මේ කතාව ඇහුවොත් ඇග කිරිපොලා යනවා. ඇගේ දියණිය සියල්ල හෙලිකරයි.

සිද්ධිය පසුගිය දිනවල බොහෝ දෙනෙක් කම්පාවට පත් කරපු පුවතක් වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය වූ අවස්ථාවේ ඇගේ දියණියන් දුටු සාක්ෂි ගැන කතාවක්.. “තාත්තා..

සිද්ධිය පසුගිය දිනවල බොහෝ දෙනෙක් කම්පාවට පත් කරපු පුවතක් වුණා..

මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය වූ අවස්ථාවේ ඇගේ දියණියන් දුටු සාක්ෂි ගැන කතාවක්..

“තාත්තා හොරෙන්ම රෑ වෙලා අපේ ගෙදරට ඇවිත් ගියා කියලා දැන ගත්ත හින්දා අපේ ගෙදර හිටිය අම්මයි මමයි නංගියි මහත්තයාගේ නංගීයි මගේ අවුරුදු 3 හමාරක් වූ දරුවයි අපි ඔක්කොම කාමරවල නැතුව සාලෙට ගිහින් නිදා ගත්තා. ඒත් රෑ එකහමාරට විතර ගෙදර ජනේලයක් කඩාගෙන තාත්තා අපි නිදාගෙන හිටිය තැනට ආවා. ඇවිත් අම්මව ඇදලා අරන් එයාගේ අතේ තිබුණු පිහියෙන් අම්මට ඇනගෙන ඇනගෙන ගියා. මම අම්මා බේරගන්න එයා බදා ගත්තා. එතකොට තාත්තා මටත් පිහියෙන් ඇන්නා..” යැයි දියණියගේ නිවසේ නිදා සිටි බිරිඳ පිහිවලින් කපා කොටා හිසට ගලක් අතහැර දමා මැරූ සිද්ධියේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ දී මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය වන සඳුනි භාග්‍යා රුවන්පතිරණ ප්‍රකාශ කළා..

සිද්ධියෙන් මියගොස් තිබුණේ ගයනි දිල්රුක්ෂි කුමාරි නමැති 40 හැවිරිදි තිදරු මවක්… නාවලපිටිය දොලොස්බාග මාර්ගයේ සෙම්රොක් ප්‍රදේශයේ නිවසක දී මෙම සිද්ධිය සිදුවී තිබුණා..

ඇය හා සැමියා වන එරන්ද රුවන්පතිරණ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටියත් පවුල් ආරවුලක් මත මාස තුනක් මොවුන් වෙන්ව සිටි බව මෙහිදී අනාවරණය වුණා…

තවදුරටත් කරුණු දැක්වූ සාක්ෂිකාරිය මෙසේ පැවසුවා..

“අටට විතර තාත්තා හොරෙන් අපේ ගෙදරට ඇවිත් බිත්තියට මුවා වෙලා ඉන්නවා මම දැක්කා. මගේ මහත්තයා කොළඹ වැඩට ගිහින් හිටියේ. මේ නිසා අපි පොලිසියේ 119 ට කතා කරලා අපි ගෑනු පමණයි ගෙදර ඉන්නේ කවුද ඇවිත් ඉන්නවා කිව්වා…

පොලිසිය නවයට විතර අපේ ගෙදරට ආවා.. ඊට ඉස්සර වෙලා රෑ හතයි තිහට විතර අපට අඩි ශබ්දයක් ඇසුණා.. අපි ඔක්කොම එළියට ගිහින් ටෝච් ගහලා බැලුවා.. ඒත් කවුරුවත් හිටියේ නෑ.. අපි මේ ගැනත් පොලිසියට කිව්වා.. පොලිසියත් වටපිට හොඳට බලලා කවුරුවත් නැති නිසා ආපහු යන්න ගියා..

රෑ එකහමාරට විතර ඇවිත් තාත්තා අම්මට පිහියෙන් අනිනකොට එයා ළඟ හිටපු මගේ මහත්තයාගේ අවුරුදු 16ක් වූ නංගි කුස්සියට ගිහින් සොරඬියක් ගෙනත් තාත්තාගේ ඔළුවට ගැහුවා.. එතකොට එයා මේ නංගිගේ පස්සේ පැන්නුවා.. එයා කුස්සියේ දොරෙන් එළියට දිව්වා. එතකොට මම මගේ අඬ අඬා හිටියා දුව වඩා ගත්තා.. එතකොට අම්මා නැගිටලා ගෙයින් එළියට දිව්වා.. තාත්තා එයා පස්සේ පැන්නුවා. අම්මා ගේ වටින් ඇවිත් කුස්සියේ දොර වහගත්න බැලුවත් බැරිවුණා.. එයා අම්මගේ කොණ්ඩෙන් අල්ලාගෙන ආයෙත් පිහියෙන් අනින්න පටන් ගත්තා.. එතකොට එයා ගෙනාව පිහිය කැඩුණා..“

මෙහිදී සාක්ෂි දුන් මියගිය අයගේ 15 හැවිරිදි බාල දියණිය මෙසේ පැවසුවා..

“තාත්ත අපේ කුස්සියට ගිහින් තව පිහියක් ගෙනාවා.. ඒකෙන් එයා අම්මව තව කැපුවා.. අම්මා එළියට ගියත් බිම වැටුණා.. එතකොට බලු කූඩුව ළඟ තිබුණු ලොකු ගලක් අරන් අම්මගෙ ඔළුවට අත ඇරියා..

අපි දුවලා ගිහින් අහල පහළ අයට මේ ගැන කිවුවා.. කඩේ අයටත් කිව්වා.. ඒත් කවුරුවත් ආවේ නෑ.. පස්සේ තාත්තා ආව ත්‍රීවීලර් එකෙන් යනවා දැක්කා. එයා එතන හිටිය අයට කිවුවා ගෑනි මැරුවා වගේ තොපිත් මරනවා කියලා.. මම දැන් පොලිසියට යන්නේ කියලා එයා ගියා..

පොලිසියට භාර වූ මෙම පුද්ගලයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමා බිරිඳ සමග සමථයකට ඒමට හිතාගෙන දුවගේ ගෙදරට ගියත් ඇය තව කෙනකු එක්ක දුරකථනයෙන් කතා කර කර හිටපු නිසා කේන්තිට පියෙන් ඇන්න බවයි.. බිරිඳගේ අනියම් සම්බන්ධයක් නිසා තමා අමනාපෙන් සිටි බව ද මොහු ප්‍රකාශ කර ඇත.. මොහුගේ ප්‍රකාශ සාවද්‍ය බව ද අනාවරණය වී තිබෙනවා..

මෙම පුද්ගලයා පළමු වරට 4 වැනිදා රාත්‍රී 8.30 ට පමණ එම නිවසට පැමිණි අවස්ථාවේ හසු වීම නිසා නැවත මඟ නවතා තිබූ ත්‍රිරෝද රියෙන් නාවලපිටිය නගරයට ගොස් මත්පැන් පානය කර යළි අලුයම එකයි තිහට පමණ මෙසේ එම නිවසට ගොස් මෙම අපරාධය සිදුකොට ඇති බව ද අනාවරණය වී තිබෙනවා..

මෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණය නාවලපිටිය මහෙස්ත්‍රාත් ලසන්ජී රත්නායක මෙනවිය විසින් පවත්වන ලදී. එහිදී අධිකරණ වෛද්‍ය සුසන්ත හේරත් මහතා ද පැමිණ සිටියා..

පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයි. එල්. රත්නායක විසින් පවත්වා තිබුණා..

ඇගේ සිරුරේ ඇනුම් හා කැපුම් තුවාල සියයක් පමණ නිරීක්ෂණය වී ඇත. එම පිහි පහරවල්වලින් මොළය කොටස් පවා කැපීගොස් තිබූ බව අනාවරණය වී තිබුණා..

හිසට කළුගලක් අතහැරීම නිසා මුහුණ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර, කැපුම් තුවාල හා අධික රුධිර වහනයෙන් මෙම මරණය සිදුව ඇති බව නිගමනය කර තිබුණා..

මෙම සැකකරු යුද හමුදාවේ විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයකු බව ද හෙළි වී තිබුණා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports