” නව රජයෙන් අපිට කිසිම උදව්වක් දුන්නේ නැ… ” ලෝක විවාහක රූ රැජින ජයග්‍රහණයෙන් පසු චන්දිමාල් ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි

Mrs world කිරුළේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සිය ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ෆේස්බුක් ලයිව් ඇවිත් කතාවක් කළේ එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධායක රුපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ සමගිනි.

එහිදී ඔවුන්ට ජයග්‍රහණය දක්වා එන්නට උදව් කළ අය මතක් කළ අතර ඇතිවූ දුෂ්කරතාද හඬමින් සඳහන් කර තිබුණි. චන්දිමාල් හැඩුම නවතා ගන්නට අමාරුවී පැත්තකට ගිය අතර ඉෂාදි ලේන්සුවකින් නෙත් පිස දමමින් විස්තරය දිගටම කළාය.

එහිදී ඔවුන් මෙසේ කියා තිබුණි.

“මුළු ලංකාවටම සතුටුදායක දිනයක් වුණා, මොකද අද මිසිස් වර්ල්ඩ් තරඟාවලිය පැවැත්වුණා. ඉෂාදිට හැකි වුණා ආයෙමත් අපේ රට ඉහළට ගේන්න. ක්රවුන් එකක් ගෙනාවා වගේම, ඉෂාදි දැඩි ලෙස මහන්සි වුණා.

කවුරුත් සහය දැක්වූ නැති මොහොතක, මුලින්ම මතක් කළ යුත්තේ මට මිස් ශ්රී ලංකා පැජන්ට් එක කරන්න ශක්තිය දුන් කැළින් ආයතනයයි. ඔවුන් නොමැතිව ඇත්තටම ලංකාවේ මේ දේවල් මේ ආකාරයට කරන්න අපහසුයි. අපිට පිටරට ගොස් ලංකාව නියෝජනය කිරීමට හැකි වුණේ මෙවැනි ආයතන උපකාර කළ නිසයි.

රුක්මාල් සේනානායක සර්ටත්, කණ්ඩායමටත් මගේ හදවතින්ම කෘතඥතාව පළ කරනවා. මම විශ්වාස කරනවා අද දින සිදුවීම්වලින් සැමට පැහැදිලි වෙන්න ඇති අපි කෙතරම් දුරක් පැමිණ තිබෙනවාද කියලා.

ඉෂාදිගේ සැමියාට ස්තූතිවන්ත වෙනවා. ඔහු මා කෙරෙහි විශ්වාසය තබා, පැරිස් නුවර සිට තම පවුලම අතහැර මට සහය දීමට පැමිණියා. රජයෙන් හෝ වෙනත් කිසිවකුගෙන් සහයක් නොලැබුණි. ජාතික ඇඳුම රැගෙන යාමට පවා කිසිදු සහයක් නොලැබුණු බව කනගාටුවෙන් සඳහන් කරනවා.

මගේ ඉල්ලීම වන්නේ මෙතැන් සිට ඉදිරියටවත් ශ්රී ලංකාව නියෝජනය කරන සෑම ජාතික අධ්යක්ෂවරයෙකුටම, සෑම තරඟකරුවෙකුටම සහය දැක්වීමයි. මන්ද මේ සියල්ලන්ම මෙම කටයුතු කරන්නේ මව්බිම වෙනුවෙන් නිසයි.

චන්දිමාල් සර් මගේ ජීවිතයේ හමුවූ දෙවියෙකු හා සමානයි. මට සිහිනයක් තිබුණා. අද කිරීටය ගෙන ඒමට නොහැකි වුවත්, ඉෂාදි නම කිසි දිනෙක අමතක නොවනු ඇතැයි සිතනවා. ලංකාවේ බොහෝ දෙනා කතා කළා, ආදරය ලැබුණා.

විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණයක් තමයි චැනල් සී නාලිකාව. ඔවුන් පමණයි නිරන්තරයෙන් මා සමඟ මගේ පැජන්ට් තරඟවලදී සිටියේ.සමහර මාධ්ය ආයතන මා සම්මුඛ සාකච්ඡා සඳහා පවා කැඳවීමට මැලි වූ බව කනගාටුවෙන් සඳහන් කරනවා.

මෙතැන් සිට ඉදිරියට යන ගමනේදී, ලංකාව ලෝක වේදිකාවේ තවත් ඉහළට ගෙන යාමට අපි සැමට එක්ව කටයුතු කළ යුතුයි. මම ඉල්ලා සිටින්නේ ක්රිකට් පමණක් නොව, මෙවැනි අංශවලිනුත් ලංකාව ලෝකයට ගෙන යා හැකි බව තේරුම් ගැනීමයි.

අවසාන වශයෙන් මම කියන්න කැමතියි, මා සමඟ සිටි සියලු දෙනාටම – මට විවේචන එල්ල කළ අයට, මගේ පැජන්ට් තරඟ විවේචනය කළ අයට, මගේ කිරීටය ගැන විවේචනය කළ අයට, මගේ තරඟ කටයුතු අපකීර්තියට පත් කළ සහ අගය කළ සැමටම ස්තූතියි. අනාගතයේදී මම මීටත් වඩා හොඳ ප්රතිචාරයක් ලබා දෙන බව පොරොන්දු වෙනවා.

මගේ හදවතේ ඇති එකම බලාපොරොත්තුව වන්නේ ලබන වසරේදී ශ්රී ලංකාවේ මිසිස් වර්ල්ඩ් තරඟාවලිය පැවැත්වීමට හැකි වීමයි. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරනවා. අපි සැම එක්ව කටයුතු කළොත් පමණයි අපේ රට තවත් ඉදිරියට ගෙන යා හැකි වන්නේ.

ලංකාව යනු අපේ ආඩම්බරය, අපේ අනන්යතාවය. තරඟයකදී ජය හෝ පරාජය අත්විඳීම සාමාන්ය දෙයක්. නමුත් කිසි විටෙකත් අපේ රට හෝ ජාතිය පහත් කොට සැලකීමට ඉඩ නොදිය යුතුයි. අද මම මේ තැනට පැමිණියේ ලංකාව කෙරෙහි ඇති ආදරය නිසා පමණයි. මට අහිමි වූ දේවල් බොහොමයි – මුදලින්, මහන්සියෙන්, පවුලෙන්. නමුත් අපි අද ලංකාව ලෝක වේදිකාවට ගෙන ආවා.”

Copied

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 35 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 378 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 88 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 832 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 826 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්