලැබී තිබුණා. සයිෆ්ගෙ මව වන ප්‍රවීණ රංගන ශිල්පිනී ෂර්මිලා තාගෝර් හමුවීමට ඔහුට අවස්ථාව උදා වූ අතර එම අවස්ථාවේ ඔහු ඇගේ දෙපා ස්පර්ශ කරමින් ගෞරව පුදකළ බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

සයිෆ්ගේ පවුලේ අය ඔහුට කාරුණිකව සැලකූ බවත්, එකට ඡායාරූප ගැනීම පවා සිදු කළ බවයි ඔහු කියා තිබුණේ.

Copied

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 391 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 89 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 832 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 828 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්