කොලිවුඩ් සිනමාව ජයගත් ලංකාවේ අපේ කෙල්ල ස්වප්නා පාදුක්ක

මේ ඉන්නේ ස්වප්නා පාදුක්ක, ඇය මේ වනවිට ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තයත් අතික්‍රමණය කල රංගන ශිල්පිනියක්…! ඉන්දියාව කියන්නේ සිනමා ක්‍ෂේස්ත්‍රයේ ලොකුම බලවතෙක් කියන්න අමුතුවෙන් කතා ඕනි..

මේ ඉන්නේ ස්වප්නා පාදුක්ක,
ඇය මේ වනවිට ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තයත් අතික්‍රමණය කල රංගන ශිල්පිනියක්…!

ඉන්දියාව කියන්නේ සිනමා ක්‍ෂේස්ත්‍රයේ ලොකුම බලවතෙක් කියන්න අමුතුවෙන් කතා ඕනි නෑනේ…

ඉතිං ඇය කොලිවුස් සිනමාවෙන් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය නිලියක් බවට පත්වෙමින් සිටිනවා.

මේ ඇය ගැන නව යුගය මගින් පෙරකල කතාබහක්…

උපුටා ගැනීමයි,

මේ දවස්වල ස්වර්ණවාහිනී නාලිකාවෙ විකාශයවන “පාරදිගේ” ටෙලිනාට්‍ය හරහා කලා ලොවට පායපු අලුත්ම තරුකාව තමයි සප්නා පාදුක්ක කියන්නෙ. ඇය පාරදිගේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් යෙදෙන මානවීගේ චරිතෙ මේ දවස්වල බෙහෙවින් ජනප්‍රිය නිසාම ඇයත් සමඟ අපි කෙටි පිළිසදරක් කලා.

1. ස්වප්නා කොහොමද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?

කලාවට සම්බන්ධ වුනේ නම් ස්වර්ණවාහිණි නාලිකාවෙන්. ස්වර්ණ වර්ණ අවුරුදු කුමාරි වැඩසටහන හරහා.

2. ඔබ ප්‍රථමයෙන්ම රඟපාන්නෙත් ටෙලිනාට්‍යය ලොවේ පෙරලියක් කරපු සද්ධාමංගලලා, ශිවගුරුනාදන් වගේ නිර්මාණකරුවන්ගෙ ටෙලිනාට්‍යයක. මොකද හිතන්නෙ ඒ ගැන ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් ⁣දෙනෙක් මේ චරිතයට අයදුම් කරලා තිබුනා. ඒ අය අතරින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ශිවගුරුනාදන් සහ තිරපිටපත් රචක සද්දාමංගල සූරියබණ්ඩාරයන් විසින් මාව තමයි මේ චරිතයට තෝරගත්තෙ. මම ඒකට ඔවුන්ට වගේම ස්වර්ණවාහිනී නාලිකාවටත් ස්තූති වන්ත වෙනවා.

3. මානවී ගැන මොකද හිතන්නෙ ? ඔබ ඇත්ත ජීවිතෙත් මානවී වගේ චරිත ලක්ෂණ තියන කෙනෙක්ද ?

නැහැ මානවියි මායි චරිත දෙකක්. එක වගේ නෑ පොඩ්ඩක්වත්

4. ඔබ රංගනය හදාරනවද ?

දැනට නැහැ. නමුත් ඉදිරියෙදි රංගනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
5. මේ වෙද්දී ඔබ කරලා තියන වැඩ ගැන සදහන් කලොත් ?

මේ වෙද්දි ටෙලිනාට්‍යයකට කියලානම් කලේ පාරදිගේ විතරයි. රූපවාහිනි වෙළද දැන්වීම් නම් රැසකට මම දායක වෙලා තියනවා.
6. ඉදිරියෙදි ඔබ කුමන ආකාරයේ චරිතද රඟපාන්න කැමති ?

මට ගැලපෙන, රඟපාන්න පුළුවන් විදිහෙ ඕනම චරිතයක් බාරගන්නවා.

7. කොහොමද ප්‍රවීන රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ?

ඇත්තටම ප්‍රවීන ශිල්පීන්ගෙන් හොද සහයෝගයක් ලැබෙනවා. අපි අලුත් කියලා කිසිම අඩු තක්සේරුවක් නැහැ. අපිත් එක්ක හොදින් කතා කරනවා වගේම දන්නැති දේවල් ඔවුන් අපට කියලා දෙනවා.

8. ඔබේ ගෙදර අයගෙන් ලැබෙන සහෝයගය කොහොමද කලා කටයුතුවලට ?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි. ඔවුන් තමයි මගේ හැමදේටම ඉන්නෙ. රූගතකිරීම් වලට යනකොටත් අම්මා මගෙත් එක්ක එනවා. මගේ වැඩකටයුතු සාර්ථක කරගන්න ඔවුන්ගෙන් හොද සහයෝගයක් මට ලැබෙනවා.

9. ප්‍රේක්ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ ඔබට ?

ඔව් මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් හොද ප්‍රතිචාර ලැබෙනවා. මගතොට්දි හම්බෙන ගොඩක් අය මගෙන් අහනවා පාරදිගේ ටෙලිනාට්‍යයේ මානවී ඔයා නේද කියලා. ගොඩක් දෙනා මගේ රංගන ජීවිතයට සුබ පැතුම් එක්කරලා හොද ප්‍රතිචාර ලබා දෙනවා.

10. දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට වගේම සරාගී සුන්දර ගිණිසිළුවක් විදිහට තරුණයින් ඔබව හදුන්වනවා කියලා ආරංචියි ?

(සිනාසෙමින්) ගොඩක් පිරිමි ළමයින්ගෙන් එහෙම ප්‍රතිචාර තියනවා ඉතින්. ඒ ඔවුන් මට දක්වන ආදරය කියලා මම හිතන්නෙ.

11. ඔබේ සිරුර ලස්සනට හැඩකරගන්න කරන දේවලුත් ප්‍රේක්ෂකයන්ට කියමු ?

කෘතිම දේවල් කරන්නෙ නැහැ මම. ගොඩක්ම ස්වභාවික දේවල් කරලා තමයි සිරුර පැහැපත්ව තියාගන්නෙ.

12. ඔබ අනුගමනය කරන ඇදුම් විලාසිතා නිසාත් ඔබේ සිරුරේ ලස්සන කැපී පේනවා නේද ?

මම කැමතියි අනිත් අය අදින්නෙ නැති වෙනස් ඇඳුම් විලාසිතා කරන්න. ඒකට මගේම විදිහක් මම හදාගෙන තියනවා.

13. කලාවෙ ඔබ පටනගත්තු මේ ගමන මොනවගේ ඉලක්ක සපුරගෙනද ඔබ යෑමට බලාපොරොත්තු වෙන්නෙ ?

ඇත්තටම මම කැමතියි රංගනය ගැන තව ඉගෙන ගන්න. දැනට මම කරන චරිතවලට වැඩිය වෙනස් බැරෑරුම් චරිත රඟපාලා රංගනය ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන දක්ෂ රංගන ශිල්පිනියක් වෙනඑක තමයි මගේ බලාපොරොත්තුව.

උපුටාගැනීම අවසන්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports