අවුරුදු 7කට පස්සේ මේ ජනවාරියේ වාර්තා තියලා අපේ රට සංචාරකයින්ගෙන් පිරී ගිහින්…

මෙතෙක් ඉතිහාසයේ දෙවැනි වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ. ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ..

මෙතෙක් ඉතිහාසයේ දෙවැනි වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.

ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761කි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, 2018 ජනවාරි මසයෙන් පසුව මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ බවයි.

2018 වසරේ දෙසැම්බර් මාසයේ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 253,169 කි.

කෙසේ වෙතත් පසුගිය වසරවල ජනවාරි මාසය සලකා බැලීමේදී මේ වසරේ ජනවාරි මාසයේ පැමිණි ඇති සංචාරකයින් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් පැමිණ තිබුණේ, 238,924ක් වන අතර අතර 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253 කි.

මේ වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි .

එම සංඛ්‍යාව 43,375කි.

ඉන් පසු පිළිවලින් රුසියාව, එංගලන්තය, චීනය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙරටට සංචාරකයින් පැමිණ ඇති බව සභාපතිවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ, එක් සංචාරකයෙක් මෙරටදී දිනකට රුපියල් 40,000ක් පමණ වියදම් කර ඇති බවයි.

පැමිණ ඇති සංචාරකයින්ට ප්‍රමාණවත් ලෙස හෝටල් කාමර ඇති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports