සුරූපී ගුරුවරියගේ ඉරණම මෙහෙම විසඳේවි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.. කඹුරුපිටියම කැළඹූ ඇයගේ කතාව වෙනස් මානයකට..

මරණය ගැන මේ වෙද්දී වෙනස්ම කතා ගණනාවක් ඇසෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් එක කතාවක්.. කඹුරුපිටිය රූමත් ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ..

මරණය ගැන මේ වෙද්දී වෙනස්ම කතා ගණනාවක් ඇසෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් එක කතාවක්..

කඹුරුපිටිය රූමත් ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතුවලින් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

එම ගුරුවරියගේ ඝාතනය ඇයගේ 33 වන උපන් දිනය දාම සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඝාතනය සිද්ධියට සැකපිට ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව සහ සොහොයුරා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඹුරුපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ මොට ආයුධයකින් හිසට පහර දීමෙන් සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් ගුරුවරිය මියගොස් ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානයෙන් ලේ තැවරුණු යකඩ වංගෙඩියක් සහ පිහියක් සොයාගෙන ඇති අතර, අවට ප්‍රදේශයේ සිදු කළ සෝදිසියේදී ඇළක් අසලින් ලේ පිසදා ඇති බවට සැක කෙරෙන කොට්ට උරයක්ද හමුවී තිබෙනවා.

පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදීමෙන් මෙම ගුරුවරිය ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

මරණය වූ ස්ථානයේ සිහිසුන්ව සිටි මව වහාම කඹුරුපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, පසුව හෙළි වූයේ ඇය දියවැඩියා රෝගය සඳහා ගන්නා ඖෂධ අධික මාත්‍රාවකින් ලබාගැනීම හේතුවෙන් එම තත්ත්වයට පත්ව සිටි බවයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී ලේ තැවරුණු ලිපි දෙකක්ද සොයාගෙන ඇති අතර, එම ලිපි මව විසින් ලියන ලද ඒවා බව හඳුනාගෙන තිබෙනවා.

එක් ලිපියක් පොලිසිය වෙත යොමු කර ඇති අතර අනෙක් ලිපිය පුතා වෙත යොමු කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එම දියණිය වසර කිහිපයක සිට දේපළ ඉල්ලා කරදර කරන බවත් අදාළ ලිපියේ සඳහන්.

දියණිය විසින් තම ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී ඇයව මෙලෙස ඝාතනය කළ බවත් මව විසින් ලියන ලද ලිපියේ සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මව විසින් ලියන ලද ලිපි පුතා ආරක්ෂා කිරීමේ අරමුණින් ලියන ලද්දක් විය හැකි බවට පොලිසිය සැක පහළ කරනවා.

මියගිය ගුරුවරියගේ පියා කලකට පෙර විදුලි සැර වැදී මියගොස් ඇති අතර, ඇය මව සහ වැඩිමහල් සහෝදරයා සමඟ එම නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, පවුල තුළ දේපොළ පිළිබඳ ආරවුල් නිතර ඇතිව තිබෙනවා.

මීට මාස හයකට පමණ පෙර පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පවුලේ සාමාජිකයන් පොලිසියට කැඳවා පරීක්ෂණයක්ද පවත්වා ඇති බව පොලිසිය පවසනවා.

පදිංචි නිවස උගස් තබා තිබූ අතර නිවස සින්නවීමට යාමේදී ගුරුවරිය විසින් එය බේරාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මව විසින් නිවස තාවකාලිකව දියණියට පවරා දී තිබේ.

මියගිය ගුරුවරියගේ සහෝදරයා ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ දින රාත්‍රියේ තමා මිතුරන් සමඟ අවන්හලක සාදයකට සහභාගී වී, මත්පැන් පානය කර පැමිණ නිවස ඉදිරිපිට තම කඩයේ නිදාගත් බවයි

පසුව අලුයම දෙකට පමණ අවදි වී ආප්ප සඳහා පිටි සූදානම් කරමින් සිටියදී සහෝදරිය ලේ ගලමින් සාලයේ වැටී සිටි බව දුටු බවයි පොලිසියට පවසා ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සැකකාරිය වන මව තවමත් කඹුරුපිටිය මූලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබනවා.

ඝාතනයට ලක්වූයේ කඹුරුපිටිය, ප්‍රින්ස්, මාතර පාර, අංක 130 හි පදිංචි තරුණියක්.

ඇය දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළා.

ඇය දරුවන්ගේ අධ්‍යාපනික සුභසිද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් දැරුවා.

මිය ගිය තරුණ ගුරුවරිය සිය නිවස ඉදිරිපිට ගොඩනැගිල්ලේ උපකාරක පන්ති පවත්වාගෙන ගිය අතර, නවීන තාක්ෂණය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමයෙන්ද දිවයිනේ දහස් ගණන් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වා තිබෙනවා.

ජනවාරි 31 වැනිදා අලුයම 3.05ට පමණ කඹුරුපිටිය පොලිසියේ හදිසි ඇමතුම් අංකයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් කඹුරුපිටිය විදුලි බල මණ්ඩලය ඉදිරිපිට නිවසක කාන්තාවන් දෙදෙනෙකු වැටී සිටින බව දන්වා තිබෙනවා.

මේ වන විටත් පොලිසිය සැක කරන්නේ පවුල් ආරවුලක් දුරදිග ගොස් ඇති වූ බහින් බස් වීමක් මත මෙම අපරාධය සිදුකර තිබෙන බවයි.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Copied

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports