සැබෑ නොවන බොලිවුඩ් මංගල හින

බොලිවුඩය කියන්නේ ජෝඩු විලාසිතාව අතිශයින්ම ජනප්‍රිය සිනමා තෝතැන්නක්. අද ඊයෙකත් නෙවෙයි, මීට දශක ගණනක් කලින් ඉඳලම ඒ ෆැෂන් එක නිසා බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරු කෝටි ප්‍රකෝටි..

බොලිවුඩය කියන්නේ ජෝඩු විලාසිතාව අතිශයින්ම ජනප්‍රිය සිනමා තෝතැන්නක්. අද ඊයෙකත් නෙවෙයි, මීට දශක ගණනක් කලින් ඉඳලම ඒ ෆැෂන් එක නිසා බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරු කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හරිහම්බ කළා. බොලිවුඩය විතරක් නෙවෙයි, කොලිවුඩය පුරාද ජෝඩු විලාසිතාව ජනප්‍රියව තිබුණා. සමස්තයක්ව ගත්තොත් වැඩිපුරම එහි මේනියාව තිබුණේ බොලිවුඩයටයි. Sri Lanka Latest News

අමිතාබ්-රේඛා කියන්නේ 70 දශකය පුරා උණුසුමක් ඇතිකළ ෆැෂන් එකක්. ඒ ෆැෂන් එක මොන තරම් හිට් වුණාද කිව්වොත් ඒ දෙන්නා දෙමහල්ලෝ අතර තද අනියම් සබඳතාවක්ද ඇතිවුණා. ඒ සම්බන්ධය හින්දාමද මන්දා ඒ දෙන්නා රඟපාන සිනමා පට කෝටි ප්‍රකෝටි ගණන් හරිහම්බ කළා. ජයා බච්චන්ටත් බච්චන් මැඳුරටත් අමිතාබ්-රේඛා අනියම් පෙම ව්‍යසනයක් වුණාට ප්‍රේක්ෂකයෝ වැඩිහරියක් බලාගෙන හිටියේ බයිස්කෝප්වල ඉතාම හැඟීම්බරව පෙම් කරන මේ ජෝඩුව කවදාද ඇත්තටම කසාද බඳින්නේ කියලයි. ඒත් ඒක කවදාවත් සිද්ධ වුණේ නැහැ. කවදාවත් සිද්ධ වෙන්නෙත් නැහැ. මොකද කියනවා නම් දැන් අමිතාබ්ට වයස අවුරුදු 83යි. රේඛාට 70යි. ඒ දෙන්නා කොයි තරම් තැන්පත් වයසක හිටියත් අදටත් බච්චන් මැඳුරේ අමිතාබ්-රේඛා හුටපටය ගැන පොඩි පොඩි ගිනි පුපුරු පත්තු වෙනවා. ප්‍රේක්ෂකයෝ වුණත් ඒ දෙන්නාගේ පරණ පෙම ගැන රසැති ඕපාදූප අහන්න ආසයි.

ෂාරුක්-කාජල් ජෝඩු විලාසිතාව කියන්නෙත් උතුරු ඉන්දීය සිනමාව පුරා රසවත් කතන්දර මැවූ සොඳුරු සංගදියක්. චිත්‍රපට නිෂ්පාදකවරු ඒ රසවත් සංගදිය කෝටි ගණන්වලට අලෙවි කෙරුවා. ප්‍රේක්ෂකයෝ හැමදාමත් හීන මැව්වේ ඒ දෙන්නා ඇත්ටම කසාද බඳිනවා නම් කොයි තරම් ෂෝක්දැයි කියලයි.
ෂාරුක්-කාජල් අතරත් අනියම් පෙමක් හීනියට වාගේ තිබුණද?

නැහැ. ෂාරුක් කියන්නේ හොඳ පවුල් ජීවිතයක් තිබුණු මහත්මා ගති තිබුණු සුපිරි නළු තරුවක්. හැබැයි අජේ දේව්ගන් කාජල්ට ‘නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්’ ගානට තද බැරියර් එකක් දැම්මා. ෂාරුක් එක්ක රඟන්න එපා කියලා. එතැනින් ඔන්න ඒ දෙන්නගේ බයිස්කෝප් කසාදෙට තිත වැටුණා.

සල්මන් ඛානුයි අයිෂ්වර්යයි කියන්නේ හින්දි තිරය අතිශයින්ම වර්ණවත් කළ ඊස්ට්මන් වර්ණ ජෝඩු ෆැෂන් එකක්. ඒ ෆැෂන් එක කොයි තරම් උණුසුම් වුණාද කියනවා නම් දෙන්නා අවුරුද්දක් හමාරක් ලිවින් ටුගෙදර් ස්ටයිල් එකට පවුල් කෑවා කියන කටකතාවත් ඉන්දියාවේ ප්‍රසද්ධයි. කොහොමත් එතැනදිත් ප්‍රේක්ෂකයෝ හරිම ප්‍රීතියෙන් ඇඟිලි ගැන්නා සල්මන්-අයිෂ් කසාදයක් කරගෙන එක වහලක් යටට වෙනකල්.

ඔය වගේ ජෝඩු විලාසිතාවල පෙම් හීන ඉන්දියානු ප්‍රේක්ෂකයන් අතර තව බොහොමයක් තිබුණා. ඒ අතර අක්ෂේ කුමාර්-ශිල්පා ෂෙට්ටි, අක්ෂේ කුමාර් -රවීනා තන්ඩන් 90 දශකය පුරාම පාට පාට හීන අහුරක් රසික හිත්වල මවලා තිබුණා.

රිතික් රෝෂන්, කරීනා කපූර්ව විවාහ කරගනී කියන උන්මාදයෙන් හිටපු රසික පිරිසක් බිහිවුණේ 2001 කබි කුෂි කබි ගම් ෆිල්ම් එකෙන් පස්සෙයි. ඒ සිනමා ප්‍රේමයත් ටිකක් තදට ගිහින් තිබුණා. හැම නිළියටම පෙම් කරන්න හීන මවන රිතික්ගේ නැහැදුණු ගතිය නොවුණා නම් කරීනා-සයිෆ් වෙනුවට කසාද බඳින්න තිබුණේ රිතික්ව කියන රසවත් ඕපාදූපය ඒ දවස්වල බොලිවුඩය පුරා පැතිර තිබුණා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports