‘ මගේ ජීවිතේ මුල් තැන මගේ දරු පවුල’ රටක් ආදරේ කරන මංජුලා කියන කතාව

පසුගිය මාසේ රිදී රැයක් එකේ මංජුලා කුමාරි ‘ඕලු’ විදියට සුරාජ් මාපා එක්ක ස්ටේජ් එකේ රඟනකොට ඈ එක්ක කතාබහකට සෙට් වුණා නම් හොඳයි කියලා හිතුණා. හිතුණා..

පසුගිය මාසේ රිදී රැයක් එකේ මංජුලා කුමාරි ‘ඕලු’ විදියට සුරාජ් මාපා එක්ක ස්ටේජ් එකේ රඟනකොට ඈ එක්ක කතාබහකට සෙට් වුණා නම් හොඳයි කියලා හිතුණා.

හිතුණා වාගෙම ඇයට කතා කළත් වෙලාවක් ගන්න බැරිවුණා.

මංජුලා ඒ තරම් බිසී වෙලාද?

ජනවාරියෙ තුන්වැනි සුමානෙවත් ඇයව සම්බන්ධ කරගන්න බැරිව ගියා කියමුකො. අන්තිම වතාවෙත් ට්‍රයි කරලා බලනවා කියලා හිතලා ජනවාරි 28 වැනිදා කතා කරලා බැලුවා. ඔන්න එය විදියට තමයි මංජුලාව හාට් එකට සෙට් කරගත්තේ.

පසුගිය දවස්වල මංජුලා බිසී වෙලා හිටියද?
ඔව්නේ. ටිකක් විතර බිසී වෙලා හිටියා කිව්වොත් හරි.

මොනවද ඒ අලුත් ටෙලිඩ්‍රාමා ටික. අපිටත් කියන්නකො?
ටෙලිවලට සූටිං ගිහිල්ලා නෙවෙයි බිසී වුණේ. පසුගිය දවස්වල රට ඉඳලා ආපු යාළුවො කට්ටියක් එක්ක ලංකාව පුරාම ඇවිදින්න ගියා. අන්තිමටම ගියේ අනුරාධපුරේ.

ඔය කලබල අස්සේ ෂූටිංවලට ගියේ කොහොමද?
ෂූටිංවලට නම් දැන් කොහොමත් යැවෙනවා අඩුයි. ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලියට විතරයි ඉඳහිටක වාගේ ෂූටිංවලට යන්නේ එන්නේ.

ඒ කියන්නේ රඟපෑම සීමා කරලද?
සීමා කරලා කියන්නත් බැහැ. හරියටම කියනවා නම් දැන් ටෙලිඩ්‍රාමා බාරගන්නේ නැහැ.

රඟපෑම්වලින් සමුඅරගෙනද, සමුඅරගෙන කියන්නේ ?
මෙගා ටෙලි කලාවත් එක්ක ෂූටිංවලට කාලය වෙන්කරගන්න අමාරුයි. මොකද කියනවා නම් බබාලව මගෙන් ඈත් කරවන්න මම හරිම අකැමැතියි.

හැම දේටම වඩා පවුල කියන තැන ෆස්ට්. එහෙමයිනේ…?
අනිවාර්යයෙන්ම ඒක එහෙමමයි. මේ දවස්වල මගේ ජීවිතේ වැඩි කොටසක් ගෙවෙන්නේ බබාලගේ වැඩත් එක්කයි.

ටෙලිවලට එන ආරාධනා කිහිපයක්ම රිජෙක්ට් කළා කියලයි ආරංචිය?
ඔව්. එහෙම කරන්න වුණා. මෙගා ටෙලි දිගට යන නිසා නිතරම වගේ ෂූටිංවලට කාලය වෙන්කරන්න අමාරුයි. බබාලගේ සහ ගෙදර වැඩත් එක්ක.

හිතට දුක නැද්ද ටෙලිඩ්‍රාමා රිජෙක්ට් කරනකොට?
දුකයි. ඒත් මොනවා කරන්නද? මගේ ජීවිතේ මුල් තැන සහ මං ආසම මගේ සතුටුම තැන මගේ දරු පවුල.

‘රිදී රැයක්’ ෂෝ එකේ මංජුලා ඕලු ගැන මතකය ආයෙම අලුත් කළා?
ඕලුගේ මතකය අලුත් කරන්න දෙයක් නෑ. ප්‍රේක්ෂකයන්ට තවමත් ඕලුව අමතක නැහැ. අදටත් කොහෙකදී හරි මාව දැක්කම ඒ කවුරුත් ‘අන්න මංජුලා කුමාරි යනවා’ කියලා කියන්නේ නැහැ. හැමෝම ආදරෙන් ළඟට දුවගෙන එන්නේ කෑගහන්නේ ‘අන්න අන්න ඕලු යනවා’ කියලයි. කඩපිලක වුණත් වෙන කොතැනක වුණත් මං ගැන යමක් කතාකරනවා නම් ඒ හැමෝම මාව හඳුන්වන්නේ ‘ඕලු’ කියන නමිනුයි.
ඒ හින්දමයි රිදී රැයක් එකට මාවයි සුරාජ්වයි දාලා ‘ඕලු’ චරිතය හයිලයිට් කෙරෙව්වේ. මමත් හරි ආසාවෙන් ඒකට ඉදිරිපත් වුණේ. ඕලු අඳින ඩේ‍රස් එකත් මට ඕනෙ විදියට නිර්මාණය කළේ මමයි.

ප්‍රතිචාරය සැරට තිබුණා කියලයි ආරංචිය?
ඔව්. හැමෝම ඒ ගැන කතාබහ කරන බව ආරංචියි.

හස්බන්ඩ්ට ජෙලස් නැද්ද ඔබ සුරාජ් එක්ක තවමත් ඕලුට රඟපානකොට?
නැහැ. එයා එහෙමම නැහැ.

සැකසහිතයි උත්තරේ. ඔයාටත් අවිශ්වාසයි ජෙලස්ද නැද්ද කියලා?
අනේ මන්දා. එහෙම ජෙලසි එකක් නැතුව ඇති කියලා හිතනවා.

ටෙලි රංගනයෙන් ඈත්වෙලා හැමදාමත් ඉන්නද කල්පනාව?
යූටියුබ් චැනල් එකක් කරන්නයි ප්ලෑන් කරන් ඉන්නේ.

ඒකට නම දාන්නෙත් ඕලු කියලද?
ඔව්. එහෙමයි හිතන් ඉන්නේ. ඒක මගේ ලකී නේම් එක. නම් දෙකක් හිතේ තියාගෙන ඉන්නේ. ‘ඕලු මංජුලා’ එහෙම නැත්නම් ‘ඕලු ශ්‍රී’

ඒවයින් එකක් වෙයි. බලුම එදාට.
චැට් ෂෝවලටත් එන එක හුඟක් අඩුයි දැන්?
ඔව්. නිතර එන්නේ නැහැ. හිතුණම එනවා. හැම වෙලේම එහෙම එන්න ඕනෙ කියලත් නැහැනේ. විශේෂයක් තිබුණොත් එනවා.

ටෙලි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයෙනුත් මංජුලා ඈත්වුණා?
ඔව්. කාලෙකින් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නවත් නිෂ්පාදනය කරන්නවත් බැරිවුණා. ඉස්සරහට බලමු. කාලයත් එක්ක අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සිද්ධ වේවි සමහර විට.

මල්මී කෞෂල්‍යා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports